විස්ඩන් නම් කළ 2000 දශකයේ ටෙස්ට් කණ්ඩායමට ලංකාවෙන් දෙන්නෙක්

136

විස්ඩන් ක්‍රිකට් විසින් සතිපතා ඉදිරිපත් කරන podcast හි විශේෂ කතාංගයක දී Wisden cricket monthly හි ප්‍රධාන කර්තෘ ෆිල් වෝකර්, කර්තෘ ජෝන් ස්ටර්න් සහ wisden.com වෙබ් අඩවියේ කළමනාකාර කර්තෘ බෙන් ගාඩ්නර් 2000 දශකයේ ටෙස්ට් කණ්ඩායම තෝරා ගැනීම සඳහා යස් රානා සමඟ එක් විය.

බොහෝ විවාදවලින් පසුව, එම මණ්ඩලය 2000 දශකයේ ටෙස්ට් කණ්ඩායම ලෙස පහත ක්‍රීඩකයන් තෝරාගැනීමට තීරණය කළේය.

ආන්දෝලනාත්මක ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නවතී

මේ සඳහා 2000 ජනවාරි 1 සිට 2009 දෙසැම්බර් 31 දක්වා සංඛ්‍යාලේඛන සලකා බලා තිබේ. 

නම් කළ මෙම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුලත්ව ඇත. ඒ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර හා ලොව විශිෂ්ටතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ය.

කෙසේ වෙතත් මෙම කණ්ඩායමට කිසිදු එංගලන්ත ක්‍රීඩකයෙකු හෝ නවසීලන්ත ක්‍රීඩකයෙකු ඇතුළත් නොවීම විශේෂත්වයකි.

Wisden විසින් නම් කළ 2000 දශකයේ ටෙස්ට් කණ්ඩායම 

ග්‍රැහැම් ස්මිත් (නායක) – දකුණු අප්‍රිකාව

  • ටෙස්ට් තරග 79
  • ලකුණු 6451
  • ලකුණු සාමාන්‍ය 49.62
  • වැඩිම ලකුණු 277
  • ශතක 18

ෆිල් වෝකර්: ග්‍රේම් ස්මිත් දශකයේ වඩාත්ම බලගතු චරිතය වුනා. මම ඔහු බැලීමට උදෑසනම ක්‍රීඩාංගණයට යනවා කියන එක ඒකෙන් කියන්නේ නෑ. ඒත් ඔහු ඒ දශකයේ ප්‍රබලයෙක් බව පිළිගන්න වෙනවා. 

විරේන්ද්‍ර ශෙවාග් – ඉන්දියාව

  • ටෙස්ට් තරග 72
  • ලකුණු 6248
  • ලකුණු සාමාන්‍ය 52.50
  • වැඩිම ලකුණු 319
  • ශතක 17

බෙන් ගාර්ඩ්නර්: ශෙවාග් ආරම්භක පිතිකරුවෙක් විදිහට ලොකු වගකීමක් ඉටු කළේ නෑ. නමුත් ප්‍රහාරාත්මක ආරම්භක ක්‍රීඩකයෙකු සොයා ගැනීමට උත්සාහ කරන විට හොඳම තෝරාගැනීම ඔහු. 

ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් නම් ඔබ කතා කරන්නේ ශෙවාග් ගැන. ඩේවිඩ් වෝනර් හැරුණු විට ඔහු මෙන් වෙනත් කිසිවෙකුට ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරණයක් නැවත ප්‍රතිනිර්මාණය කිරීමට නොහැකි වුනා. ඊටත් වඩා ආකර්ෂණීය දෙය නම් ඔහු ඔහුගේ සාමාන්‍ය ක්‍රීඩාව වෙනස් නොකිරීමයි.

