SAG යන්නට බැඩ්මින්ටන් සංචිතය පුහුණුවීම් අරඹයි

136
SAG Sri lanka Badminton

එළඹෙන දෙසැම්බර් මස 1 සිට නේපාලයේ දී පැවැත්වීමට නියමිත 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග සඳහා සහභාගී වීමට 48 දෙනෙකුගෙන් යුතු මූලික සංචිතයක් නම් කර ඇත.

කණ්ඩායම් ශූරතාවයත් සමඟින් ශ්‍රී ලංකාව බැඩ්මින්ටන්වලින් ඉදිරියට

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර තලයේ නැවත වතාවක් සුපිරි දක්ෂතා දක්වන්නට..

ක්‍රීඩකයින් 25ක් හා ක්‍රීඩිකාවන් 23 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත්ව තිබෙනවා. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 130 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකවේ ප්‍රමුඛතම බැඩ්මින්ටන් තරුව නිලූක කරුණාරත්නත් මෙවර සංචිතයේ ප්‍රධානතම ක්‍රීඩකයෙක්. සංචිතය කොළඹ බැඩ්මින්ටන් මූලස්ථානයේ දී පුහුණුවීම් කටයුතු සිදු කරන අතර කණ්ඩායමේ කළමනාකරු ලෙස ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ උපසභාපති තිලක් ජයසිරි මහතා කටයුතු කරයි.

බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයේ ආචාර්යවරයෙකු වන ඔහු ඉන්දුනිසීයාවේ ද ආරාධිත පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට පදක්කම් බලාපොරොත්තු ලෙස නිලූක කරුණාරත්න, දිනුක කරුණාරත්න, බුවනෙක ගුණතිලක හා සචින් ඩයස් මෙවර සංචිතයට එකව සිටි.

තිලිණි ප්‍රමෝදිකා, කාවින්දි ඉෂාදිකා හා දිල්මි ඩයස් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුයි.

SAG උළෙල සඳහා තවමත් අවසන් කණ්ඩායම තෝරාගෙන නොමැති අතර එම කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත වනු ඇත. ක්‍රීඩකයින් 10 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම තෝරා ගැනීම සඳහා ජාතික මට්ටමේ තේරීම් තරගාවලි තුනක් ද පැවැත්වෙනු ඇත.

එම තරගාවලි නම් SSC විවෘත තරගාවලිය, ජාතික සේවා විවෘත තරගාවලිය හා ජාතික බැඩ්මින්ටන් ශුරතා තරගාවලියයි.

රිච්මන්ඩ් විද්‍යාලයෙන් පෑයූ බැඩ්මින්ටන් තරුව – බුවනෙක ගුණතිලක

වැඩිපුර කතා බහට ලක්නොවන ක්‍රීඩාවක තරුණ දක්ෂයෙක් සොයාගෙන මම අද ගියේ ශ්‍රී ලංකා..

එම තරගාවලි තුනෙන් පසුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට යන කණ්ඩායම තීරණය කෙරෙනු ඇත. ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානතම අභියෝගය වනුයේ ප්‍රබල ඉන්දියානු කණ්ඩායමයි.  

2016 වසරේ පැවැත්වුණු දකුණු ආසියානු ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාව පදක්කම් අටක් දිනා ගන්නට සමත් විය. ඒ රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් හයක් ලෙසින්.

ශ්‍රී ලංකා පිරිමි බැඩ්මින්ටන් සංචිතය

දිලූක කරුණාරත්න, රත්නශික සසිඳු, මධුක දුලංජන, සචින් ඩයස්, බුවනෙක ගුණතිලක, දිනුක කරුණාරත්න, හංස ද සිල්වා, චිරාන් සුධීර, හසිත චානක. ආර්. පී කුමාර, නිලුක කරුණාරත්න, විරේන් නෙට්ටසිංහ, චමත් ඩයස්, ලෝචන ද සිල්වා, විරාජ් ඉලෙරෙපෙරුමාරච්චි, දුමිඳු අබේවික්‍රම, ආර්. එස් කසුන්, නදුන් පුංචිහේවා, ඔෂධ මදුසංක, ලහිරු වීරසිංහ, තේනුක ද සිල්වා, සවිංක වීරසිංහ, තුලිත් පල්ලියගුරු, අශේන් වීරසිංහ, ඔශ්මික කරුණාරත්න

ශ්‍රී ලංකා කාන්තා බැඩ්මින්ටන් සංචිතය

දිල්මි ඩයස්, හසාරා විජේරත්න, තිලිණි හන්දහේවා, අනුරංගි මහකෝරාළ, මදුෂිකා දිල්රුක්ෂි, අෂිනි ප්‍රනාන්දු, කාවින්දිකා බිනරි, ගායනා පිරිස්, කවින්දි ඉශාදිකා, උපුලි වීරසිංහ, ජනනුවනි අමන්දා, නදීෂා ගයන්ති, හංසනී ජයසිංහ, චම්‍යා නන්දසිරි, අචිනි රත්නසිරි, පංචාලි අධිකාරි, මනුදී මිත්‍රා, ඕෂදී කුරුප්පු, සසුනි විතානගේ, යෙහානි කුරුප්පු, ඓශ්චර්යා රවිචන්ද්‍රන්, චමුදි අබේවික්‍රම

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<