BRC, SSC, කෝල්ට්ස් සහ මුවර්ස් කණ්ඩායම් අවසන් පුර්ව වටයට

522
BRC Sixes Day 1

දිවයිනේ ප්‍රකඨ ක්‍රිකට් සැණකෙළියක් වූ “BRC සික්සස්” තරඟාවලිය වසර 20කට පසුව අද (12) යළි පණ ලැබූ අතර, එහි අර්ධ අවසන් පූර්ව වටයේ මූලික තරඟත්, අර්ධ අවසන් වටයේ තරඟත්, පිළිවෙලින් BRC හා කෝල්ට්ස් ක්‍රීඩාංගනයන් හිදී ආරම්භ විය. අවසන් පුර්ව තරඟ සහ අවසන් තරඟ හෙට දිනයේදී පැවැත්වේ.

පසුගිය ලිපි: වසර 20කට පසු BRC සය සාමාජික ක්‍රිකට් තරඟාවලිය නැවතත්

බොහෝ දෙනා අපේක්ෂා සහගතව බලා සිටින තරඟාවලියක් බවට පසුකාලීනව පත් වූ “BRC සික්සස්”හි මංගල තරඟාවලිය පැවැත්වූයේ 1969 වර්ෂයේදී ය. BRC සමාජයේ ශත සංවත්සර වසර වූ 1996දී අවසන් වරට පැවැත්වුණු තරඟාවලිය ජය ලැබුවේ දීපාල් මදුරප්පෙරුමගේ නායකත්වයෙන් යුත් BRC කණ්ඩායමයි.

මෙම තරගාවලියේ තරමක වෙනස් නීති රෙගුලාසි කිහිපයක් දැකගත හැකිවිය.

*පිතිකරුවෙකු නොදැවී සිටියත් ලකුණු 30 සීමාව පසුකළ සැණින් ඔහු ක්‍රීඩාගාරය වෙත යා යුතු නමුත් ලකුණු 30ට පෙර ඔහුට විවේක ගත නොහැකිය (ආබාධයකට ලක් නොවූයේ නම් පමණක්).එමෙන්ම තරඟයේ පන්දුවාර 5 තුළ අවසන් පිතිකරු යුගලයත් දැවී යන්නේ නම්, විවේකය සඳහා යවන ලද පිතිකරු නැවත පැමිණ ක්‍රීඩා කළ යුතු වේ.

*වයිඩ් හා නිපන්දු සඳහා ලකුණු 2 බැඟින් පිතිකරණයේ යෙදෙන කණ්ඩායමට හිමිවන අතර අමතර පන්දුවක් ද යැවිය යුතු වේ.

කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් පැවැත්වූ තරඟාවලියේ ලීග් වටයක් නොමැති අතර ප්‍රථම තරඟයේ සිටම පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට තරඟ පැවැත්විණි.

BRC, CCC, හලාවත මේරියන්ස්, SSC, සැරසන්ස්, මුවර්ස්, නාවික හමුදා ක්‍රීඩා සමාජය, කෝල්ට්ස් යන ක්‍රීඩා සමාජයන්, පිළිවෙලින් යුධ හමුදා ක්‍රීඩා සමාජය, ගාල්ල ක්‍රීඩා සමාජය, රාගම ක්‍රීඩා සමාජය, බ්ලුම්ෆීල්ඩ්, ටැමිල් යුනියන්, වරාය අධිකාරිය, NCC සහ බදුරලිය යන කණ්ඩායම් අර්ධ අවසන් මූලික වටයේදී පරාජයට පත්කරනු ලැබීය.

අර්ධ අවසන් පුර්ව වටයේදී BRC කණ්ඩායම විසින් CCC කණ්ඩායම ලකුණු 6කින් පරාජය කර අතරම, SSC කණ්ඩායම විසින් හලාවත මේරියන්ස් කණ්ඩායම ලකුණු 32කින් පරාජය කරමින් තරඟාවලියේ ලකුණු 100 පසුකළ ප්‍රථම කණ්ඩායම වීමටද සමත් විය. තෙවන තරඟයේදී කෝල්ට්ස් කණ්ඩායම විසින් නාවික හමුදා කණ්ඩායම පහසුවෙන් පරාජය කරන්නට සමත් වූ අතර මුවර්ස් කණ්ඩායම විසින් සැරසන්ස් කණ්ඩායම ලකුණු 18කින් පරාජය කරමින් අවසන් පුර්ව වටයේ ඉඩ වෙන්කරගන්නට සමත් විය.

