බාබර් විසින් බිඳ දැමූ කෝලිගේ වාර්තාව

11016
DNA India

එක දිගට ක්‍රීඩා කරන එක්දින ඉනිම් තුනක දී ශතක වාර්තා කිරීම යනු පසුකිරීමට අපහසු වාර්තාවකි. එහෙත් එය දෙවරක්ම සිදු කළ පාකිස්තාන පිතිකරු බාබර් අසාම් ඊයේ (08) විරාත් කෝලි සතු වූ වාර්තාවක් තමන් සතු කරගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක නිරත වන පාකිස්තානය වෙනුවෙන් පළමු තරගයේ දී රැස් කළ ලකුණු 103න් පසු ඔහු එම වාර්තාව තමන්ගේ නමට ලියා ගත්තේය. එක්දින ක්‍රිකට් නායකයෙකු විසින් වේගයෙන්ම ලකුණු 1000 පසු කළ ක්‍රීඩකයා ලෙස බාබර් අසාම් ඉතිහාසගත විය.

ඔහුට ඒ සඳහා ගත වූයේ ඉනිම් 13ක් පමණි. මින් පෙර එම වාර්තාවේ හිමිකරු වූ හිටපු ඉන්දියානු නායක විරාත් කෝලි ඒ සඳහා ඉනිම 17ක් වැය කළේය.

මින් පෙර ඕස්ට්‍රේලියාවට එරෙහිව පිට පිටම ශතක දෙකක් වාර්තා කොට සිටි බාබර් ඊයේ තවත් ශතකයක් වාර්තා කළේය. ඒ එකදිගට වාර්තා කළ ඔහුගේ තෙවැනි එක්දින ශතකයයි. ඔහු විසින් එවැනි දස්කමක් පෑ දෙවැනි අවස්ථාව එයයි.

බාබර්ගේ ශතකයත් සමඟින් පාකිස්තානය කඩුලු 5කින් තරගය ජයග්‍රහණය කළේය. තරගාවලියේ 1-0ක් ලෙස ඉදිරිය ලබා සිටින්නේ පාකිස්තානයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<