බෙල්ජියම සහ නෙදර්ලන්තය හොකී ලෝක කුසලානයේ සුපිරි 8 දෙනා අතරට

150

ඉන්දියාවේ බුවනේස්වර්හී මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන හොකී තරගාවලියේ 14 වැනි දිනය වන ඊයේ දිනය (11) නිමා කරමින් පැවති තරගවලින් නෙදර්ලන්තය සහ බෙල්ජියම පිළිවෙළින් කැනඩාව සහ පාකිස්තානය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු සවි එසවීමේ දී රන් රිදී ලෝකඩ දිනයි

ජාත්‍යන්තර සවි එසවීමේ සම්මේලනයේ අනුදැනුම මත ආසියානු සවි එසවීමේ….

බෙල්ජියම සහ පාකිස්තානය අතර තරගය

දිනය ආරම්භ කරමින් බෙල්ජියම සහ පාකිස්තානය අතර පැවති තරගයෙන් ගෝල 5-0ක් ලෙස ඉතා පහසු ජයක් අත්කර ගැනීමට බෙල්ජියම සමත් විය. තරග ආරම්භයට පෙරම දැඩි ප්‍රේක්ෂක සහ විචාරක අවධානයට පාත්‍ර වූ මෙම තරගය උණුසුම් අවසානයක් කරා ගමන් කරනු ඇතැයි බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව විය.

නිමාව දුටු රියෝ ඔලිම්පික් උළෙලේ දී රිදී පදක්කම් ලාභී, බෙල්ජියම තරගයේ ප්‍රථම කාර්තුවේ දී ම ගෝල දෙකක් ලබා ගත්තේ ආසියානු දැවැන්තයින් අන්දමන්ද කරමිනි. ඇලෙක්සැන්ඩර් හෙන්ඩ්‍රික්ස් විසින් තමට ලැබුණු short corner අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගනිමින් ලකුණු පුවරුව සක්‍රිය කළ අතර ඔහු සමඟ එක්වූ බෙල්ජියම් නායක තෝමස් බ්‍රියෙල්ස් අපූර්ව ගෝලයක් වාර්තා කරමින් 2-0ක් ලෙස සිය කණ්ඩායමේ ලකුණු තත්වය ඔසවා තැබීමට සමත් විය.

දෙවන කාර්තුවේ දී සිය වාඩුව පිරිමසා ගැනීමට තිබූ පහසු අවස්ථාවන් කිහිපයක්ම පකිස්තානුවන් අතින් ගිලිහි ගිය අතර එය තම කණ්ඩායමේ  වාසියට හරවා ගත් බෙල්ජියම් ක්‍රිඩක සෙඩ්ඩ්‍රික් චාලියර් ගෝල පරතරය 3-0ක් දක්වා ඉහළ දැමුවේය.

ඉන්පසු තුන්වැනි සහ හතරවැනි කාර්තුවල දී ශේන් මැක්ලීඩ් සහ ටොම් බූන් විසින් වාර්තා කළ ගෝල ද්විත්වයෙන් පකිස්තානුවන්ගේ ලෝක කුසලාන සිහිනය සුනුවිසුනු කර දමමින් අමිහිරි පරාජයක් අත්කර දීමට බෙල්ජියම් ක්‍රීඩකයෝ සමත් වූහ.

ආසියානු කඹය අදින්නට පෙර

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරන 13 වැනි ආසියානු කඹ…

නෙදර්ලන්ත සහ කැනඩාව අතර තරගය

තරගයේ ආරම්භක මිනිත්තු 15 තුල දී තරගයේ පාලනය සියතට ගනිමින් යුරෝපා ශූරයන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට කැනඩා ක්‍රීඩකයින් සමත් විය. කැනඩා ගෝල රකින්නා ලෙස ක්‍රියා කළ ඩේවිඩ් කාටර් විසින් ඉතා විශිෂ්ට ගෝල රැකීම් කිහිපයක්ම සිදු කරමින් තම සගයින්ට මනා සහයක් ලබා දුන්නේය.

පළමු කාර්තුව ගෝල රහිතව නිමා වෙද්දී දෙවන කාර්තුවේ දී සිය නිහැඬියාව බිඳ හෙළමින් නෙදර්ලන්ත ක්‍රීඩකයෝ ගෝල දෙකක් ලබා ගනිමින් කැනඩා ක්‍රීඩකයන් නිරුත්තර කිරීමට සමත් වූහ. ලාස් බාර්ක් සහ රොබට් කෙම්පර්මන්ගේ පිතිවලින් එම ගෝල ද්විත්වය වාර්තා විය.

එතැන් පටන් තරගයේ ආධිපත්‍යය තමන් සතුකර ගත් නෙදර්ලන්ත ක්‍රීඩකයින් කැනඩා ආරක්ෂක වළලු බිඳ දමමින් තෙවන කාර්තුවේ දී ගෝල දෙකක් ද, තරගය නිමා කරමින් අවසන් කාර්තුවේ දී එක් ගෝලයක් ද වාර්තා කරමින් කැනේඩියානුවන් නැවත සිය රට බලා හරවා යැවීමට සමත් විය.

පරාජිත පිළේ වූවද කැනේඩියානු ගෝල රකින්නාගේ අනර්ඝ ගෝල රැක ගැනීම් කිහිපයක්ම කාගේත් පැසසුමට ලක් විය. ඒ නිසාවෙන්ම ඔහු තරගයේ වීරයා සම්මානයෙන් පුද ලැබුවේය.

ලැබූ ජයග්‍රහණයන් සමඟ කණ්ඩායම් දෙකම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර එහි දී නෙදර්ලන්තය ප්‍රබල ඉන්දියාව සමඟත් බෙල්ජියම ජර්මනිය සමඟ හෙට දිනයේ දී (13) තරග වැදීමට නියමිතයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<