පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 5 වැනි දිනය ඊයේ (3) නිමාවට පත් වුනා. යුපුන් අබේකෝන් සහ පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාව ලෝකඩ සහ රිදි පදක්කම් දිනා දෙද්දී, ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සිය අවසන් මහා තරගවල දී වාර්තා අලුත් කරමින් පදක්කම් ජයග්‍රහණය කරන්නට සමත් වුනා.
පිහිනුම්
නව තරගාවලි වාර්තාවක් සමඟින් පිරිමි 200m Medley ඉසව්ව ජය ගන්නට ස්කොට්ලන්තයේ Duncan Scott සමත් වුනා. ඔහු ඉසව්ව නිමා කිරීමට ගත කළ කාලය මිනිත්තු 1:56.88ක්. එංගලන්තයේ Tom Dean එම ඉසව්වේ රිදී පදක්කමත්, නවසීලන්තයේ Lewis Clareburt එම ඉසව්වේ ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.

මේ අතර කාන්තා මීටර් 400 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ඕස්ට්‍රේලියාවේ Ariarne Titmus සමත් වුනා. ඇය ඒ සඳහා වැය කළ කාලය මිනිත්තු 3:58.06ක් ලෙස දැක්වුණේ නව තරගාවලි වාර්තාවක් ලෙසයි. රිදී පදක්කම කැනඩාවේ Summer McIntosh දිනා ගද්දී ලෝකඩ පදක්කම ඕස්ට්‍රේලියාවේ Kiah Melverton විසින් දිනා ගත්තා.
ප්‍රබල ඕස්ට්‍රේලියාව පරාජය කරමින් එංගලන්ත පිහිනුම් ක්‍රීඩකයෝ පිරිමි මීටර් 100×4 Medley සහය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට සමත් වුනා. ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජිකයින් වූයේ Brodie Paul Williams, James Wilby, James Guy හා Tom Dean. රිදී පදක්කම ඕස්ට්‍රේලියාවත්, ලෝකඩ පදක්කම ස්කොට්ලන්තයත් විසින් දිනා ගත්තා.
මලල ක්‍රීඩා
පිරිමි උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට නවසීලන්තයේ Hamish Kerr සමත් වුනා. ඔහු ඒ සඳහා දැක්වූ දක්ෂතාවය මීටර් 2.25ක්. රිදී පදක්කම ඕස්ට්‍රේලියාවේ Brandon Starc විසින් දිනා ගනිද්දී, ලෝකඩ පදක්කම හිමි වුනේ ඉන්දියාවේ Tejaswin Shankar හටයි.

මෙවර තරග වාරයේ සිය හොඳම කාලයන් වාර්තා කරමින් කෙන්යාවේ Irine Chepet Cheptai හා Sheila Chepkirui Kiprotich රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත්තා.

ක්‍රිකට්
පාකිස්තානය ලකුණු 44කින් පරාජය කරන්නට ඕස්ට්‍රේලියාව සමත් වුනා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව කඩුලු දෙකක් දැවී ලකුණු 160ක් රැස් කළා. පිළිතුරු ඉනිමේ දී පාකිස්තානයට රැස් කර ගැනීම හැකි වුනේ කඩුලු 8ක් දැවී ලකුණු 116ක් පමණයි.
- යුපුන්ගෙන් ලක්මාතාවට ඉතිහාසගත පදක්කමක්
- පාලිතගෙන් ශ්‍රී ලංකාවට පොදුරදමඬුලු රිදී පදක්කමක්
- තිමාලි ශ්‍රී ලංකා වාර්තාවක් තබද්දී දුමිඳු සහ නිලූක ඉදිරි වටයට
- McKeon වාර්තා පිට වාර්තා තැබූ CWG පස්වැනි දිනය
- පොදුරදමඬුලු ක්‍රීඩා උළෙලේ අපේ පුරාජේරුව
ඉන්දියාව හා බාබඩෝස් අතර තරගය ලකුණු 100කින් ජය ගත්තේ ඉන්දියාවයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 4කට ලකුණු 162ක් රැස් කරද්දී, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බාබඩෝස් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ රැස් කරගන්නට හැකි වුනේ ලකුණු 62ක් පමණයි.
බර ඉසිලීම
කාන්තා 87kg+ බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නට එංගලන්තයේ Emily Campbell සමත් වුනා. ඒ පොදුරාජ්‍ය මණ්ඩලීය මෙන්ම නව තරගාවලි වාර්තා ද සමඟයි. Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 124ක්, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 162ක් හා මුළු බර ලෙස කිලෝග්‍රෑම් 286ක් ඔසවමින් ඇය මේ වාර්තා පිහිටුවා තිබුණා.
පිරිමි 109kg+ බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නට පාකිස්තානයේ Muhammad Nooh සමත් වුනා. Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 173ක්, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 232ක් හා මුළු බර 405ක් ඔසවමින් ඔහු තරගාවලි වාර්තාවක් ද පිහිටුවන්නට ඔහු සමත් වුනා.
මේ වන විට පදක්කම් සටහන දිස්වන්නේ මෙලෙසින්

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<























