වසර පහක් ක්‍රීඩා කළ කණ්ඩායමෙන් ක්‍රිස් ගේල් එළියට

77
Chris Gayle
Chris Gayle

2013 වසරේ සිට 2016 වසර දක්වා සහ 2019 වසරේ දී ‘ජැමෙයිකා ටලාවස්’ කණ්ඩායම නියෝජන කළ ක්‍රිස් ගේල්, එළඹෙන ‘2020 කැරිබියන් ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ (CPL) දී සාන්ත ලුසියා සූක්ස් (St Lucia Zouks) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත. 

ඉන්දීය-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියට විකල්ප සොයයි

ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවලිය…

මෙවර 8 වැනි වරට පැවැත්වීමට නියමිත ‘කැරිබියන් ප්‍රිමියර් ලීග්’ තරගාවලිය 2013 වසරේ දී ආරම්භ වූ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සිටින ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ක්‍රිස් ගේල්, කැරිබියන් ප්‍රිමියර් ලීග් පළමු තරග අදියර හතරේ දී ‘ජැමෙයිකා ටලාවස්’ කණ්ඩායම නියෝජනය කළේය. 

අනතුරුව 2017 සහ 2018 වසර දෙකේ දී ‘සාන්ත කිට්ස් හා නෙවිස් පෙට්‍රියේට්ස්’ (St Kitts & Nevis Patriots) යන කණ්ඩායම නියෝජනය කළ ගේල්, පසුගියවර තරගවාරයේ දී නැවතත් ‘ජැමෙයිකා ටලාවස්’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ලදි. 

එහි දෙවන තරගයේ දී ගේල් ‘සාන්ත කිට්ස් හා නෙවිස් පෙට්‍රියේට්ස්’ කණ්ඩායමට එරෙහිව පන්දු 62ක දී ලකුණු 116ක් රැස්කර ගනිමින් සුපිරි දස්කම් අතරට පැමිණීමට සමත් වුවත් තරගාවලිය අවසානයේ දී ඉනිම 10කට ක්‍රීඩා කළ ගේල් හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 243ක් පමණි. ඒ අනුව ‘ජැමෙයිකා ටලාවස්’ කණ්ඩායමට පසුගියවර තරගාවලියේ මූලික වටය අවසානයේ දී හිමිවූයේ අවසන් (හයවන) ස්ථානය යි. 

ජාවෙඩ් ඕමාර්ව බංග්ලාදේශය ප්‍රතික්ෂේප කරයි

බංග්ලාදේශයේ හිටපු දක්ෂ ආරම්භක පිතිකරුවෙකු වන ජාවෙඩ් ඕමාර් මින් ඉදිරියට පැවැත්වෙන…

කෙසේ නමුත් ‘සාන්ත ලුසියා සූක්ස්’ කණ්ඩායම ද පසුගියවර තරගාවලියේ දී එතරම් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් නොවූ අතර ඔවුන් තරගාවලියේ මූලික වටය අවසානයේ දිනාගත්තේ පස්වන ස්ථානය යි. 

‘කැරිබියන් ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ 8 වැනි අදියර මෙම වසරේ අගෝස්තු මස 19 වනදා සිට සැප්තැම්බර් මස 26 වනදා දක්වා පැවැත්වීමට දැනට කටයුතු සූදානම් කර තිබේ. 

කෙසේ නමුත් දැනට ලොව පුරා වේගයෙන් පැතිර යන COVID-19 වසංගත තත්වය නිසාවෙන් මෙම තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ගෙන්වා ගන්නවා ද, පැවැත්වෙන දින වකවානු වෙනස් වෙනවා ද සහ තරගාවලිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ඉදිරියේ දී තීරණය කිරීමට බලාපොරොත්තු වන බව ‘කැරිබියන් ප්‍රිමියර් ලීග්’ තරගාවලියේ සංවිධායක කමිටුව ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<