මෙවර සිටි ලීගයට කණ්ඩායම් 5ක්!

216
City League Presidents Cup 2023 Press Conference

කොළඹ සිටි පාපන්දු ලීගය විසින් සංවිධානය කරනු ලබන “2023 සිටි ලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලිය” හෙටින් (17) ආරම්භ වීමට නියමිතයි.

හයවැනි වරට පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා වත්මන් ශූරයින් වන සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය, ජාවා ලේන් ක්‍රීඩා සමාජය, කොළඹ පාපන්දු සමාජය, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ නව කණ්ඩායමක් වන මාලිගාවත්ත යූත් ක්‍රීඩා සමාජය එක්වන අතර තරගාවලියේ සියලුම තරඟ සිටි ලීග් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ප්‍රථම තරගය හෙට (17) සෝන්ඩර්ස් සහ ජාවා ලේන් අතර පැවැත්වීමට නියමිතයි. පළමු වටයේ සියලුම තරග ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර ජූලි මාසය අවසන් වන විට තරගාවලිය අවසන් කිරීමට සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 150,000ක මුදල් ත්‍යාගයක් ද, අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 100,000ක මුදල් ත්‍යාගයක් ද පිරිනැමෙන අතර, සියලුම තරගවල දක්ෂතම ක්‍රීඩකයාට ද ත්‍යාග පිරිනැමීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඉකුත් දා (17) කොළඹ සිටි පාපන්දු ලීග් ශ්‍රවණාගාරයේ දී පැවති අතර එම උත්සවයට සිටි පාපන්දු ලීග් සාමාජිකයන්, තරගාවලියට සහභාගි වන කණ්ඩායම්වල නායකයන් සහ නිලධාරීන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් සහභාගි විය.

එහි දී අදහස් දැක්වූ සිටි පාපන්දු ලීග් සාමාජිකයන්, සභාපති කුසලාන පාපන්දු තරගාවලියෙන් අනතුරුව 19න් පහළ පාපන්දු තරගාවලිය සංවිධානය කෙරෙන අතර, ඒ සමඟම ඉන්දිය පාපන්දු කණ්ඩායම් 4ක් ශ්‍රී ලංකාවට ගෙන්වා තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ද පැවසීය.

තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<