ටේලර් හා බෝල්ට් නවසීලන්ත අඳුරු මතක මකා දමයි

521

පසුගිය දා නිමා වූ පාකිස්තාන – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ඉතාමත් දරුණු ලෙස පරාජය වූ නවසීලන්තය පාකිස්තානය සමඟ පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 47කින් ජය ගැනීමට නවසීලන්තය සමත් විය.

හසිනිගේ උත්සාහය අයර්ලන්තය හමුවේ හෑල්ලු වේ

අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුව පන්දුවට පහර දී සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 266ක් ලබා ගත්තේය.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රොස් ටේලර් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 42 වැනි අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 112ක් තුල 4 පහර 5ක්  එල්ල කරමිනි. ටේලර් නවසිලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 80ක් ලබා ගන්නා විට ඔහුට සහය වූ කඩුලු රකින පිතිකරුවෙක් වන ටොම් ලැතම් වේගවත් පිතිකරණයක නිරත වෙමින් සිය අර්ධ ශතකය සපුරා ගත්තේ 4 පහර 5ක් සිය නමට ඉදිරියෙන් එකතු කරගෙනයි.  

නවසීලන්ත ඉනිමේ වාර්තා වූ හොඳම සබඳතාවය ද ඔවුන් දෙදෙනා අතරේ ගොඩනැගුනේ 5 වන කඩුල්ල වෙනුවෙනි. ඒ සබඳතාවය ලකුණු 130ක් දක්වා වර්ධනය වී තිබිය දී ලකුණු 68ක් ලබා සිටි ලැතම් ශදබ් කාන්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදකට හසුව ක්‍රීඩාගාරයට හැරී ගියේය.

ටිම් සවුති හා ඉෂ් සෝදි නවසීලන්ත පසුපෙළ සවිමත් කරමින් ලකුණු 20 සීමාව ඉක්මවා යාමට සමත් වූයේ නවසීලන්ත ක්‍රීඩක විවේකාගාරයට තරගය ජයග්‍රහණය කිරීමට හැකි බවට යම් ඉඟියක් ලබා දෙන ලදි.

ඩිල්රුවන්ගෙන් කඩුලු 5ක්; තරගය තීරණාත්මකයි

ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් එක්ව අද (07) ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට ගත් …

පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක ශදබ් කාන් හා වමතින් මද වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි කඩුලු 4 බැගින් දවා ගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත වීමේ ප්‍රතිඵලයක් ලෙස නවසිලන්ත ඉනිම එවැනි මට්ටමකින් හෝ නවතා ගැනීමට පාකිස්තානයට හැකි විය.

ලකුණු 267ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි පාකිස්තානු පිතිකරුවන්ව පන්දුවාර 47යි පන්දු 2ක් තුල සියල්ලන්ම දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 219ක් පමණි. නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් තරගය ආරම්භයේ දී ම ලබා ගත් කඩුලු ත්‍රිත්වය එතෙක් මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා වූ 46 වැනි එක්දින කඩුලු ත්‍රිත්වයේ අවස්ථාව විය.

තවද අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතෙක් එක්දින තරගයක දී වාර්තා වූ පළමු කඩුලු ත්‍රිත්වයේ අවස්ථාව සාර්ථක කර ගත් පළමු පන්දු යවන්නා වීමට බෝල්ට් සමත් විය.

පාකිස්තානු මුල්පෙළ පිතිකරුවන් සිය වගකීමෙන් බැහැරව ක්‍රීඩාවේ නිරත වෙද්දී ශොයිබ් මලික් හා ඉමාඩ් වසීම් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවයක් ඔවුන්ගේ ලකුණු පුවරුවට එක කළේ ලකුණු පිපාසයෙන් සිටි පාකිස්තානු ලකුණු සටහනට යම් සැනසිල්ලක් උදාකරමිනි. 4 පහර 3ක් සමඟින් පන්දු 46ක දී ලකුණු 34ක් ලබා ගැනීමට ඉමාම් සමත් විය. ශොයිබ් මලික් ලකුණු 30යි.

පිතිකරුවන් හරි හැටි පහරවල් තෝරා ගත්තේ නැහැ – තිලාන් සමරවීර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මහතා ශ්‍රී ලංකාව සහ …

ලකුණු 85කට කඩුලු 6ක් දැවී ගොස් ඉතාමත් අසීරු තත්වයක සිටි පාකිස්තානු ලකුණු සටහන යම් මට්ටමකට ඔසවා තැබූ සබඳතාවය වාර්තා වූයේ ඔවුන්ගේ ඉනිමේ 7 වන කඩුල්ල වෙනුවෙනි. එහි දී ඉමාඩ් වසීම් හා නායක සෆ්රාස් අහමඩ් ලකුණු 103ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සෆ්රාස් අහමඩ් වර්ණවත් 4 පහර 7ක් එල්ල කරමින් සටන්කාමී පිතිකරණයක නිරත වූයේ ලකුණු 68ක් රැස්කර ගනිමිනි. ඔහුට ඒ සඳහා පන්දු 69ක් වැය විය. සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වැනි අර්ධ ශතකය ලබා ගත් ඉමාඩ් වසීම් ලකුණු 50ක්  ලබාගෙන සිටිය දී ටීම් සවුතිගේ පන්දුවකට දැවී ගියේ පාකිස්තානු ඉනිමේ 8 වන කඩුල්ල ලෙසයි.

පන්දු යැවීමේ දී ලුකී ෆර්ගසන් හා ට්‍රෙන්ට් බෝල්ට් අතරේ කඩුලු 3 බැගින් බෙදී යන ලදි.

නවසීලන්තය – 266/9 (50): රොස් ටේලර් 80, ටොම් ලැතම් 68, කොලින් මුන්රෝ 29, ශදබ් කාන් 4/38, ශහීන් අෆ්රිඩි 4/46.

පාකිස්තානය – 219/10 (47.2): සෆ්රාස් අහමඩ් 64, ඉමාඩ් වසීම් 50, ඉමාම් උල් හක් 34, ලුකී ෆර්ගසන් 3/36, ට්‍රෙන්ට් බෝල්ට් 3/54.

තරගයේ වීරයා – ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය)

දෙරට අතර පැවැත්වෙන මීළඟ තරගය හෙට (9) අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වේ. එහි තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<