ආනන්ද ක්‍රීඩකයෝ නාලන්දාවෙන් හොකී කුසලානය උඳුරා ගනී

291

17 වැනි වරටත් කොළඹ ආනන්ද විද්‍යාලයත්, කොළඹ නාලන්දා විද්‍යාලයත් අතර පැවති එම්. ඩබ්. කරුණානන්ද කුසලාන මහා හොකී තරගය අද (27) කොළඹ ‘Astro Turf’ හොකී ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම ගෝල 2-0ක් ලෙස තරගය පහසුවෙන් ජයග්‍රහණය කරමිනි.

ජයග්‍රහණ නියඟයට තිත තබන්නට ආනන්ද හොකී කණ්ඩායමට හැකි වෙයි ද?

දිවයිනේ පැරණිතම පාසල් හොකී තරගාවලියක් වන ආනන්ද – නාලන්ද මහා හොකී තරගාවලියේ 17 වන අදියර එළඹෙන ඔක්තෝබර් 27 වැනිදා කොළඹ දී පැවැත්වීමට

ශ්‍රී ලාංකේය පාසල් ඉතිහාසයේ පැරණිතම හොකී මහා තරගය ලෙස සැලකෙන මෙහි මේ දක්වා පවත්වා තිබූ තරගවල වැඩි ගෞරවය හිමිකර ගැනීමට නාලන්දා විද්‍යාලය සමත්ව තිබූ අතර ඒ අනුව ඔවුන් තරග 16න් තරග 11ක ජයග්‍රහණය තම පාසල ඉදිරියේ සටහන් කරගන්නට සමත්ව තිබුණි. අනෙක් පසින් ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම් තරග 4ක් පමණක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබූ අතර තවත් එක් තරගයක් ජය පරාජයකින් තොරව අවසන් වී තිබුණි.

ආරම්භක මිනිත්තු කිහිපය තුළ තරගයේ පාලනය තමන් දෙසට යොමුකර ගන්නට ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම සමත් වුවත් එහි දී කිසිදු ගෝලයක් වාර්තා කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත.

තරගය ඉදිරියට යත්ම නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම තරගයට අවතීර්ණ වූ අතර ඒ අනුව ඔවුන් පන්දුව ආනන්ද විද්‍යාලයීය අන්තය වෙත රැගෙන යමින් ඔවුන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් විය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා මෙතැනින් පිවිසෙන්න <<

තරගයේ පළමු කාර්තුව තුළ ආනන්ද විද්‍යාලයට ‘short corner’ අවස්ථාවන් 1ක් සහ නාලන්දා විද්‍යාලයට එම අවස්ථාවන් 4ක් හිමිවුවත් ඒවා ගෝල බවට පරිවර්තනය කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත. එහි දී විශේෂයෙන් පළමු කාර්තුව නිමා වන්නට ඉතා ආසන්නයේ දී නාලන්දා විද්‍යාලයට අඛණ්ඩව ‘short corner’ අවස්ථාවන් 3ක් හිමිවුවත් ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින් එහි දී දියත් කළ ප්‍රබල ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය හේතුවෙන් ඔවුන්ට එම අවස්ථාවන් සාර්ථක කරගන්නට හැකියාවක් ලැබුණේ නැත.

පළමු කාර්තුව: ආනන්ද විද්‍යාලය 00 – 00 නාලන්දා විද්‍යාලය

දෙවන කාර්තුව ආරම්භයේ දී නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කර ගැනීමේ අරමුණින් සිය සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දියත් කළ නමුත් එහි දී ඔවුන්ට ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් ලබා නොදෙන්නට දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක් දියත් කළ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

අඛණ්ඩව හත්වැනි ජයත් සොයා යන්නට නාලන්දා හොකී කණ්ඩායම සූදානම්

දිවයිනේ පැරණිතම පාසල් හොකී තරගාවලියක් වන ආනන්ද – නාලන්ද මහා හොකී සංග්‍රාමයේ 17 වන අදියර එළඹෙන ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වීමට

