ප්‍රබල කණ්ඩායමක් සත් සාමාජික තරගාවලියෙන් ඉවතට

1386

කොළඹ රග්බි පාපන්දු ක්‍රීඩා සමාජය හෙවත් CR & FC ක්‍රීඩා සමාජය 2018 ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියෙන් ඉවත්වන බව නිවේදනය කර තිබේ.

ඩයලොග් සත් සාමාජික තරගාවලිය එළඹෙන ජුනි දෙවන දා කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වීමට නියමිත අතර ක්‍රීඩකයින් රැසකට ආබාධ සිදුවීම හා තරගාවලිය සඳහා සඅූදානම් වීමට තරම් කාලයක් ඉතිරිව නොතිබීම නිසා ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

CR & FC ඉදිරිපෙළට තවත් ප්‍රබලයින් දෙපළක්

2018/19 ‘Dialog’ රග්බි ලීග් තරග වාරයට පෙර CR & FC කණ්ඩායම තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් එක්කර ගන්නට සමත් වී ඇති අතර….

මෙවර ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය කණ්ඩයම් 16ක් එක්වීමට නියමිතව තිබූ අතර පසුගිය වසරේ දී සත් සාමාජික තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. තරගාවලිය අදියර දෙකකින් පැවැත්වෙන අතර සති අන්ත දෙකක දී එම අදියර දෙක ක්‍රියාත්මක වනු ඇත.

CR & FC ක්‍රීඩා සමාජය මේ වන විට ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියා පිළිවෙතක නිරත වන අතර ඒ අනුව නව ක්‍රීඩකයින් හා නව පුහුණුකරුවන් කණ්ඩායමට එකතු කර ගනිමින් මෙවර තරග වාරයට පෙර කණ්ඩායම සූදානම් කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.

පසුගිය තරග වාරයේ දී CR & FC ක්‍රීඩා සමාජයට සැලකිය යුතු දස්කම් පෙන්වීමට නොහැකිවූ අතර එම නිසා කණ්ඩායම නැවත සුපුරුදු දස්කම් තුලට ගෙන ඒමේ අරමුණින් හිටපු ශ්‍රී ලංකා, යුධ හමුදා හා වත්මන් සාන්ත ජෝසප් විද්‍යාලයේ පුහුණුකරු ලෙස කටයුතු කරන නිල්ෆර් ඉබ්‍රහිම් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් කර තිබේ.

රග්බි ආකෘතිය සංශෝධනය කරන්නට සාකච්ඡා

අවසාන වතාවට අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ආකෘතිය වෙනස් වූයේ 2014 වසරේ දී වූ අතර එම සංශෝධනයේ දී පාසල් රග්බි තරගාවලිය….

මෙවර තරග වාරය සඳහා ප්‍රබල ක්‍රීඩකයින් රැසක් CR & FC කණ්ඩායමට එක්වී ඇති අතර හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ෂෙහාන් ඩයස්, ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් වූ කෙවින් ඩික්සන් හා නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ අදිශ වීරතුංග ඒ අතර වේ.

“අපේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ආබාධ සිදුවී තිබෙනවා, ඒ නිසා අපිට ක්‍රීඩකයින් අනතුරේ දාන්න බෑ, අපි ඩයලොග් සත් සාමාජික තරගාවලියේ පළමු අදියර ක්‍රීඩා කරන්නේ නැහැ.” පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රහිම් මහතා ප්‍රකාශ කළේය.

CR & FC කණ්ඩයම තුල ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයින් රැසක් සිටියි. තරින්ද රත්වත්ත, කවිඳු පෙරේරා, ඔමල්ක ගුණරත්න, රෙහාන් සිල්වා, රීසා රෆයිඩීන් හා අදිශ වීරතුංග ඒ අතර සිටින ක්‍රීඩකයින් වන අතර ඔවුන්ගේ අහිමි වීම තරගාවලියේ තරගකාරී බවට මහත් පාඩුවක් වනු ඇත.

“කොහොම වුනත් අපි දෙවන අදියර ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා, ඒ වන විට අපිට බොහොම හොඳ සූදානමකින් සිටින කණ්ඩායමක් සිටීවි.” කණ්ඩයමේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳ පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රහිම් අදහස් දැක්විය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<