නැවත දුන් නායකත්වය Mehidy Hasan ප්‍රතික්ෂේප කරයි

5913
Mehidy Hasan

Chattogram Challengers කණ්ඩායම මේ දිනවල පැවැත්වෙන බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක Mehidy Hasanගේ සහභාගීත්වය තහවුරු කරගෙන තිබෙනවා.

Chattogram Challengers විසින් Mehidy Hasanව හදිසියේම නායකත්වයෙන් ඉවත් කළ අතර ඉන් පසු Mehidy Hasan තරගාවලිය අතහැර පෞද්ගලික හේතුවක් මත බව පවසමින් ඩකා වෙත පිටත්ව යෑමට තීරණය කළා.

කණ්ඩායම රැඳී සිටි හෝටලයේ සිට Mehidy පැය හතරක් තුළ මාධ්‍ය සාකච්ඡා දෙකක් කැඳවා තිබීම විශේෂත්වයක්. Mehidy තරගාවලියෙන් ඉවත්ව යෑමට ගෙන තිබූ තීරණය කණ්ඩායමේ හිමිකරු MD Dato KM Rifatuzzamanගේ බලකිරීම මත වෙනස් කර තිබුණා.

Mehidy පළමු මාධ්‍ය හමුවේ දී මාධ්‍යයට පවසා තිබුණේ කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරි Yasir Ali තවදුරටත් කණ්ඩායම සමඟ සිටී නම් තමන් Challengers සමඟ ක්‍රීඩා නොකරන බවයි.

පසුව කණ්ඩායමේ හිමිකරු Rifatuzzaman ක්‍රීඩකයින් රැඳී සිටි හෝටලයට පැමිණ ඇති අතර දීර්ඝ සාකච්ඡාවකට පසුව පාර්ශ්ව දෙකම එකඟතාවයකට පැමිණ තිබෙනවා.

Mehidy පසුව මාධ්‍යයට පවසා තිබුණේ තමන් ක්‍රීඩා කරන නමුත් නායකත්වය යලි භාර නොගන්නා බවයි. කෙසේ වෙතත් කණ්ඩායමේ පුහුණුකරු Nixon, Mehidyව ධුරයෙන් පහකිරීමට ගත් තීරණයට තමන් දායක නොවුණු බව පවසා තිබෙනවා.

පසුගිය ජනවාරි 29 වැනිදා Sylhet Sunrisers කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී Chattogram Challengers තරග වැදුණේ Naeem Islamගේ නායකත්වය යටතේයි.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<