රාහුල් ඩ්‍රාවිඩ් – ඉන්දියාව

  • ටෙස්ට් තරග 103
  • ලකුණු 8558
  • ලකුණු සාමාන්‍ය 54.85
  • වැඩිම ලකුණු 270
  • ශතක 22

ජෝන් ස්ටර්න්: ඔහු මේ දශකය තුළ තම රටෙන් බැහැරව හොඳින්ම ක්‍රීඩා කළ ප්‍රමුඛතම පිතිකරු. ඔහුගේ ලකුණු 5000ක් වාර්තා කළේ ඉනිම් 56ක දී. ඔහුගේ අනෙක් සංඛ්‍යා අමතක කරන්න. එය මට ප්‍රමාණවත්. බෙන් සඳහන් කර ඇති පරිදි, ඔබට ඔහුව කණ්ඩායමට අවශ්‍ය නම්, අංක 3 පිතිකරුවාට සුදුසුම ඔහු. 

රිකී පොන්ටිං – ඕස්ට්‍රේලියාව

  • ටෙස්ට් තරග 107
  • ලකුණු 9458
  • ලකුණු සාමාන්‍ය 58.38
  • වැඩිම ලකුණු 257
  • ශතක 32

ෆිල් වෝකර්: පොන්ටිං එම දශකයේ පිතිකරුවා වුනා. 2010/11 තරගමාලාවේ එංගලන්තයට එරෙහිව ඔහු එතරම් සාර්ථකත්වයට පත් නොවුනත් එය අපි මේ දශකයට ගන්නේ නෑ. මේ කාලය පුරාම මම හිතන්නේ ඔහු තමයි සම්පූර්ණම ක්‍රීඩකයා, ඇත්තටම.

ජැක් කලීස් – දකුණු අප්‍රිකාව

  • ටෙස්ට් තරග 101
  • ලකුණු 8630
  • ලකුණු සාමාන්‍ය 58.70
  • වැඩිම ලකුණු 189*
  • ශතක 27

කඩුලු 205, කඩුලු සාමාන්‍ය 32, කඩුලු 5 බැගින් ලබා ගත් අවස්ථා 4, කඩුලු 10 බැගින් ලබා ගත් අවස්ථා 0, ඉනිමක හොඳම පන්දු යැවීම 54/6

බෙන් ගාර්ඩ්නර්: ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඔහු ක්‍රීඩා කළ පහරක් හෝ එල්ල කළ පන්දුවක් මතක තබා ගැනීම දුෂ්කර වුවත් සංඛ්‍යාත්මකව ගත්විට ඔහු ගොඩක් ඉදිරියෙන් ඉන්නේ.

කුමාර් සංගක්කාර – ශ්‍රී ලංකාව

  • ටෙස්ට් තරග 88
  • ලකුණු 7549
  • ලකුණු සාමාන්‍ය 55.10
  • වැඩිම ලකුණු 287
  • ශතක 21

ෆිල් වෝකර්: ඔහු හොබාර්ට් හිදී 192ක් වාර්තා කළා. මම ඒ දෙස බලා සිටියා. මම ඒ සියල්ල නැරඹුවා. එය මා මෙතෙක් දැක ඇති මගේ ප්‍රියතම ඉනිම කිහිපයෙන් එකක්. ඔවුන් [ශ්‍රී ලංකාව] 480ක් හෝ ඒ හා සමාන ගණනක් පසුපස හඹා ගියා. 

සංගක්කාර තමයි ඒ ඉනිමේ කොඳුනාරටිය වුනේ. ඒක පුද්ගල සංදර්ශනයක් වගේ. විශේෂයෙන් ප්‍රබල ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව. සංගක්කාරට ආදේශකයක් සොයාගන්න නෑ. 

ඇඩම් ගිල්ක්‍රිස්ට් (කඩුලු රකින ක්‍රීඩක) – ඕස්ට්‍රේලියාව

  • ටෙස්ට් තරග
  • ටෙස්ට් තරග 91
  • ලකුණු 5130
  • ලකුණු සාමාන්‍ය 46.63
  • වැඩිම ලකුණු 204*
  • ශතක 16
  • ස්ටම්ප් කිරීම් 35 
  • උඩපන්දු 362

ෆිල් වෝකර්: ගිල්ක්‍රිස්ට්ගේ සංඛ්‍යා දිහා බලන විට පෙනේවි ඔහු පරම්පරාවකට පහල වෙන ක්‍රීඩකයෙක් බව. ඒ ගැන සඳහන් කරන්න අවශ්‍ය නෑ. 

