දැවුණු නොදැවුණු කඩුල්ලකින් අළුබඳුන උණුසුම්

9364
{NDTV)

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි ටෙස්ට් තරගය මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හිදී පැවැත්වෙනවා.

එම තරගාවලියේ පළමු තරග තුන ඕස්ට්‍රේලියාව ජය ගත් අතර සිව්වැනි ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව එංගලන්තයට එරෙහිව සිය පළමු ඉනිම සඳහා කඩුලු අටක් දැවී ලකුණු 416 ක් රැස් කළා. තෙවැනි දිනයේ දිවා ආහාර විවේකය වන විට එංගලන්ත පළමු ඉනිමේ ලකුණු තත්වය දිස්වුනේ කඩුලු 4ක් දැවී ලකුණු 36ක් ලෙසයි.

දිවා විවේකයට පෙර Ben Stokes හා Jonny Bairstow පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවේ සිදු වූ සිදුවීමක් නිසා ක්‍රීඩකයින් මෙන්ම විනිසුරුවන් ද මවිත වී තිබුණා. ඕස්ට්‍රේලියානු නායක Pat Cummins, Greenව නැවත පන්දු යැවීම සඳහා කැඳවූ අතර Green පන්දුවට පහර දෙමින් සිටි Stokesගේ පිට ඉන්න දෙසින් පන්දු යැවීම තෝරා ගත්තා.

කඩුල්ලෙන් සෑහෙන එපිට පතිත වූ පන්දුව Stokes නිදැල්ලේ යෑමට හැරියත් පන්දුව කඩුල්ල දෙසට ගමන් කළා. පන්දුව කඩුල්ලේ වැදුනත් කඩුල්ල බිඳ නොවැටුණු අතර ඉන් පුදුම වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කඩුල්ල මුවා කිරීමේ වරදට ඉල්ලමක් කළා.

ව්‍යාකුල තත්වයකට පත් වූ විනිසුරු Paul Reiffel එය දැවි යාමක් බව ප්‍රකාශයට පත් කළ අතර ඕස්ට්‍රේලියානුවන්ගේ ජය ඝෝෂා මත Stokes එම විනිසුරු තීරණය නැවත විමසීමේ අවස්ථාවක් ලබා ගත්තා.

තෙවැනි විනිසුරුගේ නැවත විමසීමේ දී පෙනී ගියේ එම පන්දුව Stokesගේ පාදයේ නොවැදී පිට ඉන්නේ වැදුණු බවයි. කෙසේ වෙතත් එම ඝට්ටනය කඩුල්ල දමන්නට ප්‍රමාණවත් වුනේ නැහැ. විනිසුරු Reiffelගේ තීරණය ආපසු හැරවුණු අතර ඒ වන විට ලකුණු 16යේ සිටි Stokesට නැවත පන්දුවට පහර දීමට අවස්ථාව හිමි වුනා.

ඒ වන විට විස්තර විචාරයේ නිරත වී සිටි හිටපු ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක Shane Warne, Paul Reiffel විනිසුරුවරයාගේ තීරණයට සිය මවිතය පළ කළා.

ඇයි ඔහු ඒකට දැවී යමක් සංඥා කළේ? හරිම පැටලිලි සහගත සිදුවීමක්. Paul Reiffel පන්දු යවන්නෙක් නිසා පන්දුව කඩුල්ලේ වැදුනාම ඔහු දැවී යාම ලබා දුන්නා ද? පන්දුව කඩුල්ලේ වැදුනත්, කඩුල්ල බිඳ වැටුණේ නැහැ. මට සමාවෙන්න, මම තාමත් කම්පා වෙලා ඉන්නේ. මම විශ්වාස කරන්න බැහැ ඒ දැකපු දේ.”

HindustanTimes ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<