තෙවැනි කොටසේ පෙරළිකාර වමතා “ජනිත ලක්ෂිත“

199

කාගේත් කතා බහ ක්‍රිකට් ලෝක කුසලානය ගැන ය. මේ නිසා මෙරට පාසල් ක්‍රිකට් පිටියේ පෙළහර පෑ දක්ෂයන් ගැන කතා කිරීමක් සිදු වේ නම් ඒ ඉතාම කලාතුරකිනි. එවන් තත්ත්වයක පාසල් ක්‍රිකට් පිටියේ දක්ෂයෙකුගේ වතගොත ඔබට කියන්නට අපි තීරණය කළෙමු.

පදක්කම් නොලත් දක්ෂතාවෙන් සපිරි රන්දෙණි ක්‍රීඩකයෝ

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සමිත් ඉසුරු, රවිඳු මිලාන් සහ ඉෂාර මධුවන්ත යනු පාසල්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ තෙවැනි පෙළ පළමු කාණ්ඩයේ තරගාවලියේ දක්ෂ පන්දු යවන්නන් ලැයිස්තු ගත කිරීමේ දී පළමු ස්ථානයේ පසු වෙන්නේ කොළඹ කේරි විද්‍යාලයේ ජනිත ලක්ෂිත ය.

වමතින් පා දඟපන්දු යවන ජනිත නිමා වූ පාසල් ක්‍රිකට් තරග සමයේ දී තරග 13කට සහභාගී වී ඉනිම් 23ක දී ලකුණු 978ක් ලබා දෙමින් කඩුලු 82ක් ලබා ගන්නේ ය. එම දක්ෂතා අනුව ඔහු එක් කඩුල්ලක් ලබා ගැනීම වෙනුවෙන් ප්‍රතිවාදීන්ට ලබා දී තිබෙන්නේ ලකුණු 11.92ක් ලෙසිනි සටහන් වෙන්නේ.

ඔහුගේ දක්ෂතා ගොන්නේ ඉනිමක කඩුලු 5කට වැඩියෙන් දවා ගත් අවස්ථා 9ක් සටහන් වෙන්නේ ය. බණ්ඩාරවෙල සාන්ත ජෝසප් විද්‍යාලය, යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විද්‍යාලය, ජාඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය, කොළඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්‍යාලය, දෙහිවල එස්. එස්. ද ජයසිංහ විද්‍යාලය, මීගමුව ලොයෙලා විද්‍යාලය සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ඒ අතර වේ.

ජනිතගේ පන්දු යැවීමේ ඉනිමක හොඳම දක්ෂතාව වන්නේ යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ලකුණු 18කට ලබා ගත් කඩුලු 7යි. එම තරගයේ දී ඔහු දෙවැනි ඉනිමේ දී ලකුණු 43කට කඩුලු 6ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 61කට කඩුලු 13ක් ලබා ගනිමින් තරගයක හොඳම පන්දු යැවීම ද වාර්තා කරන්නේ ය.

ඊට අමතරව මීගමුව ලොයෙලා විද්‍යාලයට එරෙහි ව ලකුණු 131කට කඩුලු 11ක් දවා ගනිමින් තරගය කඩුලු 10කට වැඩියෙන් ලබා ගත් අවස්ථාවන් දෙකක් ලෙසින් සටහන් කර ගන්නේ ය. ජනිත ඉනිමක කඩුලු 4ක් ලබා ගත් අවස්ථා 4ක් ද මෙම තරගවල දී වාර්තා කරන්නේ ය. ඒ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, නුගේගොඩ ලයිසියම් විද්‍යාලය, මහරගම ජනාධිපති විද්‍යාලය සහ කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ය.

“මේ සීසන් එකේ දී මගේ ඉලක්කය වුණේ වැඩි කඩුලු ප්‍රමාණයක් ලබා ගැනීම. ඒක කඩුලු 50ක් ද 100ක් ද කියන එකට වඩා වැඩි කඩුලු ප්‍රමාණයක් කියන තැනයි මම හිටියේ. මොකද මම කණ්ඩායමේ ප්‍රධානතම පන්දු යවන්නා නෙමේ. අපි කිහිප දෙනෙක්ම හිටියා. අනෙක් එක මම පන්දු යැවීම ආරම්භ කරන්නේ පන්දුව ටිකක් පරණ වුනාට පස්සේ. මේ නිසා සමහර අවස්ථාවල දී මට අඩු පන්දුවාර ප්‍රමාණයක් තමයි ලැබුණේ. කොහොම වුනත් පසුගිය වසරට වඩා කඩුල්ලක් හෝ වැඩියෙන් ලබා ගන්නවා කියන බලාපොරොත්තුවෙනුයි මම හිටියේ. ඉතිං මේ වසරේ මේ  තරමින් දක්ෂතා දැක්වීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා. නමුත් කඩුලු 100ක ඉලක්කයකට යන්න පුළුවන් වුනා ගොඩාක් සතුටු වෙනවා.” ජනිත ලක්ෂිත අප සමඟ පැවසුවේ ය.

