ආරම්භක තරගයේදීම ශ්‍රී ලංකාවට වැඩ වරදියි

178

වයස අවුරුදු 23න් පහළ දෙවන ආසියානු කාන්තා වොලිබෝල් ශූරතා තරගාවලිය මැයි මස 13 වන දා  සිට 21 වන දා දක්වා තායිලන්තයේ නැකහොන් රැට්චසිමා හීදි පැවැත්වේ. මේ සඳහා කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 13ක් තරග කරනු ලැබේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහි දී C කාණ්ඩය යටතේ තරග වදියි.

ශ්‍රී ලංකාවට 10 වන තැන

වයස අවුරුදු 23න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතා තරගාවලියේ ඊයේ (7) පැවැත්වූ තරග වලින් ජයග්‍රහණ ලබා ගැනීමට උස්බෙකිස්තානය, ජපානය, තායිලන්තය, ඉරානය හා චීන තායිපේ යන කණ්ඩායම් සමත් විය.

එහි දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා චීන තායිපේ කාන්තා කණ්ඩායම අතර අද (13) පැවැත්වූ මූලික වටයේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වට 3-0ක් (25-15, 25-14, 25-10) ලෙස පරාජයට පත්විය.

චීන තායිපේ ක්‍රීඩිකාවන් පළමු තරග වට දෙක තුල දී 25-15ක් හා 25-14ක් ලෙස ජයග්‍රහණය ලබා ගන්නා ලදි. තෙවන තරග වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නැවත හිස ඔසවා ගෙන හොඳ තරගයක් දීමට පිටියට පැමිණි අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතා මනාව හඳුනා ගත් චීන තායිපේ කණ්ඩායම එම තරග වටය තුල ලකුණු 25-10ක් ලෙස ශ්‍රී ලංකාව පහසුවෙන්ම පරාජයට පත්කරන ලදි.

චීන තායිපේ කණ්ඩායම් පුහුණුකරු හුයි මින් ලින් මහතා තරගයෙන් පසුව තම සතුට මෙසේ ප්‍රකාශ කරන ලදි.

මම නිහතමානීව ආඩම්බර ව‍ෙනවා මගේ කණ්ඩායමේ දස්කම් පිළිබඳව. අප මෙම තරගයට වඩා හොඳ තරගයක් ලබා දීමට කටයුතු කරන අතර, නව සැලැස්මකට අනුව ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වනවා. මගේ ක්‍රීඩිකාවන් පළමු වටය හොඳින් ක්‍රීඩා කළේ නැතත් ඔවුන් ජයග්‍රහණය ලබා ගත්තා. මම ඔවුන්ගේ අඩුපාඩු පෙන්වා දුන් පසුව ඉතිරි තරග වට දෙක ඔවුන් ඔවුන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කළා.

මේ කණ්ඩායම සතුව සිටින්නේ විශ්ව විද්‍යාල වල හා උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන ක්‍රීඩිකාවන් වන අතර, අප මෙම තරගාවලිය සඳහා පුහුණුවීම් ආරම්භ කලේ මීට සති  3කට පමණ පෙරයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එදිරිව හෙට (14) පැවැත්වීමට නියමිතව තිබෙන තරගය තියුණු තරගයක් වනු නිසැකයි. නිසාවෙන් අප හොඳින් පිරිනැමීම් සිදුකර මුල සිටම ඔවුන්ව අපගේ පීඩනයට හසුකරගෙන, තරගය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි හුයි මින් ලින් මහතා ප්‍රකාශ කලේය.

වැන් ලින් ටිසෙන්ග් හා ටිසූ යා චෙන් යන ක්‍රීඩිකාවන් චීන තායිපේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10 බැගින් ලබා ගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සෙනෙවිරත්න ලකුණු 5ක් එක් කරමින් තරගය තුල දී කණ්ඩායම් වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්නා ලදි.

C කාණ්ඩය යටතේ, ශ්‍රී ලංකාව හා කසකස්තානය මෙන්ම චීන තායිපේ හා ඕස්ට්‍රේලියාව, මූලික වටයේ තරගවල දී හෙට (14 වන ඉරිදා) එකිනෙකා හමුවේ.

අද (13) පැවැත්වූ අනෙක් තරග වල ප්‍රතිඵල,

  • තායිලන්තය 3-0  හොංකොං (25-18, 25-12, 25-9)
  • වියට්නාමය 3-0 උස්බෙකිස්තානය (25-14, 25-17, 25-16)
  • කසකස්තානය 3-2 ඕස්ට්‍රේලියාව (25-13, 25-15, 23-15, 22-25, 15-11)
  • මැලේසියා 3-0 නවසීලන්තය (25-23, 25-12, 25-12)

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට