සල්පිටි – රයිගම් කෝරල සීමිත පන්දුවාර තරගයට ආලෝකය හරහට හිටී

515

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 17 වැනි වරටත් පැවැත්වෙන සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවැත්වූ සිව්වැනි සීමිත පන්දුවාර තරගය අද (25) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ ප්‍රතිඵලයක් රහිතවයි.

17 වන සල්පිටි රයිගම් කෝරළ සටනේ වැඩි වාසිය කාටද?

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 17 වන වරටත් පැවැත්වෙන..

කාසියේ වාසිය දිනූ පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය නායකයා වන හේශාන් මදුසංක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අවරයෙන් පිටියට පිවිසි පිළියන්දල ක්‍රීඩකයෝ සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 219ක් රැස් කරන ලදි.

ඊයේ දිනයේ දී ජය පරාජයෙන් තොරව අවසන් වූ දෙදින මහා ක්‍රිකට් තරගය තුළ දී නොදැවී ශතකයක් ලබාගත් චමෝද් සඳරු මෙම සීමිත පන්දුවාර තරගය තුළත් නොදැවී ලකුණු 80*ක් ලබා ගත්තේ කණ්ඩායමේ සිටින වඩාත් විශ්වාසදායී පිතිකරු තමන් යන බව යළි යළිත් පසක් කරමිනි. චමෝද්ගේ ඉනිම පන්දු 144කින් සමන්විත වූ අතර එම ඉනිමට අලංකාර හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

Photo Album – Taxila Central College vs Piliyandala Central College | Battle of Slapiti Rayigam Korala – One Day Match

ඔහුට අමතරව සඳුන් සත්සර හා හේෂාන් මධුශංක පිළිවෙළින් ලකුණු 42ක් හා ලකුණු 24ක් ලබා ගන්නා ලදි. පිළියන්දල මධ්‍ය විද්‍යාල ඉනිමේ අවසානය දක්වාම පිටියේ රැඳී සිටීමට චමෝද්ට හැකි විය. පන්දු යැවීමේ දී වමතින් පා දඟපන්දු යවන තිළිණ තරිඳු ලකුණු 49කට කඩුලු 2ක් දවා ගත්තේය.

විසඳුමක් නැති සල්පිටි රයිගම් කෝරළ සටනේ චමෝද්ගෙන් ශතකයක්

පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර 17 වැනි වරට පැවති..

ලකුණු 218ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි තක්ෂිලා ක්‍රීඩකයින් හට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර හයක් පමණි. අනතුරුව තරගය ක්‍රියාත්මක වූ ටිරෝන් ප්‍රනාන්දු පිටියට ප්‍රමාණවත් තරම් ආලෝක තත්වයක් නොලැබුණු නිසාවෙන් තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් කිරීමට තරග තීරක ඇතුළු පිටියේ විනිසුරුවරුන් තීරණය කරන ලදි.

2001 වර්ෂයේ සිට පැවත එන සල්පිටි රයිගම් කෝරල වාර්ෂික මහා ක්‍රිකට් සටනේ ඉතිහාසය පිරික්සා බලන විට 2005, 2009 හා 2010 යන වර්ෂවල දෙදින ක්‍රිකට් තරගය ජය ගැනීමට පිළියන්දල මධ්‍ය විද්‍යාලය සමත්ව ඇත. අනෙකුත් තරග සියල්ලම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. එසේම මේ පාසල් දෙක අතර සීමිත පන්දුවාර තරග තුනක් මීට පෙර පවත්වා ඇති අතර ඒ තරග 3ම ජයග්‍රහණය කර ඇත්තේ පිළියන්දල මධ්‍ය විද්‍යාලය විසිනි.

පිළියන්දල මධ්‍ය විද්‍යාලය – 217/9 (50) චමෝද් සඳරු නොදැවී 80*, සඳුන් සත්සර 42, හේශාන් මදුසංක 24, තිළිණ තරිඳු 2/49.

තක්ෂිලා විද්‍යාලය – 18/1 (6):

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<