මිශාරගේ සවියත් සමඟින් ශ්‍රී ලංකා යෞවනයෝ එක්දින තරගාවලිය ජය ගනී

1125

නිල නොවන යොවුන් එක්දින තරගාවලියේ ශූරයන් කවුරුන් ද යන්න තේරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙන්ම බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට ද අතිශය තීරණාත්මක වූ අවසන් එක්දින තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 19ක ජයක් වාර්තා කළ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට අද (09) සමත් විය.

රොහාන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

අයහපත් කාලගුණය හේතුවෙන් සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ…

කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 206ක ඉලක්කයක් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම හමුවේ තැබීමට සමත්වූ නමුත්, 20 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුව යැවීමත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා පැමිණියේය.

වර්ෂාව හරස් වූ කාලය අනුව පන්දුවාර 13ක් අඩු කරමින් ඇරඹි මෙම තරගයේ දී ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 37ක දී ලකුණු 184ක් ලබා ගත යුතු වුවත්, 21 වැනි පන්දුවාරයේ දී නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයින් කවුරුන් ද යන්න තේරීමේ දී භාවිතා කරනු ලබන ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එම අවස්ථාවේ දී තරගය ජය ගැනීමට නම් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම දැවී ගිය කඩුලු සංඛ්‍යාවට අනුව ලකුණු 99ක් ලබා ගත යුතුව තිබුනත් ඔවුන් ඒ වන විටත් රැස් කර තිබුණේ ලකුණු 80ක් පමණි.

ශ්‍රී ලංකා නාමය ඉදිරියේ ලකුණු 19ක ජයක් සටහන් වද්දී අශාන් ඩැනියෙල් ලකුණු 21කට කඩුලු 2ක් ද, රොහාන් සංජය සහ නවීන් ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් ද දවාගෙන පන්දු යැවීමෙන් කැපී පෙනුණි.

බංග්ලාදේශ හඹා යෑමේ පළමු කඩුල්ල ලෙසින් ටැන්සිඩ් හසන් (05) මුළු ලකුණු සංඛ්‍යාව 07ක්ව තිබිය දී දැවී ගිය ද 10 වැනි පන්දුවාරය වන විටත් ලකුණු 5ක දල වේගයක් රඳවා තබා ගනිමින් පන්දුවට පහර දීමට බංග්ලාදේශ යොවුන් පිතිකරුවන් සමත් වූහ. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 50ක්ව සටහන්ව තිබිය දී පර්වේස් හොසේන් (16) රොහාන් සංජය විසින් ද නායක ටවුහිඩ් රිඩෝයිගේ (06) කඩුල්ල අශාන් ඩැනියල් විසින් ද දවා ගැනීමට සමත්වීමත් සමඟ එතෙක් ශ්‍රී ලංකාවට තිබූ හිසරදය නිමාවට පත්විය. බංග්ලාදේශ යොවුන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත්වූයේ හසන් ජෝයි වන අතර නවීන්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට පන්දු 28ක දී ලකුණු 21ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා පිතිකරුවන් නිසාවෙන් හේරත්ට අමිහිරි සමුගැනීමක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දිනයක් ඉතිරිව නිමා වූ ශ්‍රී ලංකා – එංගලන්ත…

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක ටවුහිඩ් රිඩෝයිගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් අතරින් සාර්ථකම පිතිකරුවා බවට පත්වූ ආරම්භක පිතිකරු කමිල් මිශාර ලකුණු 83ක් රැස් කළේය. නැන්ගුරම් ලූ ආකාරයෙන් පන්දුවට පහර දුන් මිශාරට ශතකයක් කරා යෑමට පහසුම අවස්ථාවක් තිබුණ ද අනවශ්‍ය අන්දමින් කඩුලු අතර දිව යෑමට ගොස් එම අවස්ථාව අහිමි කරගත්තේය. එම ඉනිමේ දී මිශාර කෙතරම් ආරක්ෂා වූවාද කිවහොත් මුහුණ දුන් පන්දු 135 දී එල්ල කර තිබුණේ හතරේ පහර 2ක් පමණි.

මෙතෙක් පැවති තරගවල දී සාර්ථකම පිතිකරුවා බවට පත්වූ අනෙක් ආරම්භක පිතිකරු නවෝද් පරණවිතානට අද දිනයේ රැස් කරගත හැකි වූයේ ලකුණු 12ක් පමණි. පළමු කඩුල්ල වෙනුවෙන් මිශාර සමඟ ලකුණු 32ක් රැස් කරන නවෝද් දැවී යන්නේ ද කඩුලු අතර දිව යෑමට ගොසිනි. අනතුරුව මිශාරට එක්වූ රවිඳු රශාන්ත දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65ක දී ලකුණු 45ක සම්බන්ධතාවක් පත්වමින් ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් පදනමක් එක් කළහ. සජීඩ් හොසේන්ගේ පන්දුවක් හමුවේ නායක රිඩෝයි අතට උඩ පන්දුවක් දීමෙන් රෂාන්තගේ ඉනිම ලකුණු 22ක දී අවසන් විය.

