කොළඹ Kings කබලෙන් ලිපට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

4287
Kabir Ali

ලංකා ප්‍රිමියර් ලීගයේ (LPL) කණ්ඩායමක් වන කොළඹ Kings හි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි Kabir Ali හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ThePapare.com වෙත වාර්තා වේ. ඒ නිසාවෙන් ඔහුට තරගාවලිය සඳහා සහභාගී වීමට හැකියාවක් නොමැති බව ඔහු විසින් කොළඹ Kings අයිතිකරුවන් වෙත දැනුම් දී ඇත.

කොළඹ Kings කණ්ඩායමේ අයිතිකරුවන් විසින් ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක Kabir Ali පසුගිය දා තෝරා පත් කර ගත්තේ, ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාගෙන සිටි Dav Whatmore මහතා පුද්ගලික හේතුවක් නිසාවෙන් මෙවර LPL තරගාවලිය සඳහා සහභාගී නොවන නිසාවෙනි.

තවත් ක්‍රිකට් පුවත්

කොළඹ Kings කණ්ඩායමේ ඉහළ පෙළේ නිලධාරියෙක් මේ බව ThePapare.com වෙත තහවුරු කළ අතර Kabir Aliගෙන් හිස්වූ ප්‍රධාන පුහුණුකරු තනතුර වෙනුවෙන් ඉතාමත් ඉක්මනින් පුහුණුකරුවෙක් තෝරාගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ද ඔහු පැවසීය.

හෂාන් තිලකරත්න (මහනුවර Tuskers), තිලිණ කණ්ඩම්බි (යාපනය Stallions), Owais Shah (දඹුල්ල Viiking) සහ Moin Khan (ගාල්ල Gladiators) පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

නොවැම්බර් මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මූලික කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට තරග 23ක් ඇතුළත් වන අතර ඒ සඳහා මූලික වටයේ තරග 20ක්, අවසන් පූර්ව වටයේ තරග 2ක් සහ අවසන් මහා තරගය ඇතුළත්ව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<