රොෂාන් ජයතිස්ස නාවිකයෝ අමාරුවේ දමයි

80

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier B පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී පානදුර ක්‍රීඩා සමාජයේ දකුණතින් පිට දඟ පන්දු යන රොෂාන් ජයතිස්ස නාවිකයන්ට එරෙහිව කඩුලු 8ක් දවා ගනිමින් නමා වූ දිනයේ (22) කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය.

දිනුක ඩිල්ශාන් මංගල තරගයෙන්ම ශතක සමාජයට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League – Tier A ක්‍රිකට් තරගාවලියේ තම…

පානදුර සහ නාවික හමුදාව

පළමුවෙන් පන්දුවට පහර දුන් පානදුර ක්‍රීඩකයෝ තම පළමු ඉනිම ලකුණු 485ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නාවික හමුදාව ලබා ගත්තේ ලකුණු 192ක් පමණි. ලකුණු 293ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීමට පිට පිට දෙවැනි වරටත් පිටියට පිවිසි නාවිකයෝ මේ වන විට කඩුල්ලක් දැවී ලකුණු 5ක් ලබා සිටී. 

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දු වාර 90කදී කඩුලු 5ක් දැවී 394) සියලුම දෙනා දැවී 485 (113.1) විශ්ව චතුරංග 177, හර්ෂ කුරේ 60, උමේෂ් කරුණාරත්න 48, කාසිෆ් නවීඩ් නොදැවී 81, රොෂාන් ජයතිස්ස 37, දුලාංජන මෙන්ඩිස් 28, ඩිල්ෂාන් ලේකම්ගේ 3/47, ඩිලංක අවර්ඩ්ට් 3/109, තරුෂ ප්‍රනාන්දු 2/80

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 192 (57) සුපුන් ලීලාරත්න 35, ශාල්ත් ප්‍රනාන්දු 50, නිලංක සඳකැන් 24, රොෂාන් ජයතිස්ස 8/98 සහ දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 5 (3)

සෙබස්තියනයිට්ස් සහ කළුතර ටවුන්

හොරණ ආරොන්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනයේ දී සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ වමතින් පාදඟ පන්දු යන්දු යවන නවීන් ගුණවර්ධන ලකුණු 88කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. 

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 316 (71.3) ජිනිව් ජෝෂි 107, සචින් ප්‍රනාන්දු 29, නවෝද්‍ය ඉමේෂ් 27, නන්දි ඛාන් 29, දසුන් සෙනෙවිරත්න 36, තිලංක ද සිල්වා 37, සුවන්ජි මදනායක 2/50, හසිත නිර්මාල් 3/76, හසින් ඩිල්මන් 2/46 සහ දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 129 (31) ජිනිව් ජෝෂි 21, සචින් ප්‍රනාන්දු 20, නයින්දේ ඛාන් 39, තිලංග ද සිල්වා 27, හසිත නිර්මාල් 5/42

කළුතර ටවුන් සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දු වාර 13.1ක දී කඩුලු 2ක් දැවී 78) සියලුම දෙනා දැවී 200 (52) නවීඩ් සවාර් 40, ගේෂාන් විමලධර්ම 31, හෂින් ඩිල්මන් 34, එරංග රත්නායක 40, ෂෙහාන් සිල්වා 3/45, නවීන් ගුණවර්ධන 6/88

වනිඳුගේ තරුණ ජවයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්!

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට නිරන්තරයෙන්ම අත් විඳින්නට සිදුවන හෘදයාබාධ ඇති කරවන සුළු ආකාරයේ …

නුගේගොඩ සහ ගුවන් හමුදාව

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී නුගේගොඩ ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිමේ දී නායක දෙනුවන් රාජකරුණා පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 97ක් ලබා ගත්තේය. 

නුගේගොඩ ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (56.4) පසිඳු මධුශාන් 49, මතීෂ පෙරේරා නොදැවී 67, ලසඳ රුක්මාල්2/18, අරවින්ද ප්‍රේමරත්න 2/37, සුමින්ද ලක්ෂාන් 4/33 සහ දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 300 (63) පැතුම් මධුශංක 60, ඉරෝෂ් සමරසූරිය 20, ප්‍රමුද් හෙට්ටිවත්ත 47, දෙනුවන් රාජකරුණා 97, අසන්ත බස්නායක 46, රවිඳු සෙම්බකුට්ටිගේ 3/39

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 31ක දී කඩුලු 5ක් දැවී 72) සියලුම දෙනා දැවී 158 (57.3) ලක්වින් වීරසූරිය 34,නිමේෂ් මෙන්ඩිස් 22, මාධව නිමේෂ් 23, චාමිකර හේවගේ 26, බාසිට් අලි 2/37, පසිඳු මධුශාන් 5/21, ජලට් ඛාන් 2/35

ගාල්ල සහ වරාය අධිකාරිය

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී ගාලු ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 123ට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි වරාය ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 281ක් ලබා සිටියහ.

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 123 (41.4) කවිඳු එදිරිවීර 30, ජාකොබ් සචින් 20, චතුර ලක්ෂාන් 26, චානක කොමසාරු 6/54, රජීව වීරසිංහ 2/30, චමින්ද බණ්ඩාර 2/24

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 3ක දී කිසිවෙක් නොදැවී 5) කඩුලු 4ක් දැවී 281 (75) යොහාන් ද සිල්වා 76, රමේෂ් නිමන්ත 67, සයිඩ් බින් නසීර් 56, හස්නයින් බොකාරි නොදැවී 42, චතුර ලක්ෂාන් 3/45 

මෙම තරග සියල්ල (23) තෙවැනි දිනයට ක්‍රියාත්මකය.

ආරම්භය දියාරු කළ මැදපෙළ ගැටලුව නිසා ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

2020 කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඊයේ (21) දිනයේ ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ…

බ්ලූම්ෆිල්ඩ් සහ කැන්ඩි කස්ටම්ස් 

කොළඹ 7, බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු නිමාවේ දී සත්කාරක බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 308ට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී කැන්ඩ් කස්ටම්ස් ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 85ක් ලබා සිටියහ.

මෙම තරගයේ පළමු දිනයේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ නායක චාමර සිල්වා පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 79ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී කැන්ඩ් කස්ටම්ස් කණ්ඩායමේ වමතින් පා දඟපන්දු යවන උමේග චතුරංග ලකුණු 80කට කඩුලු 5ක් දවා ගත්තේය. 

බ්ලූම්ෆිල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 308 (66.5) සමීන් කඳනාරච්චි 65, මිශේන් සිල්වා 69, හර්ෂ විතාන 26, චාමර සිල්වා 79, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 26, උමේග චතුරංග 5/80, සචිත්‍ර පෙරේරා 4/98

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 85 (21) සසිත් මනුරංග 26, ගයාන් සිරිසෝම 3/30

මෙම තරගය (23) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<