නවසීලන්තයේ ඉපදුණු ස්ටොක්ස්ට නයිට් පදවියක්?

4949
©AFP

එංගලන්තයේ ක්‍රිකට් ලෝක කුසලාන සිහිනය සැබෑ කරමින් ඔවුන්ට පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවක් දිනා දුන් තුන් තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් හට බ්‍රිතාන්‍යයේ ඉහළම ගෞරව නාමය වන නයිට් පදවියක් පිරිනැමීමේ සූදානමක් පවතින බව  වාර්තා වේ.

ක්‍රීඩා ඇමති පුහුණුකරුවන්ට ගෙදර යන්න කියයි!

එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලියෙන් ……….

වර්තමාන එංගලන්ත අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ එම තනතුරින් ඉවත්ව යාමෙන් පසුව එම සඳහා තේරීපත්වීමට නියමිත අපේක්ෂකයින් දෙදෙනා ද ස්ටොක්ස් හට මේ පදවිය ලබා දීම සම්බන්ධව සුබවාදී ලෙස අදහස් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. 

කෙසේ නමුත් නවසීලන්තයේ උපත ලද බෙන්ජමින් ස්ටොක්ස් හට ඊයේ (17) දිනයේ දී “ලෝර්ඩ්” යන ගෞරව නාමය ද ලබා දී තිබෙන අතර ඒ අනුව ඔහුට “ලෝර්ඩ් බෙන්ජමින් ස්ටෝක්ස්” ලෙස ද දැන් ආමන්ත්‍රණය කළ හැකිය.

 

පසුගිය 14 වැනිදා නිමාව දුටු 12 වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව එංගලන්තයට දිනා දීම වෙනුවෙන් බෙන් ස්ටොක්ස් පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 84ක් ලබා ගත්තේ ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග දිවියේ 20 වැනි අර්ධ ශතකය වාර්තා කරගෙනයි.

ගියවර ලෝක ශූරයෝ මෙවර Red Bull විශ්වවිද්‍යාල ශූරතාවයට නැහැ

8 වැනි වරටත් පැවැත්වෙන Red Bull කුසලාන…….

එසේම සුපිරි පන්දුවාරයේ දී පිතිකරණයේ නිරත වූ එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දු 6 තුල ලකුණු 15ක් වාර්තා කරගැනීමට ස්ටොක්ස් විශාල සහයෝගයක් ලබා දුන්නේය. ඒ දස්කම් නිසා ඔහු අවසන් මහා තරගයේ වීරයා ලෙස ද නම් කෙරුණි.

මේ වන විට එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ ක්‍රීඩකයන් 11 දෙනෙකු නයිට් නාමයෙන් පිදුම් ලබා තිබෙන අතර මැතක දී එම ගෞරවය දිනා ගනු ලැබුවේ එංගලන්ත ක්‍රිකට් පිලේ හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක් විසිනි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<