දුම් වැටියේ බලෙන් සන්සුන් වූ අවසන් තරගයේ වීරයා

2410

ක්‍රිකට් වංශකතා පොතේ කිසිදා නොමැකෙන මතක සටහන් ගොන්නක් ඉතිරි කර තබමින් නිමාව දුටු 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා ගැටුම අදටත් ක්‍රීඩාලෝලී ඔබ අප බොහෝදෙනා සිහිපත් කරනුයේ එය අප කිසිදා අත් නොවිඳි හදගැස්ම මොහොතකට නතර කළ අවසන් මහ තරග අත්දැකීමක් වූ නිසාවෙනි.

දකුණු අප්‍රිකා 3T තරගයට පෙර COVID-19 ආසාදිතයින් හයක් හඳුනා ගැනේ

සත්කාරක එංගලන්ත ක්‍රීඩකයින් ‘ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර’ යැයි විරුදාවලිය ලත් තම මව්බිම වෙත පළමු වරට එක්දින ලෝක කුසලාන ජයග්‍රහණයක පහස විඳ ගැනීමේ මහඟු අවස්ථාව සලසා දුන්නේ සුවහසක් නවසීලන්ත ක්‍රීඩාලෝලී බලාපොරොත්තු සියල්ල එක ක්ෂණයකින් සුන්නත්දූලි කර දමමිනි. තරගයේ ඉරණම සුපිරි පන්දුවාර දෙකකින් විසඳෙනු ඇතැයි කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතක සියල්ලන්ම මවිත කරමින් සුපිරි ඉනිමක් දියත් කළ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 84ක් රැස්කළේ එංගලන්ත ජයග්‍රහණයට අවශ්‍ය මංපෙත් එළිපෙහෙළි කර දෙමිනි. 

දීර්ඝ වෙහෙසකර ගමනක ගමනාන්තය බඳු ලෝක කුසලාන තරගාවලියෙහි අවසන් මහා තරගය කෙසේ හෝ ජය ගැනීමේ ඒකායන අරමුණින් ක්‍රීඩකයින් තරග බිමට පිවිසෙන්නේ විශාල පීඩනයක් ඔවුන්ගේ සිත් සතන් තුළ සඟවාගෙන බව අමුතුවෙන් පසක් කර දිය යුතු නැත. ඒ අනුව සුපිරි පන්දුවාරයක දී එම පීඩනය කොතෙක් දුරට අපගමනය විය හැකි දැයි මොහොතකට සිතා බලන්න. එසේ සිතට දැනෙන ආතතිය තරමක් හෝ තූනී කර ගැනීමට ක්‍රීඩකයින් නොයෙකුත් උපක්‍රම භාවිත කරන බව නොරහසකි. 

අවසන් මහා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටෝක්ස් එම සාම්ප්‍රදායික ක්‍රම සියල්ලන්ගෙන්ම බැහැරව අනුගමනය කර තිබුනේ ක්‍රීඩාලෝලීන් කිසිවෙකුත් බලාපොරොත්තු නොවන හාත්පසින්ම වෙනස් උපාය මාර්ගයකි. සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට පෙරාතුව ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ නිස්කලංක ස්ථානයක් සොයා ගොස් දුම්වැටියක් ඇද දැමූ ස්ටෝක්ස් එහිදී ඔහුගේ නොසන්සුන්කාරී සිතුවිලි සියල්ල පාලනය කර ගැනීමට ගත් වෑයම් සම්බන්ධයෙන් නායක ඔයින් මෝර්ගන් සහ ඔහුගේ කණ්ඩායම අලලා ලියැවුනු ‘Morgan’s Men: The Inside Story of England’s Rise from Cricket World Cup Humiliation to Glory’ කෘතියෙහි සඳහන්ව තිබේ. 

බිග් බෑෂ් ලීගයේ කාලසටහන නිකුත් වෙයි

“ප්‍රේක්ෂකයෝ 27,000කට කිට්ටු වෙන්න රැස්වෙලා හිටිය ක්‍රීඩාංගණයක, විශේෂයෙන්ම අස්සක් මුල්ලක් නෑර හැම කොනකම වැඩ කරපු මාධ්‍යවේදීන්ගේ උකුසු ඇස් වලට අහු නොවෙන්න, එහෙම දෙයක් කරනවා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නොවෙයි. අනික ඒ වගේ වෙලාවක නිස්කලංක තැනක් හොයා ගන්න එක ඊටත් වඩා අසීරුයි.” 

“නමුත් ස්ටෝක්ස් කියන්නේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ හැම තැනකම කරක් ගහපු කෙනෙක්. ඔහුට හොඳ දැනීමක් තියෙනවා ක්‍රීඩා පිටියේ එක එක තැන් පිළිබඳව. නායක ඔයින් මෝර්ගන් කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින්ගේ මනස හදන්න උත්සාහ කරද්දී ස්ටෝක්ස් කරේ පැත්තකට ගිහින් දුම්වැටියක් පානය කරලා ඔහුගේ විදියට විසිරිලා තිබ්බ මනස එක තැනකට ගෙන්න ගත්ත එක.” 

වමත් කණ්ඩායම හා දකුණත් කණ්ඩායම; කවුරු දිනයි ද?

“ස්ටෝක්ස් ඒ වෙලාව වෙනකොට දූවිල්ලෙන් වගේම දහඩියෙන් නෑවිලා හිටියේ. පැය දෙකයි විනාඩි 20ක් හිතාගන්නවත් බැරි පීඩනයක් එක්ක පන්දුවට පහර දෙනවා කියන්නේ ඇත්තටම සුවිශේෂී හැකියාවක්. ඉතින් ඒ සුපිරි ඉනිම අවසානයේ දී ඔහු කරේ එංගලන්ත ක්‍රීඩකයින්ගේ විවේකාගාරයේ ඇතුළේ තියෙන නාන කාමරයට ගිහින් විනාඩි කීපයක් අරගෙන සිගරට් එකක් බීලා ඊළඟ මෙහෙයුමට සූදානම් වුන එක.” 

බෙන් ස්ටෝක්ස් දියත් කළ එම සටන්කාමී අර්ධ ශතකය නොවන්නට ලෝක කුසලාන සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීම එංගලන්ත කණ්ඩායමට හුදු සිහිනයක්ම පමණක් වනු ඇත. සුපිරි පන්දුවාරයන්හී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් ලකුණු 15 බැගින් වාර්තා කළ නමුත් එංගලන්ත කණ්ඩායම නවසීලන්තයට සාපේක්ෂව හයේ සහ හතරේ පහර මගින් ලකුණු රැස්කර තිබූ නිසාවෙන් අවසානයේ දී ලෝක කුසලානයේ හිමිකාරීත්වය තමන් සතුකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<