බෝයගොඩ සහ තුලින ශතක රැස් කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ…

අනතුරුව පිටියට පැමිණි නායක නිපුන් ධනංජයට ද රැස් කර ගත හැකි වූයේ ලකුණු 17ක් පමණි. යොවුන් ඉනිමේ සාර්ථකම කඩුලු සම්බන්ධතාව බවට පත්වූයේ කමිල් මිශාර සහ සොනාල් දිනූෂ සමඟ එක්ව ගොඩ නංවන ලද පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාවයයි. පන්දු 77ක් පුරා විහිදුණු එම සම්බන්ධතාවය ලකුණු 55ක් බවට පත්වූ අතර එහි දී දිනූෂගේ දායකත්වය ලකුණු 28 ක් විය. කඩුලු අතර දිව යෑමේ දී වූ අතපසුවීමක් හේතුවෙන් සොනාල් දිනූෂ ද පිටියෙන් ඉවත් විය. ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 7න් 3ක්ම දුවද්දී දැවී යෑම් වශයෙන් සටහන් වීම ද කැපී පෙනුණි.

බංග්ලාදේශ යොවුන් පිලේ වැඩිම කඩුලු ලාභියා වූ සජීඩ් හොසේන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා අවිශ්ක තරිඳු ලකුණු 03කට ද, ස්ලාම්ගේ පන්දුවකට හොසේන් උඩ පන්දුවක් රැක ගැනීම නිසා චමිඳු විජේසිංහ ද දැවී ගියේ සත්කාරකයින් වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්මවාලීමට නොහැකි වූ පිතිකරුවන් බවට පත්වෙමිනි. පසුපෙළින් පැමිණි රවීන්ද සිල්වා පන්දු 11ක දී හතරේ පහර 2ක් ද සමඟ වේගවත් ලකුණු 16ක් ලබමින් නවීන් ප්‍රනාන්දු අතර 8 වැනි කඩුල්ල සඳහා පන්දු 19ක දී නොබිඳුණු  ලකුණු 25ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 50ක දී 205/7 – කමිල් මිශාර 83, නවෝද් පරණවිතාන 12, රවිඳු රශාන්ත 22, නිපුන් ධනංජය 17, සොනාල් දිනූෂ 28, රවීන් ද සිල්වා (නොදැවී) 16, සජිඩ් හොසේන් 39/2, ශොරිෆුල් ස්ලාම් 50/1, ටවුහිඩ් රිඩෝය් 31/1

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 21ක දී 80/4 – හසන් ජෝයි 21, පර්වේස් හොසේන් 16, ශමීම් හොසේන් (නොදැවී) 15, අක්බර් අලී (නොදැවී) 14, අශාන් ඩැනියෙල් 21/2, රොහාන් සංජය 27/1, නවීන් ප්‍රනාන්දු 17/1

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

Sri Lanka U19

204/7

(50 overs)

Result

Ban U19

80/4

(21 overs)

Sri Lanka U19’s Innings

Batting R B
Navod Paranavithana (runout) S Islam 12 35
Kamil Mishara (runout) S Islam 83 135
Ravindu Rasantha c T Hridoy b S Hossain 22 33
Nipun Dananjaya c H Joy b T Hridoy 17 28
Avishka Tharindu b S Hossain 3 6
Sonal Dinusha (runout) S Hossain 28 39
Chamindu Wijesinghe c R Hasan b S Islam 8 7
Raveen de Silva not out 16 11
Naveen Fernando not out 6 18
Extras
10 (lb 1, nb 2, w 7)
Total
204/7 (50 overs)
Fall of Wickets:
1-32 (ND Paranavithana, 11.4 ov), 2-77 (R Rasantha, 22.3 ov), 3-109 (ND Perera, 30.4 ov), 4-115 (A Tharindu, 32.2 ov), 5-170 (K Mishara, 45.1 ov), 6-176 (GS Dinusha, 46.3 ov), 7-180 (C Wijesinghe, 46.5 ov)
Bowling O M R W E
Shoriful Islam 9 0 50 1 5.56
Shamim Hossain 10 2 27 0 2.70
Mittunjoy Chowdhury 7 0 31 0 4.43
Sajid Hossain 10 0 39 2 3.90
Rakibul Hasan 6 0 25 0 4.17
Towhid Hridoy 8 0 31 1 3.88

Ban U19’s Innings

Batting R B
Tanzid Hasan c N Dananjaya b A Daniel 5 6
Hassan Joy c A Tharindu b N Fernando 21 28
Parvez Hossain c N Fernando b R Sanjaya 16 40
Towhid Hridoy c M Premadasa b A Daniel 6 16
Shamim Hossain not out 15 21
Akbar Ali not out 14 15
Extras
3 (b 1, w 2)
Total
80/4 (21 overs)
Fall of Wickets:
1-7 (T Hasan, 1.4 ov), 2-39 (H Joy, 10.3 ov), 3-50 (P Hossain, 14.4 ov), 4-50 (T Hridoy, 15.2 ov)
Bowling O M R W E
Naveen Fernando 6 0 17 1 2.83
Ashan Daniel 7 0 21 2 3.00
Chamindu Wijesinghe 3 0 14 0 4.67
Rohan Sanjaya 5 1 27 1 5.40