Covid හමුවේ වෙනස් විය යුතු ක්‍රිකට් අනාගතය ගැන ICC කියයි

91

වසංගතයක් ලෙස පැතිර යන Covid-19 වයිරස තත්වය නිසා ඉදිරියේ දී පැවැත්වෙන ක්‍රිකට් තරගවල දී අත්විය හැකි සෞඛ්‍යමය අවදානම අවම කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් විවිධ ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ.

ඉදිකිරීමට යෝජිත නව ක්‍රිකට් පිටියට කිසිදු ජනතා මුදලක් නැහැ

සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා මධ්‍යස්ථ නොවන තරග නිලධාරීන්,

COVID-19 හා සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම සඳහා කැඳවන ලද සම්මන්ත්‍රණයේ දී අනිල් කුම්බ්ලේ ICC ක්‍රිකට් කමිටුවේ මුලසුන හෙඹවිය. එහි දී නිර්දේශ වූ කරුණු කාරනා ජුනි මස මුල දී අනුමැතිය සඳහා ICC ප්‍රධාන විධායක කමිටුවට ඉදිරිපත් කරනු ඇත.

තරග පන්දුව

ඛේටය හරහා වයිරසය සම්ප්‍රේෂණය වීමට තිබෙන අවදානම පිළිබඳව අවධානය යොමු කරමින් පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතය සම්පූර්ණ ලෙසම තහනම් කිරීමට නිර්දේශ කිරීමට ICC ක්‍රිකට් කමිටුව ඒකමතිකව එකඟ වූ බව එහි සභාපති පීටර් හාර්කෝට් මහතා පැවසීය.

එසේම දහඩිය හරහා වයිරසය සම්ප්‍රේෂණය වීමට බොහෝ දුරට ඉඩක් නොමැති බවත්, පන්දුව ඔප දැමීම සඳහා දහඩිය භාවිතා කිරීම තහනම් කිරීමේ අවශ්‍යතාවක් දැනට නොමැති බවත්, ක්‍රීඩා පිටියේ හා අවට වැඩි දියුණු කළ සනීපාරක්ෂක ක්‍රියාමාර්ග නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස නිර්දේශ කරන බවත් ICC වෛද්‍ය උපදෙස් කමිටුව සඳහන් කළේය.

ජාත්‍යන්තර තරගවල දී සහය දක්වන විනිසුරුවරුන් ලබා ගැනීම

ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා තරග නිලධාරීන් පත් කිරීමේ දී වර්තමානය සඳහා අදාළ වන රෙගුලාසි කිහිපයක් පහත දැක්වේ. 

වසංගත තත්වය නිසාවෙන් දේශසීමා වසා දැමීම, සීමිත වාණිජ ගුවන් ගමන් සහ අනිවාර්ය නිරෝධායන කාල සීමාවන් සහිත ජාත්‍යන්තර තරග සංචාරවල ඇති අභියෝග සැලකිල්ලට ගනිමින් ICC ක්‍රිකට් කමිටුව නිර්දේශ කළේ කෙටි කාලීනව එම රටේ තරග නිලධාරීන් පත් කරන ලෙසයි.

පුංචි ශ්‍රී ලංකාවේ ලොකු ක්‍රිකට්වලට තවත් ක්‍රීඩාංගණයක්

ඉහළ පෙළේ දේශීය ක්‍රිකට් විනිසුරුවරුන්, ජාත්‍යන්තර කමිටු ක්‍රිකට් විනිසුරුවන් සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරුවන් හරහා මෙම පත්වීම් අඛණ්ඩව සිදු කෙරේ. රට තුළ ඉහළ පෙළේ (Elite) තරග නිලධාරීන් නොමැති නම්, දේශීය මට්ටමේ සිටින හොඳම ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලය පත් කරනු ලැබේ.

එසේම ක්‍රිකට් තාක්ෂණය භාවිතය තව තවත් වැඩි කරමින් එක් එක තරග රටාවන් තුල එක් ඉනිමක් සඳහා ලබා දෙන විනිසුරු තීරණ නැවත පරික්ෂා කිරීමේ අවස්ථාවන් (DRS) තවත් එක් අවස්ථාවක් වැඩි කරන ලෙස ICC ක්‍රිකට් කමිටුව යෝජනා කර තිබෙන අතර එම යෝජනාව ද අනුමැතිය සඳහා ICC ප්‍රධාන විධායක කමිටුවට ඉදිරිපත් කරනු ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<