අර්ධ අවසන් පුර්ව වටයේ මුලික තරඟ ප්‍රතිඵල,

BRC 66/4,(5): ඉන්දික ද සේරම් 30, ටී. එම්. සම්පත් 14.

පිළිතුරු වශයෙන්,

යුධ හමුදා ක්‍රීඩා සමාජය 41,(3.3): ජනක සම්පත් 32, විකුම් සංජය 2/4, රුමේෂ් බුද්ධික 2/5.


CCC 83/2,(5): අශාන් ප්‍රියන්ජන් 35, මාධව වර්ණපුර 26*.

පිළිතුරු වශයෙන්,

ගාල්ල ක්‍රීඩා සමාජය 64/3,(5): ශාලික කරුණානායක 32.


රාගම ක්‍රීඩා සමාජය 50/5,(5): කෞෂාන් ධනුෂ්ක 26.

පිළිතුරු වශයෙන්,

හලාවත මේරියන්ස් 52/2 (3.4): ඉසුරු උදාන 32.


SSC 73/2 (5): ධනුෂ්ක ගුණතිලක 26*, රමේෂ් මෙන්ඩිස් 26.

පිළිතුරු වශයෙන්,

බ්ලුම්ෆීල්ඩ් 72/1 (5): නිපුන් කරුණානායක 36, අදීශ නානායක්කාර 30.


ටැමිල් යුනියන් 60/3 (5): පුලින තරංග 32.

පිළිතුරු වශයෙන්,

සැරසන්ස් 64/2 (4.1): දෙනුවන් රාජකරුණා 21*, ගීත් අල්විස් 17.


වරාය අධිකාරිය 58/5 (5): අනුක් ද අල්විස් 19, තරිඳු මෙන්ඩිස් 2/07.

පිළිතුරු වශයෙන්,

මුවර්ස් 59/1 (4): රුවිඳු ගුණසේකර 35.


නාවික හමුදා ක්‍රීඩා සමාජය 64/5 (5): දිනුෂ්ක මාලන් 36, තරිඳු කෞෂාල් 3/09.

පිළිතුරු වශයෙන්,

NCC 49/5 (5): ඒ.පෙරේරා 31.


බදුරලිය ක්‍රීඩා සමාජය 64/4 (5): සාලිය සමන් 30*, ඉෂාර ජයරත්න 2/02.

පිළිතුරු වශයෙන්,

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය 66/0 (4.1): සදීර සමරවික්‍රම 35, ඉශාන් ජයරත්න 24*.

අර්ධ අවසන් පුර්ව තරඟ ප්‍රතිඵල,

BRC 79/3 (5): ඇන්ඩි සොලමන්ස් 28, රුමේෂ් බුද්ධික 26*.

පිළිතුරු වශයෙන්,

CCC 73/3 (5): වනිඳු හසරංග 32, අශාන් ප්‍රියන්ජන් 31.


SSC 102/2 (5): ධනුෂ්ක ගුණතිලක 34, චාමර කපුගෙදර 28, සම්මු අශාන් 22*.

පිළිතුරු වශයෙන්,

හලාවත මේරියන්ස් 70/1 (5): ඉසුරු උදාන 32.


නාවික හමුදා ක්‍රීඩා සමාජය 62/3 (5): ඒ. එරන්ද 24.

පිළිතුරු වශයෙන්,

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය 63/2 (4): සදීර සමරවික්‍රම 32, අමිත් එරන්ද 2/17.


මුවර්ස් 66/2 (5): තිලිණ තුෂාර 32, රුවිඳු ගුණසේකර 32.

පිළිතුරු වශයෙන්,

සැරසන්ස් 48/5 (5): උමේෂ් කරුණාරත්න 19, ලස්සන පෙරේරා 2/10.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට