දේශීය ක්‍රිකට් බිමේ වසන්තය මේ සති අන්තයේ ඇරඹේ

302

නොවැම්බර් මස 30 වැනිදා ආරම්භ වන ප්‍රිමියර් ලීග් ‘A’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියත් සමඟ 2018/19 වසර සඳහා වන දේශීය ක්‍රිකට් තරග වාරය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් කර ඇති අතර එම තරගාවලිය පුරා සති 7කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රීඩාංගණ 6ක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇත.

ප්‍රබල තුරුම්පු කිහිපයක් නවසීලන්ත තරගාවලියට සූදානමින්

පසුගිය දා නිමා වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුර ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හට විවිධ සිදුවීම්, විවිධ ආබාධවලට මුහුණ දීමට සිදු වූයේ එංගලන්ත….

2017/18 තරග වාරය සඳහා පැවති ‘A’ කාණ්ඩයේ ප්‍රිමියර් ලීග් තරගාවලිය ජයග්‍රහණය කිරීමට හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සමත් වූ අතර එහි අනුශූරතාවය හිමි වූයේ සිංහල ක්‍රීඩා සමාජයටයි. එවර තරගාවලියේ අවසන් ස්ථානයට පත්වූ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය මෙවර තරගාවලියේ ‘B’ කාණ්ඩය දක්වා පහත වැටී ඇත. තරගාවලියේ ‘B’ කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වූ මීගමුව ක්‍රිකට් සමාජය මෙවර තරගාවලියේ ‘A’ කාණ්ඩය දක්වා උසස් වීමක් ලබාගෙන තිබේ.

A කාණ්ඩය B කාණ්ඩය
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සිංහල ක්‍රීඩා සමාජය
ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රිකට් සමාජය බී. ආර්. සී. ක්‍රීඩා සමාජය
එන්. සී. සී ක්‍රිකට් සමාජය කොල්ට්ස් ක්‍රිකට් සමාජය
රාගම ක්‍රිකට් සමාජය සැරසන්ස් ක්‍රීඩා සමාජය
මුවර්ස් ක්‍රීඩා සමාජය බදුරලිය ක්‍රිකට් සමාජය
ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය කොළඹ ක්‍රිකට් සමාජය

යුද හමුදා ක්‍රීඩා සමාජය

මීගමුව ක්‍රිකට් සමාජය

 

ඒ අනුව ‘A’ කාණ්ඩයේ තරගාවලිය සඳහා කණ්ඩායම් 14ක් සහභාගී වන අතර ඔවුන් කාණ්ඩ දෙකකට බෙදා වෙන්කර ඇත. එක් කණ්ඩායමක් මූලික වටයේ දී මුහුණ දිය යුතු තරග ගණන තරග 6කි. පළමු වටය අවසානයේ අදාළ කාණ්ඩ 2 තුළ ඉහළින්ම සිටින කණ්ඩායම් 04 තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර එම වටයේ තරග පවත්වනු ලබන්නේ සිව්දින තරග ලෙසයි. එහි දී කණ්ඩායම් සියල්ලම එකිනෙක මුණගැසෙන අතර සුපිරි 8 වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම ශූරයින් ලෙස කිරුළු පළඳියි.

ආසියානු නැගීඑන ක්‍රිකට් තරගාවලිය ලබන මස මූලදී

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන තුන්වැනි නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2018 වසරේ දෙසැම්බර් මස 6 සිට 15 දක්වා පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී…

පළමු වටය අවසානයේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වන පහළින්ම සිටින කණ්ඩායම් 06 තරගාවලියේ පළඟ ශූරතාවය සඳහා තරග වදින අතර එහි දී අවසන් ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට මීළඟ වසරේ තරගාවලියේ දී ‘B’ කාණ්ඩය දක්වා පහත බැසීමට සිදුවේ.

මේ තරගාවලියට සමගාමිව පවත්වනු ලබන ප්‍රිමියර් ලීග් ‘B’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද ඒ සඳහා තරග වදිනු ලබන කණ්ඩායම් තවමත් තහවුරු වී නොමැත.

>>තරග කාලසටහන<<  

“මේ වසරේ ඉඳන් A කාණ්ඩයේ අවසන් ස්ථානය දිනා ගන්න කණ්ඩායම හා B කාණ්ඩයේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම අතර තරගයක් පවත්වලා තමයි A කාණ්ඩයට තේරෙන කණ්ඩායම කවුද කියල අපි බලන්නේ” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි අධ්‍යක්ෂක වන සමන්ත දොඩන්වල මහතා ThePapare.com වෙත පැවසීය.

මේ තරගාවලිය ලබන වසරේ පෙබරවාරි 10 වැනිදා අවසන් වූ පසුව අන්තර් ක්‍රිකට් සමාජ සීමිත පන්දුවාර හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර 2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන නිසා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දින කාල වකවානු නිශ්චිතවම ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොහැකිය.

දිනෙන් දින උණුසුම් වන කෙළිබිමේ තොරතුරු, තරග වාර්තා, එසැණ තොරතුරු, වීඩියෝ, ලකුණු සටහන් හා සේයාරූ, ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<