අළුබඳුනට වසර 54ක ත්‍රිත්ව ශතක නියඟයක්

157

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර 1882 දී ආරම්භ වූ අළුබඳුන (The Ashes)ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලෝකයේ පැවැත්වෙන පැරණිතම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලෙසින් හැඳින්වේ. එබැවින් ම එහි ඇතැම් වාර්තාවන්ට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයකි. එහි ත්‍රිත්ව ශතක ලැයිස්තුව ද එවැන්නකි. 

‘දාදා’ නම් කල්කටාවේ කුමරාගේ ක්‍රිකට් ආගමනය

1996 වසරේ මාර්තුවේ යම් දිනක කල්කටාවේ ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩා………………

දෙවසරකට වරක් ඕස්ට්‍රේලියාවේ දී හෝ එංගලන්තයේ දී පැවැත්වෙන මෙම තරගාවලිය වසර 138ක් පැරණිය. පවත්වා ඇති තරගාවලි ප්‍රමාණය 71ක් වන අතර පවත්වා ඇති තරග ප්‍රමාණය  335කි. එහෙත් වාර්තා වී ඇති ත්‍රිත්ව ශතක ප්‍රමාණය 5ක් පමණක් වීම සුවිශේෂීය. එමෙන්ම තරගාවලියේ අවසන් වරට ත්‍රිත්ව ශතකයක් වාර්තා වී ඇත්තේ 1966 වසරේ ය. ඒ මීට වසර 54කට පෙර ය. 

පළමු ත්‍රිත්ව ශතකය

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ පළමු ත්‍රිත්ව ශතකලාභියා වීමේ ගෞරවය හිමිවෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට. ඒ 1930 වසරේ ජූලි මස 11 වැනිදා ආරම්භ වූ දෙරට අතර පැවති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී වාර්තා කරන ලද ත්‍රිත්ව ශතකය හේතුවෙන්. 

කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා නායක බිල් වුඩ්ෆුල් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබා ගත්තත් එය එතරම් සාර්ථක තීරණයක් වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 2ක්ව තිබිය දී දැවී ගියා. අනතුරුව පිටියට පිවිසියේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්. 

එවකට වයස අවුරුදු 22ක කොලු ගැටයෙක් වූ බ්‍රැඩ්මන් එම තරගාවලියේ ඊට පෙර පැවති තරග දෙකේ ඉනිම් 4ක දී ශතකයක් සහ ද්විත්ව ශතයක් සමගින් ලකුණු 394ක් ලබා සිටියා. ඒ හේතුවෙන් ඔහු ඉතා ඉක්මනින් පිටියෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව එංගලන්තය ක්‍රීඩකයන්ට දැනී තිබුණා. 

එහෙත් එංගලන්ත පන්දු යවන්නන් දැඩි පීඩනයට පත් කළ බ්‍රැඩ්මන්, අනෙක් අන්තයේ තම නායකයා ද රඳවා ගනිමින් පළමු දිනයේ දී ම නොදැවී ලකුණු 309ක් ලබා ගන්නවා. දෙවැනි දිනයේ දී ඔහුගේ ඉනිම අවසන් වන විට පන්දු 383කට මුහුණ දී හතරේ පහර 46ක් සමඟින් ලකුණු 334ක් ලබා සිටියා. මෙම ඉනිම බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ලෙසින් ද ඉතිහාසයට එක් වුනා. 

ලීඩ්ස් නුවර හෙඩිංග්ලි පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසාන වීමෙන් පසු එංගලන්ත නායක පර්සි චැප්මන් පවසා තිබුණේ, “එය අදහාගත නොහැකි ඉනිමක්” ලෙසයි. 

දෙවැනි ත්‍රිත්ව ශතකය

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ දෙවැනි ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමේ ගෞරවය ද හිමිකර ගන්නේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්. 

1934 වසරේ දී ලීඩ්ස් නුවර හෙඩිංග්ලි පිටියේ දී පැවති තෙවැනි ටෙස්ට් තරගයේ දී බ්‍රැඩ්මන් පිටියට පිවිසෙන්නේ ඕස්ට්‍රේලියානුවෝ ඉතා අසීරු තත්ත්වයකට පත්ව සිටි අවස්ථාවක. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 37කට දැවී ගොස් තිබූ අතර දෙවැනි සහ තෙවැනි කඩුලු ලකුණු 39ක් ව තිබිය දී දැවී යනවා. ඒ කණ්ඩායම වෙනුවෙන් වඩාත් බලාපොරොත්තු තබා සිටි බ්‍රෙට් ඕල්ෆීල්ඩ් (0) සහ නායක පර්සි චැප්මන් (0) දකුණතින් වේගපන්දු යැවූ බිල් පව්ස් යැවූ පිට පිට පන්දු දෙකක දී දැවී යෑමත් සමඟින්. 

හිතුවක්කාර ඉන්දියානුවා ‘විරු පාජී’

පාසල් ගොස් පැමිණි දිල්ලියේ කුඩා දරුවෙකු සිය පාසල් බෑගය වෙනදාට විසිකර දමන තැනටම………………..

බිල්ට කඩුලු ත්‍රිත්වය ද අහිමි කළ බ්‍රැඩ්මන් එතැන් සිට ක්‍රියාත්මක වෙමින් තම ඉනිම අවසන් කරන්නේ පන්දු 430කට මුහුණ දෙමින් හතරේ පහර 43ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 304ක් රැස් කරමින්. 

