පියාගේ අසනීපයෙන් කම්පා වූ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයා

218
Ben Stokes

නිමාව දුටු එංගලන්ත-පාකිස්තාන ටෙස්ට් තරගාවලිය අතරතුර දී පෞද්ගලික හේතු කාරණාවක් නිසාවෙන් තමන් ඉතිරි තරග දෙක සඳහා සහභාගී නොවන බව සඳහන් කර සිටි සුපිරි එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් ඉන් අනතුරුව නවසීලන්තය බලා පිටව ගොස් තිබුණේ ඔහුගේ පියා එක්වරම අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව සැලවීමත් සමඟිනි.

හයේ පහරේ සැරට කාර් කුඩු!

දක්ෂ රග්බි ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ලෙස ද වසර ගණනාවක් තම දායකත්වය නවසීලන්ත රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ලබා දුන් ස්ටොක්ස්ගේ පියා පිළිකා රෝගයෙන් පෙළෙන බවට පළමුවරට හඳුනාගෙන තිබෙන්නේ මෙම වසරේ ජනවාරි මාසයේ දී ය. 

එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය අතරතුර දී රෝග ලක්ෂණ කිහිපයක් ඉස්මතු නිසාවෙන් ජොහැන්ස්බර්ග් නුවර පිහිටි රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජෙරාඩ් මහතා හට පිළිකා රෝගය වැළඳී ඇති බව තහවුරු විය.

තම ආදරණීය පියා ජීවිතයේ අසීරූ කාලපරිච්ඡේදයක් ගත කරන අවස්ථාවේ දී මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බව සඳහන් කර සිටි ස්ටෝක්ස් ඒ අනුව තම පියා සමඟ කාලය ගත කිරීම සඳහා තමන් හට විවේක කාලයක් අවශ්‍ය බව පවසමින් එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකොට තිබුණි. ස්ටොක්ස්ගේ ඉල්ලීම සලකා බැලූ එරට ක්‍රිකට් ආයතන බළධාරීහූ ඊට ප්‍රතිචාර වශයෙන් ඔහුට එම අවස්ථාව සලසා දීමට එකඟතාව පළකොට සිටියහ.

නොසිතූ අයුරින් රෝගාතුර වීම සම්බන්ධයෙන් ස්ටොක්ස්ගේ පියා තරමක් කනස්සල්ලෙන් පසු වූවත් අනපේක්ෂිත බාධක හමුවේ ජීවිත ගමන කෙසේ හෝ ඉදිරියට ගෙන යා යුතු බව ඔහු සඳහන් කර සිටියේ NZME මාධ්‍ය ආයතනය සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදීය.

ජේසන් රෝයි IPL අතහැර ගිය හේතුව

ඇත්තටම කිව්වොත් මට තියෙන්නේ මොළය ආශ්‍රිත පිළිකාවක්. ඒක කොහොම වුනා ද කියලා නම් කියන්න මම හරියට දන්නෙ නැහැ. නමුත් මම ක්‍රීඩා කරපු කාලයේ දී හිසට වැඳුණු පහරවල් ඒකට දායක වුනා වෙන්න පුළුවන්.”

නවසීලන්ත රජය මේ වන විට පනවා ඇති නීති රෙගුලාසීන්වලට අනුව නිරෝධායන කාලසීමාව ගත කිරීමෙන් අනතුරුව පවුලේ උදවිය සමඟ එකතු වීමේ අවස්ථාව ස්ටෝක්ස් හට නුදුරේ දී ම උදාවනු ඇත. පාකිස්තාන තරගාවලිය අතරතුර දී ගත් එම තීරණය සම්බන්ධයෙන් තමන් කිසිවිටෙකත් පසුතැවිලි නොවන බව පවසා සිටි ස්ටෝක්ස් එහි දී සඳහන් කර සිටියේ එම අවස්ථාවේ දී ගත යුතු නිවැරදිම තීරණය ගත් බැවින් තමන් ඒ පිළිබඳ සතුටු වන බවයි.

කුඩා කාලයේ දී තාත්තත් එක්ක කටයුතු කරන එක එතරම් පහසු වුනේ නැහැ. නමුත් කාලයත් එක්ක මට තේරුම් ගියා ඔහුගේ මඟපෙන්වීම නිසයි අද මෙම මෙහෙම වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට සාර්ථක වෙලා තියෙන්නේ කියලා. ගොඩක් අයගේ වයසත් එක්ක තියෙන රළු ගතිගුණ මඟ ඇරිලා ගියත් තාත්තාගෙන් එහෙම දෙයක් අපි කිසිම වෙලාවක බලාපොරොත්තු වුනේ නැහැ. මොකද අපි දන්නවා ඔහු ජීවිතය හැඩගස්වා ගත්තේ එක්තරා විදියකට. නමුත් මේ අසනීපයත් එක්කම අපි ඔහුගේ ලොකු වෙනස්කමක් දැක්කා. ඔහු පිටතට නොපෙන්නවාට ඇතුලාන්තයෙන් හරිම සංවේදී පුද්ගලයෙක්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<