නවසීලන්ත ප්‍රවීණයෙකු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

492
Brendon McCullum
©GETTY IMAGES

හිටපු නවසීලන්ත නායකයෙකු සහ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන බ්‍රෙන්ඩන් මැකලම් පූර්ණ ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස, කැනඩා ග්ලෝබල් T20 තරගාවලිය සහා යූරෝ T20 තරගාවලි වැනි ලීග් තරගාවලි සඳහා මින් ඉදිරියට සහභාගී නොවනු ඇති.

සුපිරි වේගපන්දු තරුව ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකාවෙන් ලෝක ක්‍රිකට් පිටියට දායක වූ ලොව………………

මේ දිනවල දී පැවැත්වෙන කැනඩා ග්ලෝබල් T20 ක්‍රිකට් තරගාවලියේ ටොරොන්ටෝ නැෂනල් කණ්ඩායම නියෝජනය කරන බ්‍රෙන්ඩන් මැකලම් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් පසු පූර්ණ කාලීනව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. ටොරොන්ටෝ නැෂනල් කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේ දී මොන්ට්‍රියල් ටයිගර්ස් කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.

එළඹෙන යූරෝ T20 ස්ලෑම් තරගාවලිය ක්‍රීඩා කිරීමට තමන්ට අවශ්‍ය නොවන බවත්, ඒ පිළිබඳව සංවිධායකයින් යහපත් ප්‍රතිචාරයක් තමාට ලබා දෙනු අතැයි අපේක්ෂා කරන බවත් මැලම් මාධ්‍යයට සඳහන් කර තිබුණි.

ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත අදාළ තරගාවලියේ දී ග්ලාස්ගෝ කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට බ්‍රෙන්ඩන් මැකලම් ගිවිසුම් අත්සන් කර තිබුණි. සිය වසර 20ක ක්‍රිකට් දිවිය තුළ තමන් ක්‍රිකට් දිවිය ආරම්භ කළ ස්ථානය දෙස නැවත හැරී බලන විට වර්තමානයේ තමන්ගේ ප්‍රගතිය පිළිබඳව ඔහුට ඇත්තේ ආඩම්බරයක් බව මැකලම් ප්‍රකාශ කර තිබේ.

තලන තරමට පදම් වන ස්මිත් ශතක දෙකක් සමඟින් තරගය දිනවයි!

පිටියක් මැද හුදකලා වන පිතිකරුවෙකුට ප්‍රතිවාදී පන්දු …..

නවසීලන්තයේ කලිං පාක් සිට එංගලන්තයේ ලෝඩ්ස් දක්වා පැමිණි සිය ක්‍රිකට් දිවියේ කිසිදාක අමතක කළ නොහැකි මතක රැසකින් සිය ක්‍රිකට් දිවිය වර්ණවත් වී ඇති බවත් ලෝක ක්‍රිකට් පිටියේ නියෝජනය කළ සෑම කණ්ඩායමකටම තමන් ණයගැති බව ද මැකලම් සඳහන් කර තිබේ.

මේ වසරේ පෙබරවාරි මාසයේ දී ඔහු ඕස්ට්‍රේලියා බිග් බෑෂ් ලීගයෙන් ඉවත් වූයේ පුහුණුකරුවෙකු ලෙස සිය අත්දැකීම් කණ්ඩායම් සමඟ බෙදා ගැනීමේ බලාපොරොත්තුවෙනි.

සිය පූර්ණ කාලීන සමුගැනීම ප්‍රකාශ කළ මැකලම් සඳහන් කළේ මින් ඉදිරියට පුහුණුකරුවෙකු ලෙස සහ මාධ්‍යයට සම්බන්ධ වෙමින් සිය අත්දැකීම් බෙදා ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි.

නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 101ක දී ඉනිම් 176ක් ක්‍රීඩා කර ඇති මැකලම් එහි දී ලකුණු 6453ක් රැස් කරගෙන සිටින්නේ ශතක 12ක් සහ අර්ධ ශතක 31ක් ද සමඟිනි.

ශ්‍රී ලංකාවට අහිමි වූ රසල් ආනල්ඩ් නම් නායකයා

ක්‍රිකට් කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක්. විවිධ ගතිගුණ……

එක්දින තරග 260ක දී සිය දායකත්වය නවසීලන්තය වෙනුවෙන් ලබා දුන් මැකලම් එහි දී ලකුණු 6083ක් රැස් කරගෙන සිටීම විශේෂත්වයකි. ඊට එක්දින ශතක 5ක් සහ අර්ධ ශතක 32ක් ඇතුළත්.

පන්දුවාර විස්සයි විස්ස පිටියේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙකු ලෙස ලොව ප්‍රචලිත වූ ඔහු ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස තරග 71ක දී ලකුණු 2140ක් රැස් කරගෙන තිබේ.

නවසීලන්ත ජාතික කණ්ඩායමට මෙන්ම, බ්‍රිස්බන් හීට්  කැන්ටබෙරි, චෙන්නායි සුපර් කිංග්ස්, ග්ලැමෝගන්, ගුජරාට් ලයන්ස්, කොචි ටස්කස් කේරලේ, කොල්කටා නයිට් රයිඩර්ස්, ලාහෝර් ක්ලැන්ඩර්ස්, නිව් සවුත් වේල්ස්, ඔටාගෝ, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්, සසෙක්ස්, ටොරෙන්ටෝ නැෂනල් වැනි කණ්ඩායම් රැසකට මැකලම් සිය දායකත්වය ලබා දී තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<