පාකිස්තාන කණ්ඩායම හමුවේ සිම්බාබ්වේ අසරණ වෙයි

194
Getty Images

සංචාරක පකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (16) බුලවායෝහිදී පැවැත්විය. ඉතා විශිෂ්ට මට්ටමේ දස්කම් රැසක් ප්‍රදර්ශනය කළ තරගයක් බවට මෙය පත්විය.

උස්මාන් සහ හසන්  සුසංයෝගය සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 194කට සීමා කළ අතර එම ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී පහසුවෙන් ලබා ගන්නට පාකිස්තාන ප්‍රබල ඉදිරිපෙළ පිතිකරුවන් සමත් විය. ඒ අනුව තරගාවලියේ 2-0ක් ලෙස තව දුරටත්  ඉදිරිය ලබා ගන්නට පාකිස්තානය සමත් විය.

ගේල්ගෙන් සුපිරි පන්දු රැකීමක්; ශූරතාවය වැන්කුවර් නයිට්ස්ට

සති කිහිපයක් පුරාවට පැවැත්වුණු ග්ලෝබල් කැනඩා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (16) අලුයම අවසන් වූයේ…..

පෙර තරගයේ දී මෙන් මෙවර ද කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා දිනා ගත් අතර ගියවර මෙන් නොව ඔහු මෙවර ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා තීරණය කළේය.

කෙසේ වෙතත් ඔහුගේ එම තීරණය අසාර්ථක තීරණයක් බවට පත්වන්නේ උස්මාන් සමඟින් හසන් සිම්බාබ්වේ කණ්ඩායම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවට දවා ගැනීම නිසාය.

සිම්බාබ්බේ ආරම්භක පිතිකරු යුගලයම ඉතාම ඉක්මනින් ක්‍රීඩාගාරය වෙත යැවීමට පකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක උස්මාන් ඛාන් සමත් විය. නමුත් තෙවන කඩුල්ල සඳහා නායක මසකඩ්සා සමඟින් මුසකන්ඩා අගනා ලකුණු 62ක සබඳතාවක් ඇති කර ගත්තේය.

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් නායක මසකඩ්සා ලකුණු 57ක් වාර්තා කිරීමට සමත් විය. මුසකන්ඩා පන්දු 34ක දී ලකුණු 24කට දැවී ගියේය. ඉන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායමේ ඉතිරි කඩුලු සියල්ලම ඉතා ඉක්මනින් දැවී ගියේ ය. කෙසේ වෙතත් හුදකලා සටනක නිරත වූ පී. ජේ. මුවර් පන්දු 86ක දී ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් පන්දුවාර 49යි පන්දු 2ක දී ලකුණු 194කට දැවී ගියේය. එහි දී පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ උස්මාන් ඛාන් පන්දුවාර දහයක් යවා නිලකුණු පන්දුවාරයක් ද සමඟින් ලකුණු 36ක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගත්තේය. හසන් අලී ද පන්දුවාර 8යි පන්දු 2ක් යවා නිලකුණු පන්දු වාරයක් ද සමඟින් ලකුණු 32ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගත්තේය.

හතුරුසිංහට, චන්දිමාල්ට හා ගුරුසිංහට තරග හයක් තහනම්

ස්වාධීන අධිකරණ නිලධාරි ගරු මයිකල් බෙලොෆ් මහතා අද (16) ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට, පුහුණුකරු චන්දික හතුරුසිංහට හා කළමනාකරු……

194ක පහසු ඉලක්කයක් ද සමඟින් පිටියට පිවිසි පාකිස්තාන ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවන් වන ඉමාම් උල් හක් සහ ෆකාර් සාමන් අග්‍රගණ්‍ය ආරම්භයක් පාකිස්තානයට ලබා දුන්නේය. ඒ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 119ක සබඳතාවක් පිහිටුවාලීම මගිනි.

පාකිස්තානයේ දැවී ගිය එකම කඩුල්ල බවට පත් වූයේ ඉමාම් උල් හක්ගේ කඩුල්ල වූ අතර එය දුවද්දී දැවී යාමකි. ඔහු දැවී යන විට ලකුණු 44ක් ලබා සිටියේය. ගියවර තරගයේ විශිෂ්ට ඉනිමත් සමඟින් ඇති වූ විශ්වාසයෙන් පිටියට පිවිසි ෆකාර් සාමන් ඉතා විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් විය. පිටිය පුරා එල්ල වූ හතරේ පහරවල් 16කින් එම ඉනිම වර්ණවත් විය. මිනිත්තු 144ක් තුල දී පන්දු 129ක් පමණක් වැය කරමින් සාමන් ලකුණු 117ක් රැස් කළේය. නොදැවී බාබර් අසාම් ද ලකුණු 29ක් ලබාගත් අතර පන්දුවාර 36ක් අවසානයේ තම ඉලක්කය පසුකර යන්නට පාකිස්තානය සමත් විය. තරගය ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරන්නට පාකිස්තානය සමත්වූ අතර ඔවුන් තරගාවලිය තවදුරටත් තරග දෙකට බිඳුවක් ලෙස ඉදිරියෙන් පසුවන්නේය.

තරගයේ වීරයා –  ෆකාර්  සාමන්

  • සිම්බාබ්වේ  194 (මසකඩ්සා 59, මුවර්  50, උස්මාන් 4-36 , හසන් 3-32)
  • පාකිස්තානය  195/1 (සාමන් 117*, ඉමාම් 44)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<