එම ඉනිමත් සමඟින් බ්‍රැඩ්මන් ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ  ත්‍රිත්ව ශතක 2ක් ලබා ගත් මුල්ම පිතිකරුවා බවට ද පත් වෙනවා. එමෙන් ම අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ ත්‍රිත්ව ශතක දෙකක් වාර්තා කළ පළමු සහ එකම පිතිකරුවා වන්නේ ද බ්‍රැඩ්මන්. 

ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 2001 වසරේ දී වයස අවුරුදු 92ක් ව මිය යන විට ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රීමත් නාමය හිමි වූ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්ව සිටියා. 

තෙවැනි ත්‍රිත්ව ශතකය

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ එංගලන්තය වෙනුවෙන් ත්‍රිත්ව ශතකයක් වාර්තා  කළ පළමු සහ එකම ක්‍රීඩකයා වීමේ ගෞරවය දිනා ගන්නේ දකුණත් ආරම්භක පිතිකරු ලෙන් හට්න්. 

1938 එංගලන්තයේ, ලන්ඩන් නුවර ද ඕවල් පිටියේ දී දෙරට අතර පැවති 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු පන්දු 797කට මුහුණ දෙමින් හතරේ පහර 35ක් සමඟින් ලකුණු 364ක් ලබා ගන්නවා. මෙම ඉනිම හට්න්ගේ ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ලෙසින් ද ඉතිහාස ගත වුනා. එමෙන්ම මෙම ලකුණු ප්‍රමාණය අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙක්ගේ පෞද්ගලික හොඳම ඉනිම ලෙසින් ද වාර්තා වෙනවා.

මෙම තරගයට පෙර දෙරට අතර පැවති පළමු තරගයේ දී ද ශතකයක් ලබා ගන්නා හට්න් ඒ සඳහා ද පන්දු 199ක් වැය කරනවා. ඔහු මෙම තරගාවලියේ තරග 3ක ඉනිම් 4කට මුහුණ දෙමින් ලකුණු 473ක් ලබා ගන්නා අතර ඒ සඳහා පන්දු 1042ක් වැය කරනවා. මේ දත්තයන් සමගින් ඔහු අළු බඳුන තරග ඉතිහාසයේ මන්දගාමීම ලකුණු රැස් කරන්නා ලෙස ද පත් වුනා. 

ලෙන් හට්න් 1990 වසරේ දී තම දිවි මග අවසන් කරද්දී එරට රාජ්‍ය විසින් ශ්‍රීමත් නාමයෙන් පිදුම් ලැබීමට ද වාසනාවන්ත වුනා. 

සිව්වැනි ත්‍රිත්ව ශතකය

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ සිව්වැනි ත්‍රිත්ව ශතකය වාර්තා වීමට තෙවැනි ශතකය වාර්තා වීමෙන් අනතුරුව තවත් වසර 26ක්ම ගත වුනා. එවර ක්‍රියාත්මක වූයේ තවත් ඕස්ට්‍රේලියානු සටන්කාමීයෙක් වූ බොබ් සිම්ප්සන්. 

1964 වසරේ එංගලන්තයේ මැන්චෙස්ට්ර් නුවර ඕල්ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ දී පැවති දෙරට අතර සිව්වැනි තරගයේ දී බොබ් සිම්ප්සන් ත්‍රිත්ව ශතකයක් වාර්තා කරන්නේ අළුබඳුන ක්‍රිකට් ඉතිහාසයේ ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ පළමු මෙන්ම එකම නායකයා වීමේ ගෞරවය ද හිමි කර ගනිමින්. 

ඔහු එම තරගයේ දී පන්දු 743කට මුහුණ දෙමින් හතරේ පහර 23ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 311ක් ලබා ගත්තා. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ මංගල ශතකය ද වීම විශේෂයි. 1957 වසරේ දී ටෙස්ට් වරම් හිමිකර ගත් බොබ් සිම්ප්සන්ට ශතකයක් ඉක්මවා යෑමට වසර 7ක් ම උත්සාහ කිරීමට සිදු වුනා. ඒ වෙද්දී ඔහුගේ හොඳම ඉනිම ලෙසින් සටහන්ව තිබුණේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 1960 සහ 1961 වසරවල වාර්තා කරන ලද ලකුණු 92යි. 

මෙම ඉනිම බොබ් සිම්ප්සන්ගේ හොඳම ටෙස්ට් ඉනිම වන අතර දැනට ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකයෙක් ලෙසින් කටයුතු කරනවා. 

පස්වැනි ත්‍රිත්ව ශතකය 

අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ මේ දක්වා වාර්තා වූ අවසාන ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමේ ගෞරවය දිනා සිටින්නේ ද ඕස්ට්‍රේලියානු පිතිකරුවෙක්. ඒ වමත් පිතිකරු බොබ් කවුපර්. 

1966 තරගමාලාවේ මෙල්බර්න් නුවර පැවති 5 වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ දී ඔහු පන්දු 727කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සමඟින් ලකුණු 307ක් ලබා ගන්නවා. මෙම ත්‍රිත්ව ශතකය හේතුවෙන් ඔහු අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ වමත් පිතිකරුවෙක් විසින් රැස් කරන ලද පළමු සහ එකම ත්‍රිත්ව ශතකයේ ද හිමිකාරීත්වය තමන් සන්තක කර ගන්නවා.

අන් අයගේ සේ ම මෙම ඉනිම බොබ් කවුපර්ගේ ද හොඳම ටෙස්ට් ඉනිම වන අතර දැනට ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකයෙක් ලෙසින් කටයුතු කරනවා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<