Home Sinhala වෙල්ලාලගේ ඉතිහාසගත වෙමින් ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේ අවසන් තරගයට

වෙල්ලාලගේ ඉතිහාසගත වෙමින් ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානයේ අවසන් තරගයට

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

4747
Dunith Wellalage

2022 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි ස්ථානය වෙනුවෙන් ඊයේ (30) පැවැත්වුන අවසන් පූර්ව තරගයේ දී (Lay-off Semi-Final) ශ්‍රී ලංකාව හමුවේ දකුණු අප්‍රිකාව ලකුණු 65කින් පරාජයට පත්වුනා.

සර් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ කාසියේ දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඇෆ්ගනිස්තානය සමඟ පැවති සුපර් ලීග් අර්ධ අවසන් පූර්ව තරගය සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කරමින් යසිරු රොද්‍රිගෝ වෙනුවට දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනුජ සහන් අද කණ්ඩායමට කැඳවා තිබුණා.

මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Sri Lanka U19 (Playing XI): Chamindu Wickramasinghe, Sadisha Rajapaksa, Shevon Daniel, Dunith Wellalage(c), Raveen de Silva, Sakuna Liyanage, Ranuda Somarathne, Anjala Bandara(w), Vinuja Ranpul, Wanuja Sahan, Treveen Mathew

South Africa U19 (Playing XI): Jade Smith, Ronan Hermann, Dewald Brevis, Gerhardus Maree, George Van Heerden(c), Kaden Solomons(w), Andile Simelane, Michael Copeland, Matthew Boast, Asakhe Tshaka, Kwena Maphaka

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු මුල්පෙළ කඩුලු 3 පළමු Powerplay අවස්ථාව තුල දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුනු අතර ඒ වන විට ශ්‍රී ලංකාව පන්දුවාර 10ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 30ක් ලබාගෙන සිටියේ අසීරු මට්ටමකට ඇද දමමින්.

කෙසේ නමුත් අංක 5 පිතිකරු ලෙස පිටියට අවතීර්ණ වුනු නායක වෙල්ලාලගේ තරගයේ සහ තණතීරුවේ ස්වභාවය මනාව හඳුනා ගනිමින් දුර්වල පන්දු හමුවේ පහර දෙමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළා.

අනෙක් අන්තයෙන් ඒ සඳහා සහය වුනු ශෙවෝන් ඩැනියල් ලකුණු 29ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62ක සබඳතාවයක් ගොඩනැංවූවා.

එම සබඳතාවය ශ්‍රී ලංකා ලකුණු සටහන ගොඩනැංවීමේ මූලික අඩිතාලම බවට පත් කර ගත් වෙල්ලාලගේ සහ දකුණතින් පිතිකරණයේ නිරත වන රනුද සෝමරත්න 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130ක අතිසාර්ථක සබඳතාවයක් ගොඩනැංවූවා.

එය මෙවර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල මේ දක්වා පැවති තරගවලින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු හොඳම සබඳතාවය බවට ද පත්වුනා.

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා නායකයෙක් ලබා ගත් පළමු ශතකය සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ලබා ගත් 9 වැනි ශතකය වාර්තා කර ගත් වෙල්ලාලගේ පන්දු 130ක දී ලකුණු 113ක් ලබා ගන්නට සමත් වුනා. ඔහුගේ එම නායකත්වයේ ඉනිමට 4 පහර 9ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා.

සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගත් සෝමරත්න පන්දු 70ක දී නොදැවී ලකුණු 57*ක් ලබා ගත්තේ 4 පහර 3ක් හා 6 පහර 2කින් සිය ඉනිම වර්ණවත් කරගෙනයි.

අවසානයේ දී ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 6ක් දැවී ලකුණු 232ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන 15 හැවිරිදි Kwena Maphaka කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා.

එංගලන්තය හමුවේ පැවති ලීග් අර්ධ අවසන් පූර්ව වටයේ තරගය පරාජයට පත්වීම නිසා මේ තරගය ක්‍රීඩා කිරීමට සිදුවුණු දකුණු අප්‍රිකාවට ලකුණු 233ක ඉලක්කයක් හඹා යාමට තිබුණු නමුත් ඔවුන්ගේ පළමු කඩුලු 2 පළමු පන්දුවාර 7 තුල දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෙන්ම මේ තරගාවලිය පුරාවට සාර්ථක වුනු Dewald Brevisගේ කඩුල්ල ලකුණු 6කට දවා ගැනීමට වමතින් දඟපන්දු යවන වනුජ සමත් වීමත් සමඟම තරගයේ පැහැදිලි වාසිය ශ්‍රී ලංකාව දෙසට පැමිණියා.

Gerhardus Maree සහ Ronan Hermann පිළිවෙළින් ලකුණු 44ක් සහ ලකුණු 34ක් ලබාගෙන දැක්වූ දස්කම් හැරෙන්නට ඔවුන්ගේ පිතිකරුවන් හට වැඩි වෙලාවක් කඩුල්ල තුල ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

එහි ප්‍රතිඵලයක් දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 37කුත් පන්දු 3ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 167ක් පමණයි. ට්‍රෙවින් මැතිව්, ශෙවෝන් ඩැනියල් සහ උපනායක රවීන් ද සිල්වා කඩුලු 2ක බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වයේ දස්කම් දක්වමින් ශතකයක්, කඩුල්ලක් සහ දුවද්දී දවා ගැනීමක් සාර්ථක කර ගත් වෙල්ලාලාල්ගේ මේ තරගයේ වීරයා බවට පත්වුනා.

ශ්‍රී ලංකාව මේ තරගාවලිය තුල ක්‍රීඩා කරනු ලබන අවසන් තරගය පෙබරවාරි 3 වැනිදා අද තරගය පැවැත්වුණු මේ ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

5 වැනි ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන අනෙක් අවසන් පූර්ව තරගය අද (31) බංග්ලාදේශ සහ පාකිස්තානය අතර පැවැත්වෙන අතර එම තරගය ජය ගන්නා කණ්ඩායම පෙබරවාරි 3 වැනිදා තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වනු ඇත.

තරගාවලියේ උණුසුම් තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThaPapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


South Africa U19
167/10 (37.3)

Sri Lanka U19
232/6 (50)

Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe b Kwena Maphaka 8 15 0 0 53.33
Sadisha Rajapaksa b Kwena Maphaka 5 19 0 0 26.32
Shevon Daniel c Asakhe Tsaka b Matthew Boast 29 54 4 0 53.70
Sakuna Nidarshana Liyanage c Andile Simelane b Matthew Boast 0 8 0 0 0.00
Dunith Wellalage c Michael Copeland b Kwena Maphaka 113 130 9 4 86.92
Ranuda Somarathne not out 57 70 3 2 81.43
Vinuja Ranpul c Andile Simelane b Dewald Brevis 6 4 0 1 150.00
Raveen De Silva not out 0 1 0 0 0.00


Extras 14 (b 0 , lb 6 , nb 1, w 7, pen 0)
Total 232/6 (50 Overs, RR: 4.64)
Fall of Wickets 1-14 (5.2) Sadisha Rajapaksa, 2-17 (5.5) Chamindu Wickramasinghe, 3-25 (8.3) Sakuna Nidarshana Liyanage, 4-87 (25.3) Shevon Daniel, 5-217 (48.4) Dunith Wellalage, 6-232 (49.5) Vinuja Ranpul,

Bowling O M R W Econ
Matthew Boast 9 0 21 2 2.33
Kwena Maphaka 10 1 60 3 6.00
Michael Copeland 10 0 35 0 3.50
Andile Simelane 5 0 21 0 4.20
Dewald Brevis 10 0 52 1 5.20
Asakhe Tsaka 6 0 37 0 6.17


Batsmen R B 4s 6s SR
Jade Smith run out (Dulith Wellalage) 1 6 0 0 16.67
Ronan Hermann c Chamindu Wickramasinghe b Treveen Mathews 34 40 3 1 85.00
Dewald Brevis lbw b Wanuja Sahan 6 12 1 0 50.00
Gerhardus Maree c Raveen De Silva b Dulith Wellalage 44 43 7 0 102.33
George Van Heerden c Chamindu Wickramasinghe b Treveen Mathews 3 12 0 0 25.00
Kaden Solomons lbw b Shevon Daniel 4 7 0 0 57.14
Andile Simelane run out (Raveen De Silva) 20 26 0 1 76.92
Michael Copeland b Ravindu De Silva 20 27 2 0 74.07
Matthew Boast st Anjala Bandara b Ravindu De Silva 14 24 2 0 58.33
Asakhe Tsaka not out 9 20 0 0 45.00
Kwena Maphaka st b Shevon Daniel 8 9 0 0 88.89


Extras 4 (b 0 , lb 1 , nb 1, w 2, pen 0)
Total 167/10 (37.3 Overs, RR: 4.45)
Fall of Wickets 1-8 (2.3) Jade Smith, 2-26 (6.5) Dewald Brevis, 3-54 (11.5) Ronan Hermann, 4-66 (15.1) George Van Heerden, 5-72 (16.4) Kaden Solomons, 6-112 (22.6) Gerhardus Maree, 7-117 (24.6) Andile Simelane, 8-148 (32.1) Michael Copeland, 9-152 (34.2) Matthew Boast, 10-167 (37.3) Kwena Maphaka,

Bowling O M R W Econ
Wanuja Sahan 7 1 29 1 4.14
Vinuja Ranpul 4 0 25 0 6.25
Treveen Mathew 10 1 41 2 4.10
Dunith Wellalage 6 0 29 1 4.83
Shevon Daniel 5.3 0 28 2 5.28
Raveen De Silva 5 0 14 2 2.80