ශේන් වෝන් – ඕස්ට්‍රේලියාව

  • ටෙස්ට් තරග 65
  • කඩුලු 357
  • කඩුලු සාමාන්‍ය 25.17
  • කඩුලු 5 බැගින් ලබා ගත් අවස්ථා 24
  • කඩුලු 10 බැගින් ලබා ගත් අවස්ථා 10
  • ඉනිමක හොඳම පන්දු යැවීම 94/7

යස් රානා: දඟපන්දු යවන්නන්? ඒක ඇහෙන විටත් මතක් වෙන්නේ ශේන් වෝන් හා මුරලි. ඒ ගැන කතා කරන්න අවශ්‍ය නෑ. 

ශොයිබ් අක්තාර් – පාකිස්තානය

  • ටෙස්ට් තරග 35
  • කඩුලු 144
  • කඩුලු සාමාන්‍ය 22.21
  • කඩුලු 5 බැගින් ලබා ගත් අවස්ථා 11 
  • කඩුලු 10 බැගින් ලබා ගත් අවස්ථා 2
  • ඉනිමක හොඳම පන්දු යැවීම 11/6

ජෝන් ස්ටර්න්: මම මේ කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට ඉඩ දෙනවා. ශොයිබ් තමයි මගේ මිනිහා. කඩුලු 144ක් සාමාන්‍ය 22කින්. එයින් කඩුලු 69ක් සාමාන්‍ය 20ක් සහිතව පාකිස්තානයේ දී හා මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල දී. 

විශේෂයෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව සාමාන්‍ය 22කට කඩුලු 20ක්. එය ඉතා තරගකාරී තෝරාගැනීමක්. පැහැදිලිවම ඒ තීරණය අවහිර කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඔහු මත වේගපන්දුව රඳා පවතීවි. ප්‍රබල පන්දු යවන්නෙක්. 

මුත්තයියා මුරලිදරන් – ශ්‍රී ලංකාව

  • ටෙස්ට් තරග 84
  • කඩුලු 565
  • කඩුලු සාමාන්‍ය 20.97
  • කඩුලු 5 බැගින් ලබා ගත් අවස්ථා 49
  • කඩුලු 10 බැගින් ලබා ගත් අවස්ථා 20 
  • ඉනිමක හොඳම පන්දු යැවීම 51/9

ෆිල් වෝකර්: ඔහුගේ සංඛ්‍යාවන් අසමසමයි. එක් පැත්තක මුරලි ඉන්නවා. අනෙක් සියලු පන්දු යවන්නන් ඉන්නේ ඊට පස්සේ. බලන්න කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථා 49ක්. ඒ සටහනේ දෙවන තැන ඉන්නෙ හර්බජාන් සිං. ඔහුගේ කඩුලු 5 සංඛ්‍යාව 23ක්. හිතාගන්න පුළුවන් නේ වෙනස. 

ග්ලෙන් මැක්ග්‍රාත් – ඕස්ට්‍රේලියාව

  • ටෙස්ට් තරග 66
  • කඩුලු 297
  • කඩුලු සාමාන්‍ය 20.53
  • කඩුලු 5 බැගින් ලබා ගත් අවස්ථා 14
  • කඩුලු 10 බැගින් ලබා ගත් අවස්ථා 2 
  • ඉනිමක හොඳම පන්දු යැවීම 24/8

බෙන් ගාර්ඩ්නර්: ග්ලෙන් මැක්ග්‍රාත් තමයි පන්දු යැවීම ආරම්භ කරන්න ඕන. විශාල කඩුලු සංඛ්‍යාවක්, බිහිසුණු සාමාන්‍ය අගයක්. ඔහුට පුළුවන් එකම තැනට දවසෙම වුනත් පන්දු යවන්න. 

>> විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<