එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිව්වැනි දිනය ඊයේ (1) නිමාවට පත්වුනා.
සිව්වැනි දිනයේ දී ද මූලික අවධානය පිහිනුම්, බර ඉසිලීමේ, පාපැදි ධාවන තරග ආදී ඉසව්වලට යොමු වුනා. නව තරගාවලි වාර්තා කිහිපයක් ද ඊයේ බිහි වීම විශේෂත්වයක්.
පිහිනුම්
පිරිමි 4x200m නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම ද සමඟින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත් වුනා. ඔවුන් ඒ ඉසව්ව නිමා කිරීම සඳහා ගත කළ කාලය මිනිත්තු 7:04.96ක්. Elijah Winnington, Flynn Southam, Zac Incerti හා Mack Horton ජයග්‍රාහි කණ්ඩායමේ සාමාජිකයින් වුනා.

මේ අතර මීට පෙර කාන්තා මීටර් 100 පසුපසආර ඉසව්වට සහභාගී වෙමින් සිය හොඳම කාලය වාර්තා කළ 19 හැවිරිදි ගංගා සෙනෙවිරත්න අද කාන්තා මීටර් 200 පසුපස ආර ඉසව්වේ මූලික වටයට සහභාගී වුනා. මිනිත්තු 2.26.63ක කාලයකින් ඉසව්ව නිමා කළ ඇය එම ඉසව්වේ මීළඟ වටයට පිවිසෙන්නට සමත් වුනා.
- ඕස්ට්‍රේලියා පිහිනුම් ක්‍රීඩිකාවන්ගෙන් CWG තෙවැනි දිනයේ දී ලෝක වාර්තාවක්!
- ගංගා හොඳම කාලය වාර්තා කර CWG සිව්වැනි දිනය
- ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින්ට සැම්බියාව හමුවේ ඉතිහාසගත ජයක්!
- පොදුරදමඬුලු ක්‍රීඩා උළෙලේ අපේ පුරාජේරුව
- පොදුරදමඬුලු දිනන්නට යන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්
බර ඉසිලීම
බර ඉසිලීමේ ඉසව් කිහිපයකම අවසන් මහා තරග ඊයේ පැවැත්වුණා. එංගලන්ත ක්‍රීඩක Chris Murray පිරිමි 81Kg බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද සමඟිනුයි. මුළු බර ලෙස 325Kg ඔසවමින් ඔහු එම වාර්තාව තැබුවා.

එංගලන්තයේ Sarah Davies කාන්තා 71kg ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. ඇයත් Clean & Jerk, Snatch හා මුළු බර යන අංශ තුනෙන්ම නව තරගාවලි වාර්තා පිහිටුවන්නට සමත් වූ අතර Snatch ක්‍රමයට ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය වාර්තාවක් ද පිහිටුවන්නට සමත් වුනා. Clean & Jerk ක්‍රමයට 126kg, Snatch ක්‍රමයට 103kg හා මුළු බර ලෙස 229kg ඔසවමින් ඇය එම දක්ෂතාවය දැක්වූවා.
බොක්සිං
බොක්සිං ක්‍රීඩාවේ 16 දෙනාගේ වටයේ තරගත් ඊයේ පැවැත්වුණා. 16 දෙනාගේ වටය නියෝජනය කළ ඉශාන් සෙනෙවිරත්න එංගලන්තයේ Kiaran MACDONALD හමුවේ පරාජයට පත් වුනා. ඒ. 48kg-51kg Flyweight ඉසව්වෙනුයි.

තරගාවලියේ මේ වන විට පදක්කම් සටහන දිස්වන්නේ මෙලෙසිනුයි.

එමෙන්ම බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි මලල ක්‍රීඩා තරග ද අද ආරම්භ වන අතර ශ්‍රී ලංකා සුපිරි ධාවක යුපුන් අබේකෝන් ද අද තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.
22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<





















