වසර 5කට පසුව යොවුන් කණ්ඩායමක් ලෝක කුසලානයට

272
ICC CRICKET

එක්සත් අරාබි එමීර් වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම එළඹෙන 2020 යොවුන් ලොකු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ. ඒ එළඹෙන ලෝක කුසලානයට ආසියානු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ පළමු කාණ්ඩයේ  තරගාවලිය ජය ගනිමිනි.

වාසනාව ටිකක් තිබ්බොත් අපිට ඇති – ඩේල් ස්ටේන්

වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාව තුල සිටින ලොව ප්‍රබල වේගපන්දු යවන්නෙක් වන දකුණු…

එළඹෙන යොවුන් ලෝක කුසලාන තරගාවලියට ආසියානු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ඕමාන යොවුන් කණ්ඩායමත් සමඟ පැවති තරගය කඩුලු 10කින් ජය ගැනීමත් සමඟ එක්සත් අරාබි එමීර් යොවුන් ක්‍රීඩකයින් ලෝක කුසලානයේ සිය ස්ථානය තහවුරු කර ගන්නා ලදි.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමාන් ක්‍රීඩකයින් සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 105ක් පමණයි. ජයග්‍රහණය සඳහා ලකුණු 106ක ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමීර් යොවුන් ක්‍රීඩකයින් කිසිවකු නොදැවී ජයග්‍රාහි ඉලක්කය පසු කිරීමට සමත් විය.

එම ජයග්‍රහණයත් සමඟින් එක්සත් අරාබි එමීර් යොවුන් ක්‍රීඩකයින් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගත්තේ ඔවුන් සහභාගී වූ තරග 5න් 5ම ජයග්‍රහණය කරමිනි.

සහභාගී වූ තරග 5න් 4ක් ජය ගත් නේපාලය ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දිනා ගත් අතර සහභාගී වූ තරග 5න් 3ක් ජය ගත් කුවේට් කණ්ඩායම තුන්වැනි ස්ථානයට පත්විය.

සහභාගී වූ තරග 5න් එක් තරගය බැගින් ජය ගත් මලයාසියානු, ඕමාන සහ සිංගප්පූරු යොවුන් කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් සිව්වැනි, පස්වැනි හා හයවැනි ස්ථාන දිනා ගන්නා ලදි.

මොහොමඩ් අමීර්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට මේ වන ලෝකයේ ප්‍රබල ක්‍රිකට්…

දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වීමට නියමිත 2020 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් සහභාගී වීමට නියමිතයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය දරන කණ්ඩායම් 11ක් ඊට සෘජුවම සුදුසුකම් ලබා ගෙන තිබේ.

අතිරේක කණ්ඩායම් 5 තෝරා ගැනීම සඳහා කලාපීය මට්ටමින් තරගාවලි පැවැත්වෙන අතර මේ වන විට ඉන් අප්‍රිකානු සහ ආසියානු කලාපයෙන් කණ්ඩායම් ද්විත්වයක් සුදුසුකම් ලබාගෙන අවසන්ය. තවත් කණ්ඩායම් 3ක් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය තුළින් තරගාවලියට සහභාගී වීමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් යොවුන් කණ්ඩායම යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර ඔවුන් 2014 වසරේ දී තරගාවලියට සහභාගී වූ අතර එහි දී ඔවුන්ට හිමි වූයේ 12 වැනි ස්ථානයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<