කෙසේ නමුත් පසුව සිය ක්‍රීඩා විලාශය වෙනස් කළ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින් නාලන්ද විද්‍යාලයීය අන්තය වෙත රැගෙන යමින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට විය. එහි දී ඔවුන් අවස්ථාවන් කිහිපයක දීම ගෝලයක් වාර්තා කර ගැනීමට ඉතා ආසන්නයට පැමිණියත් ඔවුන් ඒවා සාර්ථකව අවසන් කරගන්නට අපොහොසත් වීමත්, නාලන්දා විද්‍යාලයීය පසුපෙළ ක්‍රීඩකයින්ගේ දක්ෂ ක්‍රීඩා විලාශයත් නිසා එම අවස්ථාවන් ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

දෙවන කාර්තුව: ආනන්ද විද්‍යාලය 00 – 00 නාලන්දා විද්‍යාලය

තෙවන කාර්තුවේ දී තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම තමන් දෙසට යොමු කර ගත් ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින් ප්‍රතිවාදී අන්තයේ පන්දුව රඳවා ගනිමින් නාලන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට සමත් විය.

ඒ අනුව එහි දී ගෝල වාර්තා කර ගැනීමට අවස්ථා කිහිපයක්ම ඔවුන් නිර්මාණය කර ගනු ලැබුවත් ඒවා සාර්ථකව අවසන් කර ගන්නට ඔවුන් සමත් වූයේ නැත. එහි දී නාලන්දා විද්‍යාලයීය ගෝල රකින ක්‍රීඩකයාගේ දක්ෂතා කැපී පෙනෙන්නට වූයේ ඔහු ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින්ගේ පහරවල් කිහිපයක්ම නවතාලමින් ඔවුන්ට ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථාවන් අහුරාලීමට සමත් වීමත් සමඟයි.

තෙවන කාර්තුව අවසන් වන්නට ඉතා ආසන්නයේ දී ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමට එම කාර්තුවේ 4 වන ‘short corner’ අවස්ථාව හිමි වූ අතර එහි දී එල්ල කළ පහරක් නවතාලන්නට නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩකයා සමත් වුවත් එහි දී ඔහුගේ පාදයේ වැදී ඉවතට ඇදී ගිය පන්දුව ලබාගත් ආනන්ද විද්‍යාලයේ පී. එන්. ජයසේකර සාර්ථකව පන්දුව ගෝල රාමුව තුළට යොමු කරමින් සිය කණ්ඩායමට තරගයේ පළමු ගෝලය හිමිකර දෙන්නට සමත් විය.

තෙවන කාර්තුව: ආනන්ද විද්‍යාලය 01 – 00 නාලන්දා විද්‍යාලය

තවදුරටත් සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දියත් කරන්නට සමත් වූ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින්  තරගයේ සිව්වැනි කාර්තුවට ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ එහි දී තවත් ගෝලයක් වාර්තා කර ගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවාගනිමිනි.

කතාන්දර කොතෙක් තිබුණත් දක්ෂතා එසේ නොවේ

ආජන්ටිනාවේ දී පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම

එහි දී හොඳින් පන්දුව හුවමාරු කර ගනිමින් ඉදිරියට රැගෙන ගිය ඔවුන් අවසානයේ එය පළමු ගෝලයේ හිමිකරුවා වූ පී. එන්. ජයසේකර වෙත බාර කළ අතර ඔහු නැවතත් ක්‍රියාත්මක වෙමින් පන්දුව පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරමින් සිය දෙවන ගෝලයට හිමිකම් කියන්නට සමත් විය. ඒ අනුව නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට නම් ගෝල 3ක් ලබා ගැනීමට අවශ්‍යව තිබූ නමුත් ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින්ගේ ප්‍රබල ක්‍රීඩා විලාශය හමුවේ එකඳු ගෝලයක් හෝ වාර්තා කර ගැනීමට ඔවුන්ට අවස්ථාවක් ලැබුණේ නැත.

සම්පූර්ණ කාලය: ආනන්ද විද්‍යාලය 02 – 00 නාලන්දා විද්‍යාලය

ඒ අනුව තරගය පුරාවට ඉතා ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම ගෝල 2-0ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමින් 17 වන ආනන්ද – නාලන්දා මහා හොකී සංග්‍රාමයේ ජයග්‍රහණය හිමි කර ගත්තේ මෙම තරග ඉතිහාසයේ සිය 5 වන ජයග්‍රහණයට හිමිකම් කියමිනි.

ගෝල ලාභීන්

  • ආනන්ද විද්‍යාලය – පී. එන්. ජයසේකර (2)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<

  • ආනන්ද – නාලන්ද හොකී සංග්‍රාමයේ සම්පූර්ණ වීඩියෝව: