Sharjeel Khan නිවැරදි මග තෝරා ගනියි

9630
Sharjeel Khan

2017 වසරේ දී තරග පාවාදීමේ (spot-fixing) චෝදනාවකට ලක්ව වසර පහක තරග තහනමකට ලක් වූ පාකිස්තාන ආරම්භක පිතිකරු ෂර්ජිල් ඛාන් ඊයේ සියලු දෙනාගෙන් සමාව ඉල්ලා තිබුණා. ඒ පුනරුත්තාපන වැඩපිළිවෙළක් ආරම්භ කරමින්. 

පළමු ජයග්‍රහණයෙන් දිමුත් මුල් 10ට එද්දී අකිලත් උඩ යයි

ලෝක ටෙස්ට් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් …….

තිස් හැවිරිදි ඔහු පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන නිලධාරීන් හමු වී තිබුණු අතර නැවත ක්‍රිකට් ආරම්භයට නම් ඔහු පුනරුත්තාපන වැඩසටහනකට සහභාගී විය යුතු බව ඔවුන් දැනුම් දී තිබුණා.  

“මම කොන්දේසි විරහිතව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සමාව ඉල්ලනවා. මගේ සහෝදර ක්‍රීඩකයින්ගෙන් සමාව ඉල්ලනවා. මගේ පවුලෙන් හා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලනවා. මගේ වගකීම් විරහිත හැසිරීම නිසා හැමෝටම අගෞරවයක් වුනා.” පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය නිවේදනයක ෂර්ජීල් පවසා තිබුණා.

“මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා, මම ඉදිරියේ දී වඩා වගකීම් සහගත ලෙස කටයුතු කරනවා.” ඔහු පවසා තිබුණා.

මේ වමත් පිතිකරුවා ජාත්‍යන්තර තලයට පිවිස ඉතා ඉහළ දස්කම් දැක්වූ අතර ඩුබායි හි පැවැත්වුණු පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දෙවන අදියරේ දී ඔහුට තරග පාවාදීමේ චෝදනා එල්ල වුනා. ඒ සිතා මතාම පන්දු දෙකක දී ලකුණු ලබා නොගැනීම වෙනුවට බුකීකරුවන්ගෙන් මුදල් ලබා ගැනීම නිසයි. 

පාකිස්තාන ක්‍රීඩකයින් දිගින් දිගටම මෙවැනි තරග පාවාදීමේ ක්‍රියාවලට හසුවුණු අතර පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙවැනි ක්‍රියා වැළැක්වීමට දැඩි උත්සහයක් ගන්නවා. 

ඛාන්ගේ තරග තහනමෙන් භාගයක් අත්හිටුවන්නට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මොහොමඩ් ශේශාඩ් ගෙදර යවයි

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය රීති ….

පාකිස්තාන ක්‍රිකට් පාලක  මණ්ඩලය පවසා සිටින්නේ ඔවුන් ෂර්ජීල් ඛාන්ට අරමුණක් හා සිය ක්‍රීඩා දිවිය නැවත ආරම්භ කිරීම සඳහා බලාපොරොත්තුවක් ලබා දුන් බවයි.

“ෂර්ජීල් ඔහුගේ දඬුවම් කාලයෙන් වසර දෙකහමාරක් නිසි ලෙස ගත කර තිබෙනවා. දැන් ඔහු පුනරුත්තාපන ක්‍රියාවලියකට යොමු විය යුතුයි. ඉන්පසු ඔහුට ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවට නැවත යොමු වෙන්නට පුළුවන්.” එම ප්‍රකාශයේ සඳහන් වුනා.

මෙම පුනරුත්තාපන ක්‍රියාවලියට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන චර්යා ධර්ම පද්ධතිය පිළිබඳ දේශන පැවැත්වීමත් ඇතුළත්.

ඛාන් ඔහුගේ සමාජ සේවා දඬුවමේ කොටසක් ලෙස ළමා නිවාසවලට ගොස් දරුවන් සමඟ කටයුතු කිරීමට නියමිත අතර පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් සමඟ ද පුහුණු කටයුතුවලට සහභාගී වීමට නියමිතයි.

මාධ්‍ය ප්‍රකාශයේ දී සිය සහෝදර ක්‍රීඩකයින්ට ෂර්ජීල් පවසා තිබුණේ “නිවැරදිව හා ආගමක් ලෙස” පාකිස්තාන ක්‍රිකට් දූෂණ මර්දන චර්යා ධර්ම පද්ධතිය භාවිතා කරන ලෙසයි. 

ඔහු තවදුරටත් පවසා තිබුණේ ඔහු පළමුවෙන් ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩා කර සිය ශාරීරික යෝග්‍යතාව වැඩි කර ගැනීමට උත්සහ කරන බවයි.

තරග තහනමට ලක් වීමට පෙර ඔහු එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග විසි පහක් හා විස්සයි විස්ස තරග 15ක් ක්‍රීඩා කර තිබුණා.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<