එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 7 වැනි දිනය ඊයේ (4) සාර්ථකව අවසන් වුනා.
මලල ක්‍රීඩා, කිමිදුම් හා සවි එසවුම් වැනි ක්‍රීඩා කිහිපයකම අවසන් තරග ඊයේ පැවැත්වුනා.
මලල ක්‍රීඩා
පිරිමි කවපෙත්ත විසි කිරීමේ ඉසව්ව ජය ගැනීමට ඕස්ට්‍රේලියාවේ Matthew Denny සමත් වුනා. සිය හොඳම දක්ෂතාවය ලෙස ඔහු එහි දී මීටර් 67.26ක දුරක් වාර්තා කළා. එම ඉසව්වේ දෙවැනි ස්ථානය එංගලන්තයේ Lawrence Okoye විසින් දිනා ගනිද්දී, තුන්වැනි ස්ථානය ජැමෙයිකාවේ Traves Smikle විසින් දිනා ගත්තා.

සිය හොඳම කාලය වාර්තා කරමින් ඔහු තත්පර 13.08කින් ඉසව්ව නිමා කළා. බාබඩෝස් හි Shane Brathwaite රිදී පදක්කමත් එංගලන්තයේ Andrew Pozzi ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.
පිරිමි දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ බහමාස් හි Laquan Nairn. ඔහු වාර්තා කළ දුර මීටර් 8.08ක්. ඉන්දියාවේ Sreeshankar Sreeshankar රිදී පදක්කම දිනා ගනිද්දී, ලෝකඩ පදක්කම හිමි වුනේ දකුණු අප්‍රිකාවේ Jovan van Vuuren හටයි.


එංගලන්තය හමුවේ නවසීලන්තයත් දරුණු පරාජයකට මුහුණ දුන්නා. පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 71ක් රැස් කළ අතර එංගලන්තයට ලකුණු 72ක ඉලක්කය රැස් කරගන්නට වැය වුනේ කඩුලු 3ක් පමණයි.
මේ වන විට පදක්කම් සටහන දිස්වන්නේ මෙලෙසින්

- පොදුරදමඬුලු ක්‍රීඩා උළෙලේ අපේ පුරාජේරුව
- තිමාලි ශ්‍රී ලංකා වාර්තාවක් තබද්දී දුමිඳු සහ නිලූක ඉදිරි වටයට
- McKeon වාර්තා පිට වාර්තා තැබූ CWG පස්වැනි දිනය
- කෙටිදුර ආධිපත්‍ය Elaine සතු වෙද්දී පිහිනුම් ක්‍රීඩාවෙන් තවත් වාර්තා
- ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අණසක පැතිර වූ CWG 7 වැනි දිනය
පැරා සවි එසවීම
මේ අතර පැරා සවි එසවීමේ ක්‍රීඩාවේ කාන්තා Heavyweight ඉසව්වෙන් ලෝක වාර්තාවක් පිහිටුවන්නට නයිජීරියාවේ Alice Folashade Oluwafemiayo සමත් වුණා. ඇය එහි දී ලබා ගත් ලකුණු ගණන 123.4ක්. ඇයගේ උත්සාහයන් තුන සඳහන් වුනේ 130kgක්, 150kgක් හා 155kgක් ලෙසයි. එම ඉසව්වේ රිදී පදක්කම නයිජීරියාවේම Bose Patricia Omolayo සතු වූ අතර ලෝකඩ පදක්කම ඕස්ට්‍රේලියාවේ Hani Watson විසින් දිනා ගත්තා.

ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<






















