3 සහ 4 වැනි වටයේ දී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිවාදීන්ට හොඳ අභියෝගයක්

1227

2019 ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් ශූරතාවට සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් අද (07) සුපිරි 8 දෙනාගේ වටයේ පළමු තරගයට මුහුණ දුන්නේ පකිස්තානයට එරෙහිවයි. එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවාසනාවන්ත අයුරින් පරාජය වූයේ 3-1ක් ලෙසිනි. 

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ සුපිරි 8

තෙවැනි ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් ශූරතාවයේ තෙවැනි දිනයේ දී (5)…

තරගාවලියේ පළමු වටයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවත්, ඉන්පසුව මියන්මාරය සහ හොංකොං සමඟ පැවති තරග දෙක ජයග්‍රහණය කරමින් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔවුන් සමත් විය.

පාකිස්තාන හමුවේ අද පැවති තරගයේ පළමු වටයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රබල අභියෝගයක් ලබා දෙන්නට පාකිස්තානු ක්‍රීඩකයන් සමත් වූ අතර පළමු වටය ඔවුන් ජයග්‍රහණය කරනු ලැබුවේ ලකුණු 25-17ක් ලෙසයි.

දෙවන වටය ආරම්භයේ දී පටන්ම පාකිස්තානු ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉරියව් හොඳින් අධ්‍යනය කර ඇති ආකාරයක් පෙනුණ නමුත් එම වටයේ මැද භාගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශ කළ සංඛ, ප්‍රතිවාදීන්ට හොඳ අභියෝගයක් එල්ල කරමින් ශ්‍රී ලංකා ලකුණු තත්වය පාකිස්තානය ආසන්නයටම රැගෙන ඒමට සමත් විය. එයට ඔහුගේ වේගවත් ප්‍රහාර මෙන්ම, පන්දු පිරිනැමීම් ද විශාල වශයෙන් දායක විය. නමුත් එම වටයේ ජයග්‍රහණයත් පාකිස්තානය සතු වූයේ 25-20ක් වශයෙනි. 

සත්කාරකයින් හඹා ගිය ශ්‍රී ලංකාවට වටිනා ජයක්

තෙවැනි ආසියානු පිරිමි වයස අවුරුදු 23න් පහළ වොලිබෝල් ශූරතාවයේ දෙවන දිනයේ දී (4)…

පෙර තරග වටවල දී සිදු වූ අඩුපාඩුකම් නිවැරදි කර ගනිමින් සහ ප්‍රතිවාදීන්ව හොඳින් අධ්‍යනය කරමින් තෙවැනි වටයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එම වටයේ දී පාකිස්තානය නොසිතූ අයුරින් පරාජය කිරීමට සමත් විය. එම ජයග්‍රහණයට සංඛගේ සහ පබසරගේ වේගවත් ප්‍රහාර විශාල කාර්ය බාරයක් ඉටු කරන ලදි. එම වටයේ ලකුණු තත්වය සටහන් වී තිබුණේ 25-21ක් වශයෙනි.

තෙවැනි වටයේ ලබා ගත් නොසිතූ ජයග්‍රහණයත් සමඟින් සිව්වැනි වටයක් දක්වා තරගය දික්වූ අතර එම වටයේ ආරම්භයේ පටන් කණ්ඩායම් දෙක අතර කරට කර සටනක් දියත් විය. තරගයේ බොහෝ අවස්ථාවන්වල දී දෙපිලේම ලකුණු සම තත්වයේ පැවතුණු නමුත් අවසානයේ දී පාකිස්තාන ක්‍රීඩකයින් එම තරග වටය ජයග්‍රහණය කළේ ලකුණු 30–28ක් ලෙසයි. 

ශ්‍රී ලංකාව හෙට (08) චීන තායිපේ කණ්ඩායම සමඟින් සුපිරි 8 වටයේ දෙවැනි තරගය සඳහා මුහුණ දෙනු ඇත. තරගාවලියේ සියලු විස්තර සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<