ඉන්දීය-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියට විකල්ප සොයයි

100

ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණය ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් තරගාවලිය සඳහා සූදානම් වූයේ බොහෝ කලක සිටය. නමුත් නව කොරෝනා වෛරසය සියලු ක්‍රීඩා එක් තැනක නතර කර තිබෙන පසුබිමක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය කෙසේහෝ පැවැත්වීමට විකල්ප සොයමින් සිටියි. 

IPL ඉතිහාසයේ හොඳම පන්දු ‍යවන්නා මාලිංග

VIVO IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වන සංවත්සරය වෙනුවෙන් එම තරගාවලියේ…

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක කෙවින් රොබට්ස් මහතා අවධාරණය කළේ වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත මෙම සංචාරය ඉදිරියට ගෙන යාම සහතික කිරීම සඳහා පාලක මණ්ඩලය හැකි තරම් ‘නිර්මාණශීලී’ වන බවයි. 

ලබන වසරේ ගිම්හානයේ දී ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාවට ඔවුන්ගේ ආදායම උපරිම කරගත හැකි වන මෙම තරගාවලිය, පැවැත්වෙන බව සහතික කිරීම මඟින් බලාපොරොත්තුවක් ඇතිකර ගැනීම ඔවුන්ගේ උත්සාහය වී ඇත. එම සැලසුම් සාර්ථක වුවහොත් ක්‍රීඩකයන්ට, ප්‍රාන්ත වලට, ප්‍රජා ක්‍රිකට් ක්‍රීඩාවට සහ එහි කාර්ය මණ්ඩලයට මුදල් ප්‍රවාහයක් ලබා දිය හැකිවන බව ඔවුන්ගේ මතයයි. 

ඉන්දියානු සංචාරයට ඉදිරියට යා හැකිද යන්න මත පදනම්ව ක්‍රීඩක වැටුප් ගෙවිය හැකිවනු ඇත. එක් සංචාරක කණ්ඩායමක් පමණක් නවාතැන් ගැනීමට වඩා විශාල සංකීර්ණ සිදුවීමක් වන ‘විස්සයි විස්ස ලෝක කුසලානය’ පැවැත්වීම පිළිබඳ පවතින සැකසංකා මේ වන විට තීරණාත්මක අවධියකට පැමිණ ඇත. 

“මේ අවස්ථාවේ දී අපි ඉන්දීය තරගමාලාව අනුව කිසිවක් බැහැර කරන්නේ නෑ.” රොබට්ස් පැවසීය. 

“ඉන්දීය ක්‍රිකට් ආයතනය, ඉන්දීය ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ සහායක කාර්ය මණ්ඩලය සමඟ අපට අවශ්‍ය වන්නේ ක්‍රිකට් ලෝකයට ආශ්වාදයක් ලබා දෙන තරගමාලාවක් වේදිකා ගත කිරීමටයි. එම ස්ථානයේ මිනිසුන් සිටියත් නැතත් තරගාවලිය පවත්වන එක අපේ ප්‍රධාන අරමුණ. එබැවින් අපි සියලු ශක්‍ය විකල්ප ගවේෂණය කරනවා. ඒවායින් බොහොමයක් මේ වනතෙක් කල්පනා කර නොතිබෙන විකල්ප වේවි. අපි වෙනස් ලෝකයක දැන් ඉන්නේ. අපි දැන් නැති දේ ගැන දුක් වෙනවාට වඩා, අපිට තියන දේ ගැන කෘතඥ වෙනවා.”  

“අප ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක අපේ හවුල්කාරීත්වය යටතේ කටයුතු කරමින් සිටිනවා. එය අනාගතයේ දී ටෙස්ට් තරග පහක තරගාවලියක් පැවැත්වීම ගැන දෙයක්. නැතහොත් එය අපට එක්ව කෙසේහෝ ජාත්‍යන්තර ටෙස්ට් තරගමාලාවක් ලබා දිය හැකි බව සහතික කිරීම සඳහා වඩාත් නිර්මාණාත්මක ක්‍රම සොයා ගැනීම ගැන දෙයක්. ක්‍රිකට් ලෝකය එළඹෙන ග්‍රීෂ්ම කාලය පුරාවටම අපගේ අවධානයට යොමු වෙලා තියෙනවා. ඒ සඳහා අපි සැලසුම් කරමින් සිටිනවා. එය සිදු කිරීම සඳහා අපට හැකි සෑම දෙයක්ම උත්සාහ කරනවා.”  

වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හැස්ල්වුඩ් මේ තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ එක් ස්ථානයක දී ටෙස්ට් තරග කිහිපයක්ම පැවැත්විය හැකි බවයි.  

“මගේ ඉලක්ක සපුරා ගැනීමට මට තවමත් කාලය තියෙනවා” – ඇන්ජලෝ මැතිව්ස්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ ශාරීරික යෝග්‍යතා මට්ටම්වල…

“එය පැහැදිලිවම මම අනුමාන කරන අවසාන අවස්ථාව.” ඔහු පසුගිය සඳුදා පැවසීය.   

