අවිශ්කගේ 22 වන උපන් දිනයට අමතක නොවන තෑග්ගක්

102

COVID-19 වෛරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සහ සිය 22 වැනි උපන් දිනය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ගම්පහ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ රැසක් අද (05) දිනයේ දී බෙදා දී තිබේ. 

මාස්ටර් බ්ලාස්ටර්ත් COVID-19ට එරෙහිව සවියක් වෙයි

COVID-19 වෛරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක….

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් කිහිපයක් සඳහා වියළි සලාක බෙදා දීමට අවිශ්ක තීරණය කරන ලදි. ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ අවට ප්‍රජාවගේ සවිය ඇතිව එම කටයුත්ත සාර්ථකව සිදු කිරීමට හැකියාව ලැබී ඇත. 

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම ගෙවී ගිය දින කිහිපය පුරාවට ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් විවිධ වූ සහන ලබා දීමේ වැඩසටහන් සඳහා සිය දායකත්වය දක්වා තිබුනි. ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජනතාව දැනුවත් කරමින් “නිවසටම වී ආරක්ෂිතව ඉන්න” යන පණිවුඩය ජනතාව අතරට රැගෙන යාම සඳහා ද විශාල දායකත්වයක් දක්වන ලදි. 

කොරෝනා වෛරසය යනු දැවැන්ත ප්‍රතිවාදියෙකි. එහෙත් කලබල විය යුතු නැත. අප කළ යුත්තේ නිවසේ රැඳී සිටිමින් රජයේ, සෞඛ්‍ය නිලධාරීන්ගේ සහ ආරක්ෂක අංශවල උපදෙස්  පිළිපදිමින් තැන්පත්ව සිටීමය. ඉවසමු, නිවසට වී ආරක්ෂිතව සිටිමු! 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<