ශ්‍රී ලංකා කණ්ඩායමට ළාබාල නායකයෙක්

272

මෙම මස (මැයි) 29 වැනි දින ආරම්භ වීමට නියමිත ආසියානු රග්බි පළමු කාණ්ඩයේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා පළමුපෙළ රග්බි කණ්ඩායමේ නායකයා වර්තමානයේ CR&FC කණ්ඩායමේ ක්‍රීඩා කරන ඔමල්ක ගුණරත්න හට හිමිවී තිබේ.

ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි කණ්ඩායමේ නායකත්වයට අලුත් කෙනෙක්

ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි කණ්ඩායමේ නායකත්වය සඳහා ඉසිපතන විද්‍යාලයේ 2015 වසරේ නායකයා ලෙස කටයුතු…

ශ්‍රී ලංකා සංචිතයකට නායකත්වය දරන ළාබාලතම නායකයා ලෙසද ඔමල්ක ගුණරත්න වාර්තා පොත් අතරට එක්වෙනු ඇත.

2015 වසරේ ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායකත්වය දැරූ ඔමල්ක ගුණරත්න 23 වැනි වියේදී ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය ලැබීමට තරම් දක්ෂතාවයක් ඇත්තෙකි. එසේම ඔමල්ක ගුණරත්න 2016 වසරේ ආසියානු වයස අවුරුදු 20න් පහළ සත්සාමාජික තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය හෙබවූවෙකි.

තම පාසල් සමයෙන් පසු නාවික හමුදා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ඔමල්ක ගුණරත්න ඉන්පසුව CR&FC කණ්ඩායමට එක්වී ඉදිරිපෙළින් තම සේවය මනාව ඉටු කළේය. එසේම CR&FC කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක කවිඳු පෙරේරාගේ ආබාධයෙන් පසු එම කණ්ඩායමේ ඉදිරිපෙළ වගකීම ඔමල්ක අතට පැවරෙන අතර ඔහු එයද හොඳින්, කිසිඳු පීඩනයකින් තොරව සාර්ථකව ඉටුකිරීමට සමත් විය. අන්තර් සමාජ තරගාවලියෙන් අනතුරුව කොළඹ සහ පිට පළාත් ක්‍රීඩකයින් අතර තරගයේද, ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගයේ සභාපතිගේ කණ්ඩායමේද නායකයා ලෙස ක්‍රීඩා කළේය.

ඔමල්කගේ වික්‍රමයට කාලය හරස් කපයි

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම හා මැලේසියානු ජාතික කණ්ඩායම් අතර අද (04) පැවති සුහද තරගයෙන් ලකුණු 31-26ක්…

විශේෂයෙන් නායකත්වයත් සමඟ මැලේසියාවට එරෙහි තරගයේදී ඉතා ආකර්ෂණීය ලෙස දස්කම් පෑමට ඔමල්කට හැකිවිය. ශ්‍රී ලංකා රග්බි සම්මේලනය 23 වියැති ඔමල්ක ගැන මෙවැනි විශ්වාසයක් තැබීමද කැපී පෙනෙන කරුණකි. ඒ පිළිබඳ තම අදහස් දැක්වූ ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති රොෂාන් අබේකෝන් මහතා මෙසේ පැවසීය.

“මට හිතෙනවා ඔමල්ක තම නායකත්ව ගතිගුණ හොඳින් පෙන්වා තිබෙනවා කියා. ඔහු ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාවේ නායකයා ලෙස කටයුතු කරයි.”

එසේම “මැලේසියන් බාබේරියන්ස්” කණ්ඩායමට එරෙහි තරගයේදී තම නායකත්වය සහ අත්දැකීම් හොඳින් ප්‍රයෝජනයට ගනිමින් එම තරගය ජයගැනීමට ඔමල්ක ප්‍රමුඛ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සමත් විය. මැලේසියානු ජාතික කණ්ඩායමට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම තරගය පරාජය වුවද ඔමල්ක ගුණරත්න තම කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් 2ක් වාර්තා කරමින් දක්ෂතා දැක්වූවෙකි.

ශ්‍රී ලංකාවෙන් බාබේරියන්ස්ට හොඳ සංග්‍රහයක්

අද (2) මැලේසියාවේ UPM ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි කණ්ඩායම හා මැලේසියන් බාබේරියන්ස්…

කෙසේවෙතත් තරුණ ඔමල්ක ගුණරත්න හට ආසියානු රග්බි පළමු කාණ්ඩයේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමින්, තම දක්ෂතා ඔප්නංවමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට හැකිවේවා’යි යන්න ThePapare.com අපගේ ප්‍රාර්ථනාවයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<