“නමුත් මම හිතන්නේ ඕනෑම තැනක එය කළ හැකි නම් එය බොහෝ විට ඇඩිලේඩ් විය හැකියි. එය පිතිකරණය සහ පන්දු යැවීම යන දෙකටම ටිකක් ඉවහල් වෙන ක්‍රීඩාංගණයක්. එය පරමාදර්ශී නොවේවි. අපට අවශ්‍ය වන්නේ ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රදේශයකටම ගොස් එම විවිධ තත්වයන් පිළිබඳව අපට අභියෝග කිරීමට. නමුත් එය නම් සිදුවිය හැකි දෙයක් නොවේවි. එය බොහෝ විට ඒ සඳහා හොඳම ස්ථාන වලින් එකක් විය හැකියි.”  

මණ්ඩලයේ ප්‍රධාන ප්‍රකාශක ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ විධායක කෙවින් රොබර්ට්ස් මහතා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මෑත කාලීන වැටුප් ආරවුල පිළිබඳව ද අදහස් දක්වා සිටි අතර ක්‍රීඩකයන් සමඟ විශ්වාසය පවත්වා ගැනීම ගැන කතා කිරීමට උනන්දු විය. මෙය බොහෝ දුරට සිදු කරනු ලබන්නේ 2017 වසරේ දී සිදු වූවාක් මෙන් ක්‍රීඩකයන්ගේ වැටුප් පිළිබඳ සාකච්ඡා මහජන නිරාවරණයකින් තොරව බව ද ඔහු කියා සිටියේය. 

“අපි ඕස්ට්‍රේලියා ක්‍රීඩක සංගමය සමඟ ඒ සම්බන්ධයෙන් වැඩ කරනවා. ක්‍රීඩකයන් සමඟ සන්නිවේදනය කරනවා. අපි ඒ හරහා පෞද්ගලිකව කටයුතු කරන බව සියලු පාර්ශවයන් නිවැරදිව පිළිගෙන තිබෙනවා.” රොබට්ස් පැවසීය.  

“අපි දැන් ක්‍රියාත්මක වන ක්‍රීඩක ගෙවීම් ආකෘතියට ගරු කරන අතර ඒ සඳහා දිගටම ගරු කිරීමට අපි අදහස් කරනවා.”  

“මේ අන්තර්වාරයේ දී අප සැමට නිර්මාණාත්මක විසඳුම් අවශ්‍ය වන බව සියලුදෙනා පිළිගන්නවා. එයින් අදහස් කරන්නේ වර්තමාන ආකෘතියට කිසිසේත් අගෞරව කිරීම නොවේ. එයින් අදහස් කරන්නේ මෙම තත්වය පාලනය කිරීම සඳහා සමාජයේ අනෙක් සෑම සංවිධානයක්ම මෙන් නිර්මාණාත්මක විසඳුම් අපට අවශ්‍ය බවයි.” 

“අප කළ යුත්තේ එම විශ්වාසය පවත්වා ගැනීමයි. මෙය පෙර නොවූ විරූ හා ඉතා අභියෝගාත්මක තත්වයක්. සමස්තයක් වශයෙන් සමාජයට එය විශාල අභියෝගයක්. එබැවින් ක්‍රිකට් ක්‍රීඩාව එයින් නිදහස් නොවේ. ඇත්ත වශයෙන්ම අභියෝගාත්මක සංවාදයන් තිබෙනවා.” 

“මෙම අවස්ථාවේ දී අගුලු දැමීමේ ඉන්න අවශ්‍ය කාටද? කාටවත් නැහැ. නමුත් අගුලු දැමීමේ අවශ්‍යතාවයට අපි ගරු කරනවා. එය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය තීරණයක්.”  

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට ඔවුන්ගේ ආයෝජන වල අතිවිශාල මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇති බවට කරන ලද ප්‍රකාශයන් පසුගිය සතිය තුළ සංවිධානය පිළිබඳ බොහෝ අවිනිශ්චිතතාවන්ට හේතු වී තිබේ. මේ පිළිබඳව රොබට්ස් පැහැදිලි කළේ එහි මුදල් සංචිත ක්ෂය වී ඇති ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සමඟය.  

>>විදෙස් ක්‍රීඩකයන්ට ලැන්කෂයර් දොර වැසෙයි

“ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා විදිහට පවතින තත්ත්වය අපගේ ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල නායකයින් සමඟ බෙදාහදා ගැනීම මා සතු වගකීමක්.” ඔහු පැවසීය.  

“මේ වන විට අපි මේ තත්ත්වය සමඟ ඕස්ට්‍රේලියා ඩොලර් මිලියන 20ක බලපෑමක් තක්සේරු කර තිබෙනවා. ඊට වඩා විශාල බලපෑමක් ඇතිවීමේ සම්භාවිතාවක් අපේක්ෂා කළ හැකියි. මේ දේවල් මම ඔබ සමඟ බෙදාගත්තා සේම, එම තොරතුරු ක්‍රීඩකයන් සමඟ බෙදා ගැනීම අවශ්‍යයි.” 

“ඕස්ට්‍රේලියාවේ පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල නායකයින් ලෙස ඉහළ ගුණාත්මකභාවයක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටීම ගොඩක් වටින දෙයක්. එය විශාල ගෞරවයක්. ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ අප සැවොම අපේක්ෂා කළ ක්‍රිකට් ප්‍රජාව කෙරෙහි වගකීමෙන් හා දයානුකම්පාවෙන් යුතුව.” 

මේ වන විට නව කොරෝනා වෛරසය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ආසාදිතයන් 6500කට වැඩි පිරිසක් වාර්තා වූ අතර මරණ 71ක් වාර්තා වී ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<