සිටි පාපන්දු සභාපති කුසලානය මෙවරත්

417
City Football League President cup championship 2017 press con

අති සාර්ථකව දෙවැනි වරටත් පවත්වනු ලබන “2017 සිටි පාපන්දු ලීග් සභාපති කුසලාන පාපන්දු ශූරතාවලිය” මේ මස 11 වැනිදායින් ආරම්භ වන අතර ශූරතාවලිය ලීග් ක්‍රමයට සහ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමය යන දෙආකාරයෙන්ම පැවැත්වෙනු ඇත.

ඩයලොග් ශූරයින්ගේ කුසලානය යලිත් කොළඹට

කොළඹ තුරග තරග පිටියේ දී රිනවුන් කණ්ඩායම සමඟ පැවති තරගය ගෝල 3 -1 ක් ලෙස ලබා ගනිමින් ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලානය තවදුරටත් තමන් සන්තකයේම තබා ගන්නට කොළඹ පාපන්දු සමාජය සමත් විය.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (08) ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ඇසෝසියේෂන් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවති අතර ඊට පාපන්දු සංගමයේ සභාපති තුමන්, නිලධාරීන්, ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පුද්ගලයින් සහ මාධ්‍යවේදීන් එක් විය.

ආරම්භක කතාව පවත්වමින් ලේකම් එම්. අයි. මුතාලිබ් මහතා පවසා සිටියේ “පාපන්දු සංගමයේ සභාපති තුමන්ගේ අදහසකට අනුව ඇරඹි මෙම තරගාවලිය හුදෙක් පාපන්දු ක්‍රීඩාවේ දියුණුව, වර්ධනය අරමුණු කර ගනිමින් පවත්වනු ලබන්නක් බවත් එය සාර්ථක කර ගැනීමට ඔබ සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉන්පසුව ශූරතාවලිය පිළිබඳ හැඳින්වීමක් සිදු කරමින් තරගාවලි සභාපති එම්. ප්‍රේමදාස මහතා පවසා සිටියේ මෙවර තරගාවලියට කණ්ඩායම් 6ක් සහභාගී වන බවත් ඔවුන් කාණ්ඩ දෙකක් යටතේ තරග කරනා බවත්ය.

“සභාපති තුමන්ගේ අදහසකට අනුව අපි තීරණය කලා මේ පාර තරගාවලියට තවත් කණ්ඩායම් දෙකක් එකතු කර ගන්න. ඒ වගේම පාපන්දු ක්‍රීඩාව තවදුරටත් වර්ධනය කරන්නට. ශූරයින්ගේ කුසලානය ඉවර වෙලා ඊට පස්සේ අපි මේ තරගාවලිය පවත්වන්නේ ඒකයි. මොකද එතකොට ක්‍රීඩකයෝ තවත් පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙනවා. ඒත් එක්කම ඔවුන්ගේ දස්කම් තව තවත් ඔප් නැන්වෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ගියවර පැවති තරගාවලියෙන් සම ශූරතාවය දිනා ගැනීමට රිනවුන් ක්‍රීඩා සමාජය සහ කොළඹ පාපන්දු සමාජය සමත් වූ අතර මෙවරත් ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට රු.150 000ක මුදලක් ද, දෙවැනි ස්ථානයට රු. 100 000 මුදලක් ද පිරිනමන අතර කණ්ඩායම් සහභාගී වන සෑම තරගයක් සඳහාම සම්මේලනය විසින් රු. 5000ක් අදාළ කණ්ඩායම් වෙත පිරිනැමීමට ද සූදානමින් පසුවේ.

ඉහත සඳහන් කර පරිදී අර්ධ අවසන් තරග දක්වා ලීග් ආකාරයට හෙවත් කාණ්ඩ ක්‍රමයට තරග පැවැත්වෙන අතර අනෙක් තරග පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්වේ. තරග සියල්ලම සිටි ලීග් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන අතර සියලු තරග සවස 3.45ට ආරම්භ වීමට නියමිත අතර සුපුරුදු ලෙස මිනිත්තු 90ක තරග කාලයකින් ද යුක්ත වේ.

මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් කාණ්ඩ තරග සියල්ල සම ලකුණු තත්වයක් යටතේ නිමා වුවහොත් අර්ධ අවසන් වටයට කණ්ඩායම් තෝරා ගන්නේ කෙසේද? යන්න පිළිබඳව විමසූ අතර ඊට පිළිතුරු ලෙස පැවසූවේ එසේ සිදුවහොත් නැවතත් එම තරග ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තීරණයකට එළඹෙන බවයි.

මාධ්‍ය සාකච්ඡාව අවසන් කරමින් සියලු ක්‍රීඩා සමාජ වෙත සම්මේලනය හරහා නව ජර්සී පිරි නැමීම ද සිදු විය.

සහභාගී වන කණ්ඩායම්

A කාණ්ඩය –

  • රිනවුන් ක්‍රීඩා සමාජය
  • ජාවා ලේන් ක්‍රීඩා සමාජය
  • කුරේ ක්‍රීඩා සමාජය

B කාණ්ඩය –

  • කොළඹ පාපන්දු සමාජය
  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය
  • මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය

තරග කාල සටහන

කාණ්ඩ තරග

  • 2017/03/11 – රිනවුන් ක්‍රීඩා සමාජය සහ ජාවා ලේන් ක්‍රීඩා සමාජය
  • 2017/03/12 – කොළඹ පාපන්දු සමාජය සහ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය
  • 2017/03/18 – සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සහ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය
  • 2017/03/19 – ජාවා ලේන් ක්‍රීඩා සමාජය සහ කුරේ ක්‍රීඩා සමාජය
  • 2017/03/25 – රිනවුන් ක්‍රීඩා සමාජය සහ කුරේ ක්‍රීඩා සමාජය
  • 2017/03/26 – කොළඹ පාපන්දු සමාජය සහ සොන්ඩර්ස් ක්‍රීඩා සමාජය

අර්ධ අවසන් තරග

  • 2017/04/01 – A කාණ්ඩයේ ශූරයින් සහ B කාණ්ඩයේ අනුශූරයින්
  • 2017/04/02 – B කාණ්ඩයේ ශූරයින් සහ A කාණ්ඩයේ අනුශූරයින්

අවසන් මහා තරගය (2017/04/09)

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට