ජාතික වොලිබෝල් සංචිත සඳහා පුහුණුකරුවන් බඳවා ගැනේ!

188

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් ජාතික වොලිබෝල් සංචිත සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවීමට තීරණය කර තිබේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පිරිමි සංචිතය, අවුරුදු 20 න් පහළ පිරිමි සංචිතය, අවුරුදු 18 න් පහළ පිරිමි සංචිතය සහ කාන්තා සංචිතය යන ශ්‍රී ලංකා වොලිබෝල් සංචිත සඳහා පුහුණුකරුවන්ට සිය අයදුම්පත් යොමු කළ හැකිය. 

අඩි හයයි අඟල් දහයයි – මැට් ඇන්ඩර්සන්

ලොව ප්‍රමුඛතම වොලිබෝල් ක්‍රීඩා සමාජවලින් වැඩිම ඉල්ලුමක් ලැබෙන….

මෙම සංචිත සඳහා ප්‍රධාන පුහුණුකරු, සහාය පුහුණුකරු සහ අභ්‍යාසක යන තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. 

සියලු සුදුසුකම් සහිත විස්තර ඇතුළත්, අයදුම් කරන තනතුරු සඳහන් කරන ලද අයදුම්පත්‍රයක් සකස් කර 2020 ජනවාරි මස 27 දිනට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ ජාතික වොලිබෝල් සංචිත සඳහා පුහුණුකරුවන් තෝරා ගැනීම 2020“ යනුවෙන් සටහන් කර පහත සඳහන් ලිපිනයට ලැබීමට සලස්වන්න. 

ප්‍රධාන ලේකම්,
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය,
නො: 33,
ටොරින්ටන් පෙදෙස,
කොළඹ 07.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<