එදත් අදත් විපතේ දී පිහිටට ආ හිත හොඳ මුරලි!

84
Gotabaya Rajapaksa Twitter

ලෝක ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ ප්‍රතාපවත් චරිත අතරින් ලොව වැඩිම කඩුලු ගණනක් බිඳ හෙළු පන්දු යවන්නා ලෙස මුත්තයියා මුරලිදරන් හට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. 

තරග බිමේ දී මෙන්ම ඉන් පිටතදීත් මහත්මා ගති ගුණයන්ගෙන් පිරිපුන් මුරලි සමාජ සත්කාරක සේවාවන් හට ඉතාමත් ළැදිකමක් දක්වන පුද්ගලයෙක් බවට නොරහසකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් කොරෝනා මර්දනයට සවියක් වෙයි

නව කොරෝනා (Covid-19) වසංගතය මැඩ පැවැත්වීම වෙනුවෙන් හෝමාගම මූලික ………

ගෝලීය වසංගතයක් බවට පත්වෙමින් ලොව පුරා රටවල් 170කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය මෙරටට ද ඉතාමත් අයහපත් බලපෑම් රැසක් එල්ල කොට තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයට ද දැවැන්ත මරු පහරක් එල්ල කරමිනි. 

මෙරට රජය, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සමඟ එකට අත්වැල් බැඳ ගනිමින් කොරෝනා මර්දනයට ගෙන යන වැඩපිළිවෙළ මේ දක්වා යම් සාර්ථකත්වයක් අත්පත්කොට ගෙන තිබෙන නමුත්  සෑම අංශයක්ම ආවරණය වන පරිදි සහන සහ පහසුකම් සැලසීමේ දී යම් අපහසුතාවන්ට මුහුණ දීමට ඔවුන්ට සිදුව තිබේ. 

එවැනි මොහොතක අදාළ පාර්ශවයන්ට තම උපරිම සහයෝගය ලබා දෙමින් මුත්තයියා මුරලිදරන් රුපියල් ලක්ෂ 50ක මුදලක් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් පරිත්‍යාග කොට තිබෙන්නේ බොහෝ පිරිසකට ආදර්ශයක් බවට පත්වෙමිනි.

“යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ වෙලාවේ දී රජය කිසිම අඩුපාඩුවක් නැතුව සියල්ල අංගසම්පූර්ණව ඉෂ්ට සිද්ධ කරයි කියලා ඇත්තට ඒක ප්‍රායෝගික නැහැයි කියලයි මම හිතන්නේ. ඒ වෙනුවට කළ යුත්තේ ඇති හැකි සියලුම දෙනා එකතු වෙලා පුළුවන් විදියට රජයට සහයෝගය ලබා දෙන එක දැනට මේ ගෙන යන වැඩපිළිවෙළ බාධාවකින් තොරව ඉදිරියට ගෙනියන්න.”

කොරෝනා නිසා අසරණ දෑත් ශක්තිමත් කරන්න මහානාම, වාස් එක්වෙයි

COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිය ජනතාව මේ වන විට දුෂ්කර කාල පරිච්ඡේදයකට ……..

The Island පුවත්පත සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අතරතුර දී මුරලි එසේ තම අදහස් ප්‍රකාශ කර සිටි අතර ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙරටින් කොරෝනා වසංගතය තුරන් කර දැමිය හැක්කේ පුරවැසියන් වශයෙන් අප සියලු දෙනා එකට එක්ව තම වගකීම් කොටස නිවැරදිව ඉටු කිරීමෙන් පමණක් බවයි.

“මගේ ආදරණීය ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගෙන් වගේම රටේ සියලුම ජනතාවගෙන් මම ඉල්ලා සිටින්නේ රජය ලබා දෙන උපදෙස් හරියාකාරව පිළිපදින්න. ඔවුන්ට මේ අවස්ථාවේ දී අනවශ්‍ය පීඩනයක් දෙන්න එපා. පුළුවන් තරම් තමන්ගේ නිවෙස්වලටම වෙලා ඉන්න. කලබල වෙන්න එපා. ඉදිරි සතිය හෝ දෙක අතිශය තීරණාත්මකයි. අඩුපාඩුකම් වෙයි, නමුත් අපි ඒවා ආයාසයෙන් විඳ දරාගෙන අපේ පොදු සතුරා පරාජය කිරීමට එකතු වෙලා වැඩ කරන්න ඕන.”

“මම ඇත්තටම ආඩම්බර වෙනවා රටක් විදියට අපි මේ අභියෝගාත්මක අවස්ථාවේ ඊට නොබියව මුහුණ දෙන ආකාරය ගැන. රජය, වෛද්‍ය කාර්‍යමණ්ඩල, ආරක්ෂක නිලධාරීන් වගේම මහජන නියෝජිතයිනුත් ඉටු කරන්නේ වචනයෙන් කියලා නිම කරන්න බැරි සේවාවක්. ලෝකයේ දියුණු රටවල් අද වෙනකොට මේ වසංගතය ඉදිරියේ අන්ත අසරණ වෙලා ඉන්නවා. ඒක නිසා අපි අදාළ පාර්ශවයන්ට සහයෝගය ලබා දීලා යම් කිසි විනය රාමුවක් ඇතුළේ ඉඳන් වැඩ කළොත් කිසිම ගැටලුවක් වෙන එකක් නැහැයි කියලා මම විශ්වාස කරනවා.”

අනුරාධපුරයේ පවුල් 450කට සුරංග ලක්මාල් සහනයක් වෙයි

ශ්‍රී ලංකා ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ශ්‍රී ලාංකිකයක්ට ඉතාමත් අපහසු ……..

රෝගය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් පසුගිය දා රජය විසින් මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ අතර එම නිසා දෛනික වේතනයන්ගෙන් යැපුණු බොහෝමයක් පවුල්වලට දුෂ්කරතාවන් රැසකට මුහුණ පෑමට සිදු විය. 

උද්ගතව ඇති තත්වය හමුවේ තම සමාජ වගකීම පිළිබඳව හරියාකාරව අවබෝධ කර ගත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අසරණ වූ පවුල් රැසකට උදව් උපකාර කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළේ ඔවුන්ගේ වීරත්වය පිටියට පමණක් සීමා නොකරමිනි.

ඒ අතරින් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්ගේ ධන පරිත්‍යාගයෙන් කොරෝනා වයිරස් ආසාදිතයන් හට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටල කොළඹ ජාතික මහා රෝහල වෙත පිරිනැමීම වඩාත් කැපි පෙනුණි.

මීට අමතරව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම සහ චමින්ද වාස් වැනි ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් ද මෙම මහඟු කර්තව්‍යයට තම දායකත්වය සැපයූවේ පීඩාවට පත් වූවන්ට වියළි සලාක මළු බෙදා දෙමින් ඔවුන්ගේ යුතුකම් කොටස අකුරටම ඉටු කරමිනි.

ශ්‍රී ලංකා වේගපන්දු බලඇණිය සවිබල ගැන්වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන සුරංග ලක්මාල් සහ ධම්මික ප්‍රසාද් එක්ව අනුරාධපුරය සහ ගම්පහ දිස්ත්‍රික්කවල දුප්පත් පවුල් විශාල සංඛ්‍යාවකට තම කුස පුරවා ගැනීමට අවශ්‍ය කරන වියළි සලාක මළු රැසක් ද බෙදා දෙනු ලැබුවේ ඔවුන් සතු උතුම් මානුෂීය ගුණාංගයන් මනාව පිළිබිඹු කරමිනි. 

මූලාශ්‍රය – THE ISLAND පුවත්පත ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<