T20 ලෝක කුසලානය ගැන ICC අවධානයෙන්

108

පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසා ජාත්‍යන්තර ක්‍රිකට් තරග සියල්ල අවලංගු වීමේ අවදානමක් පවතී. මේ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය 2021 දක්වා කල් දැමීම එක් විකල්පයක් ලෙස සලකා බලා ඇත. 

AFP ඇසුරිනි 

ICC තරගාවලි දෙකකට ශ්‍රී ලංකාව අතවනයි

2023-31 අතර කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගෝලීය ප්‍රමුඛ පෙළේ තරගාවලි දෙකක සත්කාරකත්වය……………….

නමුත් ඒ සම්බන්ධයෙන් ගත හැකි සියලු විකල්ප ගවේෂණය කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පවසා ඇත. ඕස්ට්‍රේලියාවේ දී ඔක්තෝබර් 18 සිට නොවැම්බර් 15 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලිය පවතින ගෝලීය අවදානම් තත්ත්වය හමුවේ කල්දැමීමට හෝ අවලංගු කිරීමට සිදුවන බව එම ආයතනය මීට පෙර නිවේදනය කර තිබුණි. 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට එම තීරණය ගැනීම සඳහා කාලය ඇති අතර ඔවුන් තම කාලසටහනට අනුව කටයුතු කිරීමට සූදානම් වන නමුත් සැලසුම් වෙනස් විය හැකිය.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඉසව් සඳහා වන අපගේ සැලසුම් අපි දිගටම කරගෙන යනවා. එහෙත් විචක්ෂණශීලී හා වගකිවයුතු පියවරක් ලෙස, වේගයෙන් පැතිරෙමින් පවතින තත්වය සැලකිල්ලට ගෙන අපි පුළුල් අවිනිශ්චිත සැලසුම් අභ්‍යාසයක් ද කරමින් සිටිනවා” යනුවෙන් එහි ප්‍රකාශකයෙක් පැවසීය.

“වසංගතයට සම්බන්ධ විවිධ අවස්ථා මත පදනම්ව අපට ලබා ගත හැකි සියලු විකල්ප ගවේෂණය කිරීම මෙයට ඇතුළත්.”

“අපි දිගටම ඕස්ට්‍රේලියානු රජය ඇතුළු විශේෂඥයන් සහ බලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන සුදුසු වේලාවට තීරණ ගන්න බලාපොරොත්තු වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<