2025/25 දේශීය රග්බි ලීගය මීට සතියකට පෙර නිමාව දුටුවේ CR & FC කණ්ඩායම නැවත වරක් ශූරයින් බවට පත් කරවමිනුයි.
ලීගයේ අවසානයත් සමඟම සුපුරුදු පරිදි ක්ලිෆර්ඩ් රග්බි තරගාවලිය ද නිමා වූ සති අන්තයෙන් ආරම්භ වුනා. මෙම තරගාවලියේ පළමු සතිය වූ ගෙවුණු සතියේ දී කණ්ඩායම් 08ක් විසින් තරග බිමට පිවිසුණු අතර, ඒ අතරින් කණ්ඩායම් හතරක් අවසන් පූර්ව වටයට වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
ගුවන් හමුදාව සහ CH & FC
මෙවර ලීගයේ සුපිරි කණ්ඩායම් හතර අතරට එක් වීමේ අවස්ථාව ගුවන් හමුදාවට අහිමි වූ අතර, ඒ නිසාම ඔවුන් මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කර තිබුණා.
කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය තුළ CH & FC ක්‍රීඩකයින් සිය ආධිපත්‍යය විදහා දක්වමින් උත්සාහක දිනුම් තුනක් සමඟ ලකුණු 21ක් ලබා ගනිමින් ගුවන් හමුදාවට අභියෝගයක් එල්ල කිරීමට උත්සාහ කළා. කෙසේ වෙතත් මෙම කාලය තුළ ගුවන් හමුදාව උත්සාහක දිනුම් හතරක් සමඟ ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වුනේ මෙම තරගය කිසි ලෙසකින්වත් අත් නොහරින බවට ඉඟි කරමිනුයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ ද ගුවන් හමුදාව තරගයේ බල බිඳ නොගනිමින් තවත් උත්සාහක දිනුම් දෙකක් ද වාර්තා කරමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
- ගුවන් හමුදාව 34 (6T, 2C) – CH & FC 28 (4T, 4C)
තරගයේ වීරයා – ගයන්ත ඉද්දමල්ගොඩ (ගුවන් හමුදාව)
CR & FC සහ නාවික හමුදාව
CR & FC වත්මන් ලීග් ශූරයින් ලෙස මෙම තරගයට අවතීර්ණ වෙමින්, තවදුරටත් සිය ආධිපත්‍යය නතර නොවන බවට ඉඟි ලබා දෙමින් ක්‍රීඩා කිරීමට සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ CR & FC කණ්ඩායම උත්සාහක දිනුම් 02ක් සමඟ ලකුණු 17ක් ලබාගන්නා අතරේ, නාවික හමුදාව පාර්ශවයෙන් වාර්තා වුනේ ලකුණු 05ක් පමණයි.
තරගයේ දෙවැනි අර්ධය තුළ CR & FC කණ්ඩායම විසින් තවත් උත්සාහක දිනුම් 2ක් සමඟ ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා. මෙම කාල සීමාව තුළ නාවික හමුදාව ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි.
- CR & FC 29 (4T, 3C, 1P) – නාවික හමුදාව 15 (2T, 1C, 1P)
තරගයේ වීරයා – විදුන අමනෙත් (CR & FC)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
Havelock SC සහ Police SC
මෙම තරගය Havelock කණ්ඩායම විසින් පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ Havelock ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 2ක් සමඟ ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වන අතර, ශ්‍රී ලංකා පොලිසිය ද උත්සාහක දිනුම් 02ක් සමඟ ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී තවදුරටත් ලකුණු හඹා යාමට පොලිසියට ඉඩ ලබා නොදුන් Havelock කණ්ඩායම තවත් ලකුණු 12ක් ලබා ගනිමින් තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා.
- Havelock SC 29 (4T, 3C, 1P) – Police SC 10 (2T)
තරගයේ වීරයා – සුදේෂ් ජයවික්‍රම (Havelock SC)
මහනුවර සහ යුද හමුදාව
පසුගිය සතියේ ලැබූ තියුණු පරාජයෙන් අනතුරුව, ලීග් අනුශූරයින් ලෙස මහනුවර කණ්ඩායම නැවත තරග බිමට පිවිසෙමින් නැවතත් සුපුරුදු තරග රටාවට අවතීර්ණ වීමට සමත් වුනා.
තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, යුද හමුදාව ද උත්සාහක දිනුම් දෙකක් සමඟ ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ දෙවැනි අර්ධය තුළ දෙපිළම පෙරට වඩා තරගකාරී ලෙස ගැටුණු අතර, දෙවැනි අර්ධය තුළ මහනුවර කණ්ඩායම ලකුණු 08ක් ලබාගන්නා අතරේ, යුද හමුදාව ලකුණු 05ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අනුව තරගයෙන් මහනුවර කණ්ඩායම පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා.
- මහනුවර SC 27 (4T, 2C, 1P) – යුද හමුදාව 15 (3T)
තරගයේ වීරයා – යුවාන් පතිරණ
මේ අනුව ක්ලිෆර්ඩ් කුසලාන අවසන් පූර්ව තරග මේ අයුරින් පැවැත්වීමට නියමිතයි.
- CR & FC සහ ගුවන් හමුදාව – මාර්තු 02
- මහනුවර සහ Havelock SC – මාර්තු 03
දේශීය රග්බි පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<






















