පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාලසටහන

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

545

එංගලන්තයේ Birmingham හිදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ (Commonwealth Games) කාන්තා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉසව් සඳහා ශ්‍රී ලංකාව ‘B’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතව තිබෙනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පසුගිය දා මැලේසියාවේ දී පැවති තරගාවලියේ දී ලැබූ ජයග්‍රහණයත් සමඟ මෙවර ක්‍රීඩා උළෙල සඳහා වරම් දිනා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වූ අතර ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) අලුයම දිවයිනට පැමිණියා.

සත්කාරක එංගලන්තය, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රතිවාදීන් ලෙස B කාණ්ඩය යටතේ තරග වදිනවා.

කාන්තා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉසව්ව ආරම්භ කරමින් එළඹෙන ජූලි 29 වැනිදා පැවැත්වීමට නියමිත පළමු තරගය සඳහා ක්‍රීඩා කරන්නේ විස්සයි විස්ස ලෝක ශූර ඕස්ට්‍රේලියාව හා අනුශූර ඉන්දීය කාන්තා කණ්ඩායමයි. එදිනම පාකිස්තානය හා බාර්බඩෝස් කණ්ඩායම් අතර තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සත්කාරක එංගලන්තය සිය පළමු තරගය ජූලි 30 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

රටවල් 8ක් සහභාගී වන තරගාවලියේ මූලික වටයේ තරග ජූලි 29 වැනිදා සිට අගෝස්තු 4 වැනිදා දක්වා Birmingham හි Edgbaston ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

තරගාවලියේ අවසන් පූර්ව තරග අගෝස්තු 6 වැනිදා ද, අවසන් මහා තරගය අගෝස්තු 7 වැනිදා ද පැවැත්වීමට නියමිත අතර ලෝකඩ පදක්කම සඳහා වූ තරගයක් ද අගෝස්තු 7 වැනිදා ම පැවැත්වීමට නියමිතයි.

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ වසරේ ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

කාන්තා ක්‍රිකට් තරග කාලසටහන

A කාණ්ඩය:

  • ජුලි 29 – Australia v India
  • ජුලි 29 – Pakistan v Barbados
  • ජුලි 31 – India v Pakistan
  • ජුලි 31 – Barbados v Australia
  • අගෝස්තු 3 – Australia v Pakistan
  • අගෝස්තු 3 – India v Barbados

B කාණ්ඩය:

  • ජුලි 30 – New Zealand v South Africa
  • ජුලි 30 – England v Sri Lanka
  • අගෝස්තු 2 – England v South Africa
  • අගෝස්තු 2 – Sri Lanka v New Zealand:
  • අගෝස්තු 4 – South Africa v Sri Lanka
  • අගෝස්තු 4 – England v New Zealand

අවසන් පූර්ව තරග:

  • අගෝස්තු 6 – පළමු අවසන් පූර්ව තරගය
  • අගෝස්තු 6 – දෙවැනි අවසන් පූර්ව තරගය

තෙවැනි සහ අවසන් මහා තරග:

  • අගෝස්තු 7 – ලෝකඩ පදක්කම සඳහා වන තරගය
  • අගෝස්තු 7 – රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගය

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<