චෙල්සි චෝදනාවලින් නිදහස් කරයි

145

යොවුන් කෙටිදුර ධාවන ක්‍රීඩිකාවක් වන චෙල්සි මෙලනි බෙන්දරගේ හට එල්ල වූ තහනම් උත්තේජක චෝදනා වලින් ඇය නිදහස් කර ඇති බව ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ නියෝජ්‍යායතනය (SLADA) නිවේදනය කළේය. ඒ, සම්බන්ධව සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි.

තරගාවලිය ආරම්භයේ දී නව වාර්තා 4ක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 35 වැනි වරටත් සංවිධානය ……

කෙසේ නමුත් ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ නියෝජ්‍යායතනය (SLADA) විසින් මලල ක්‍රීඩා සංගමය වෙත ඉදිරිපත් කළ ලිපියේ ඇයව එම චෝදනාවෙන් නිදොස් කළේ කුමන පදනමක් මත ද යන්න දක්වා නොමැති අතර ඔක්තෝබර් 29 වැනිදා ස්වාධීන විනය කමිටුව විසින් ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ නියෝජ්‍යායතනය (SLADA) වෙත යැවූ ලිපියේ සඳහන් කර ඇත්තේ චෙල්සිගේ නිදොස්භාවය පිළිබඳව පමණි.

චෙල්සි තම දක්ෂතාවල උපරිමයේ සිටි අවධියේ දී බෙන්තොට ගාමිණී විද්‍යාලය නියෝජනය කරමින් අවුරුදු 18න් පහළ මීටර් 100 ඉසව්ව තත්පර 12.27කින් අවසන් කිරීමට ද සමත් විය. ඊට අමතරව මීටර් 100×4 සහය දිවීම ඉසව්ව තම කණ්ඩායමට ලබා දීම සඳහා ද ඇය දායක වූයේ වසර 15ක් පැරණි පාසල් වාර්තාවක් අලුත් කරමිනි. 

18 වසරක ශූරයා ක්‍රීඩා පිටියට සමුදෙයි

මලල ක්‍රීඩාවට ඇලුම් කරන කාහටත් අමතක නොවන, ශ්‍රී ලංකාවෙන් ……

අනතුරුව ඇය දකුණු පළාත නියෝජනය කරමින් ජාතික මහා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ 100×4 සහය දිවීම ඉසව්ව මඟිනි. ඇයට තහනම් උත්තේජක චෝදනා එල්ල වූයේ ද එම තරගාවලියේ දී ය. ඇය ඒ වෙනුවෙන් නීති මාර්ගයෙන් සටන් කිරීමට ද ක්‍රියාමාර්ග ගනු ලැබීය.

එහි දී විමර්ශන සඳහා කටයුතු ඇයගේ පාර්ශවය විසින් ලිඛිතව ඉදිරිපත් කළ අභියාචනයට අනුව වසරක පමණ කාලයක් එම නඩුව ඇදී ගිය නමුත් තීන්දුව ලබා දීමටත් පෙරම මෙලෙස ඇය නිදහස් විය.

යම් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් කිසිදු තරග තහනමකින් තොරව නිදහස් වූ දෙවන වතාව මෙය වන අතර පළමු වතාවේ දී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන කුසල් ජනිත් පෙරේරාට මෙලෙසින් තහනම් උත්තේජක චෝදනාවලින් නිදහස් විය. 

SLCයේ මෝටර් රථ දෙක උෂාන් සහ ලක්ෂිකා විසින් රැගෙන යයි

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ……

ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ නියෝජ්‍යායතනය (SLADA) විසින් මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල ලෝක තහනම් උත්තේජක නිවාරණ නියෝජ්‍යායතනය (WADA) වෙත යැවීමට නියමිතව ඇති අතර එම ප්‍රතිඵලවලින් ලෝක තහනම් උත්තේජක නිවාරණ නියෝජ්‍යායතනය (WADA) සෑහීමකට පත් නොවුවහොත් ඔවුන් එය බේරුම්කරණ අධිකරණය (CAS) වෙත යොමු කරනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<