පාසල් ක්‍රිකට් පිටිය කැලඹූ මොරටු පුත්‍රයා “නිශාන් මධුශ්ක”

නිශාන් මධුශ්ක ප්‍රනාන්දු මොරටු පුරවරයෙන් ක්‍රිකට් ලොවට දායාද වූ තවත් එක් දක්ෂ ක්‍රීඩකයෙකි. මොරටු විද්‍යාලය නියෝජනය කරමින්

ජනිත ලක්ෂිත ක්‍රිකට් අත් පොත් තබන්නේ ගෙදර දී ම ය. ඒ තම වැඩිමහල් සහෝදර තිළිණ ලක්මාල් සමඟ ය. තිළිණ එවකට පාසල් ක්‍රිකට් පිටිය නියෝජනය කරන්නේ ය. ගෙදරට පිවිස ඔහු ලද විවේකයේ දී ක්‍රිකට් සෙල්ලමට අල්ලා ගන්නේ ජනිත ය. එබැවින් ජනිත ඉබේම ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ ය.

“මම වයස අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයේ සිට නිට්ටඹුව, රද්දොළුගම මහ විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරනවා. එවකට මගේ පුහුණුකරු වෙන්නේ දීපාල් සුරසිංහ මහතා. කනිෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස මට විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙනවා.”

ජනිත සහ පවුලේ අය

ජනිත කේරි විද්‍යාලයට පිවිසෙන්නේ 2017 වසරේ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට ය. ඒ දීපාල් සුරසිංහ සහ ගාමිණි දුශ්‍යන්ත මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ ය. ගාමිණි දුශ්‍යන්ත මහතා එවකට කේරි විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ය.

“මම කේරි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වෙලා තරග 4ක දී කඩුලු 16ක් ලබා ගන්නවා. එම අවුරුද්දේ ම මම කේරි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරනවා. මට එම අවුරුද්දේ කඩුලු 52ක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා.”

ජනිතගේ ක්‍රිකට් දිවිය සශ්‍රීක වන්නේ ඒ අයුරිනි. මේ සඳහා මග පාදා දුන් දීපාල් සුරසිංහ මහතා සේ ම ගාමිණි දුශ්‍යන්ත මහතා කෙරෙහි ද ජනිත තුළ ඇත්තේ භක්තිමත් ගෞරවාදරයකි.

“ගෙදර දී අයියත් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කළත් ඒක හරි හැටි කරන්න මග පෑදුවේ දීපාල් සර්. අපි ගොඩක් අඩුපාඩු මැද ක්‍රිකට් ගැහුවෙ. තිබුණ සමහර අඩුපාඩු නිසා අපි සමහර තරගවලට ගියේ නැහැ. නමුත් දීපාල් සර් ගෙදරටම ඇවිත් අපිව මැච්වලට එක්ක ගිය අවස්ථා තිබුණා. එහෙම නොවුනා නම් මට මේ තරමින්වත් මේ ගමන එන්න බැරි වෙනවා. අනිත් එක ගාමිණි සර් හඳුන්වා දෙමින් මාව කේරි විද්‍යාලයට යන්න අවස්ථාව සලසා දෙන්නෙත් දීපාල් සර්. ඊට පස්සෙ ගාමිණී සර් මාව සම්පූර්ණයෙන් ම පන්දු යවන්නෙක් බවට පත් කළා.“ ජනිත පවසන්නේ ය.

ජනිතගේ පාසල් දිවියේ අවසන් වසරේ පුහුණුකරු වන්නේ චානක පෙරේරා මහතා ය. මේ වන විට කේරි විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු වන චානක පෙරේරා මහතා ජනිත ගැන පැවසුවේ මෙවැන්නකි.

“ජනිත ඉතා දක්ෂ ආක්‍රමණකාරී පන්දු යවන්නෙක්. ඔහු මට ලැබෙන විට මට ඔහුගේ හදන්න කිසිවක්ම තිබුණේ නැහැ. මම කළේ ඔහුව මට අවශ්‍ය විදිහට තරගවල දී උපයෝගී කර ගැනීමයි. ඇත්තටම මම ජනිත් ගැන ආඩම්බර වෙනවා. මොකද ඔහු මේ තරමින් මෙම තරගාවලියේ දී දක්ෂතා දැක්වූයේ ඉතාම අඩු පන්දුවාර ප්‍රමාණයක් යවමිනි. මොකද අපේ කණ්ඩායම වැඩි හරියක් යැපුණේ වේගපන්දු යවන්නන්ගෙන්. ඉතිං එහෙම තත්ත්වයක දී ජනිත පෑ දක්ෂතා ඉතා විශිෂ්ටයි.“

1992 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම්

1987 වසරේදී සිව්වන ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමෙන් අනතුරුව 1991 වසරේදී පස්වන ලෝක කුසලාන තරගාවලිය

ජනිතගේ පියා ටී. කේ. නිමල් මහතා ය. ඔහු විශ්‍රාමික බන්ධනාගාර නිලධාරියෙකි. මව තිලකා මානෙල් ය. ගෘහණියක ලෙසින් කටයුතු කරන්නී ය. ජනිතගේ සහෝදරයා වන තිළිණ ලක්මාල් මේ වෙද්දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම නියෝජනය කරන්නේ ය. තිළිණ ලක්මාල් ද ක්‍රිකට් අත්පොත් තබන්නේ නිට්ටඹුව, රද්දොළුගම විද්‍යාලයෙනි. අනතුරුව ඔහු වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනයට පිවිස එහි ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නේ ය. එතැනින් පසුව ය, ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම නියෝජනය කරනුයේ.

ජනිතගේ ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි වශයෙන්ම දායකත්වය දක්වන්නේ එම නිවැසියන් ය. ඔහු තමන්ට මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තුතිවන්ත වේ. විශේෂයෙන්ම මව සහ පියා ජනිතගේ ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ දායකත්වය සුවිශේෂී බවයි ඔහු පවසන්නේ. ඊට අමතරව දිපාල් සුරසිංහ මහතා සේ ම ගාමිණි දුශ්‍යන්ත මහතා ද වර්තමාන පුහුණුකරු චානක පෙරේරා මහතා සහ කේරි විද්‍යාලයීය ක්‍රිකට් භාර ආචාර්ය ජගත් පෙරේරා මහතාව ද ඔහු ආදරයෙන් සිහිපත් කරයි.

“ගෙදර අයට අමතරව මට මේ සියලු දෙනා එකම ලෙසින් උදව් කළා. මගේ අයිය මට නිතරම උදව් කළා. උපදෙස් දුන්නා. මගේ අඩුපාඩු හදාගන්න වැඩි වශයෙන්ම උදව් කළේ අයියා. ඔහු මගේ පුහුණුකරුවන් කියන දේවල් මම විස්තර කළ පසු කරන්න ඕන දේ කියලා දුන්නා. මගේ ඉරියව් නිරීක්ෂණය කළා. මට මගේ වැරදි ඉතා ඉක්මනින් හදාගන්න උදව් කළේ අයියා. මම ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ කණ්ඩායමේ සියලු දෙනා වගේම ඔවුන්ගේ දෙමාපියන්, විද්‍යාලයේ විදුහල්පතිනිය සහ ක්‍රීඩා භාර ආචාර්යවරයා වගේම ගුරු මණ්ඩලයේ සියලු දෙනාවමත් මේ අවස්ථාවෙ ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.“ ජනිත් පවසන්නේ ය.

පාසල් ක්‍රිකට් පිටියේ දක්ෂතාත් සමගින් සහ සුන්දර මතකයන් ද සමඟින් එළඹෙන 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් දක්ෂතා දැක්වීම ජනිතගේ බලාපොරොත්තුවයි. එමෙන්ම වෙළෙඳ සේවා ක්‍රිකට් පිටියේ ද කතා බහට ලක්වෙන චරිතයක් වීමටයි ඔහුගේ අදහස.

“මම විශ්වාස කරනවා ක්‍රීඩා සමාජ 23න් පහළ තරගාවලියේ දී මට මගේ දක්ෂතා දක්වන්න අවස්ථාවක් ලැබෙයි කියලා. එතැන දී ඉතා හොඳින් දක්ෂතා දක්වමින් ඉදිරියට පැමිණීමයි මගේ අනාගත බලාපොරොත්තුව.“ ජනිත් පවසන්නේ ය.

ඔහුගේ එම බලාපොරොත්තු සඵල වේවායි ThePapare.com සුබ පැතුම් එක් කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<