2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය ඊයේ (6) සාර්ථකව නිමාවට පත්වුනා. කිමිදුම්, මලල ක්‍රීඩා, බොක්සිං ඇතුළු ඉසව් කිහිපයකම අවසන් තරග කිහිපයක්ම ඊයේ ද පැවැත්වුණා.
මලල ක්‍රීඩා
පිරිමි මීටර් 1500 ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට ඕස්ට්‍රේලියාවේ O. Hoare සමත් වුනා. ඔහු එම ඉසව්වේ දැක්වූ දක්ෂතාවය මිනිත්තු 3:30.12ක්. මෙවර තරග වාරයේ සිට හොඳම දක්ෂතාවය වාර්තා කරමින් කෙන්යාවේ T. Cheruiyot රිදී පදක්කම දිනා ගනිද්දී, ලෝකඩ පදක්කම ස්කොට්ලන්තයේ J. Wightman විසින් දිනා ගත්තා.
මේ අතර නව තරගාවලි වාර්තාවක් සමඟින් පිරිමි මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ හි J. Richards සමත් වුනා. ඔහු ඒ සඳහා වැය කළ කාලය තත්පර 19.80ක්. රිදී පදක්කම එංගලන්තයේ Z. Hughes දිනා ගනිද්දී, ඝානාවේ J. Amoah තුන්වැනි ස්ථානය දිනා ගත්තා.
පිරිමි 100×4 සහය දිවීමේ ඉසව්වත් ඉතා උණුසුම් ඉසව්වක් බවට පත් වුනා. එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ සාන්ත ලුසියා කණ්ඩායමයි. රිදී පදක්කම සිංගප්පූරුව විසින් දිනා ගනිද්දී, ලෝකඩ පදක්කම එංගලන්තය සතු වුනා.

මේ අතර සුපිරි කෙටිදුර ධාවන ශූරී E. Thompson-Herah තවත් තරගාවලි වාර්තාවක් බිඳ දැමුවා. ඒ මීටර් 200 කාන්තා ධාවන ඉසව්වෙනුයි. ඇය එම ඉසව්ව නිමා කිරීමට ගත කළේ තත්පර 22.02ක් පමණයි. නයිජීරියාවේ F. Ofili දෙවැනි ස්ථානය දිනා ගනිද්දී, ලෝකඩ පදක්කමට හිමිකම් කියුවේ නැමීබියාවේ C. Mboma.

ක්‍රිකට් ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග ඊයේ පැවැත්වුණා. එහි දී, සත්කාරක එංගලන්තය පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගයට පිවිසෙන්නට සමත් වුනා.
නියමිත පන්දුවාර 20 අවසානයේ ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස් කර ගත් අතර එම ඉලක්කය හඹා ගිය එංගලන්තයට රැස් කර ගත හැකි වුනේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් පමණයි.

- චනිත්මා සහ වකිල් පලඟ අවසන් සටනට
- CWG 8 වැනි දවසේ හොඳම දක්ෂතා සමඟින් තරගාවලි වාර්තා දෙකක්
- නෙත්මි CWG ඉතිහාසය අලුත් කරද්දී බැඩ්මින්ටන් වලිනුත් ජයග්‍රහණ
- කාලිංග සහ නිලානි 7 වැනි ස්ථානයට
- සාරංගි අවසන් වටයට යද්දී ගයන්තිකා මූලික වටයේ හත්වැනි තැනට
හොකී
පිරිමි හොකී ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරගත් ඊයේ පැවැත්වුණා. ප්‍රබල ඉන්දියාව ගෝල 3-2ක් ලෙස දකුණු අප්‍රිකාව පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසෙන්නට සමත් වුනා.
දෙවැනි අවසන් පූර්ව තරගයේ දී සත්කාරක එංගලන්තය ගෝල 3-2ක් ලෙස පරාජය කරමින් ප්‍රබල ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට පිවිසුණා.
දැල්පන්දු
දැල්පන්දු ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග දෙකත් ඊයේ ඉතා තරගකාරී වුනා. ජැමෙයිකාව ප්‍රබල නවසීලන්තය පරාජය කරමින් රන් පදක්කම් සටනට පිවිසුණා. එම තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 67-51ක් ලෙසයි.
දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයේ දී එංගලන්තය ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වුනා. එම තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 51-60ක් ලෙසයි.
තරගාවලියේ මේ වන විට ලකුණු සටහන දිස්වන්නේ මෙලෙසින්.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<























