ඉන්දීය ක්‍රිකට් ආයතනයට රයිනාගෙන් ප්‍රබල ඉල්ලීමක්

79

මධ්‍යම කොන්ත්‍රාත්තුවක් නොමැති ඉන්දීය ක්‍රීඩකයින්ට විදේශීය විස්සයි විස්ස ලීග් තරගාවලි සඳහා සහභාගි වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය අවස්ථාව ලබා දිය යුතු බව ඉන්දියානු පිතිකරු සුරේෂ් රයිනා පසුගිය දා පැවසීය. 

මේ වන විට ඉන්දියානු ක්‍රීඩකයින්ට කිසිදු විදේශීය ලීගයකට ක්‍රීඩා කිරීම සඳහා එරට ක්‍රිකට් ආයතනය අවසර ලබා දී නොමැති අතර වෙනත් බොහෝ ක්‍රිකට් රටවල ක්‍රීඩකයින්ට එවැනි තරගාවලි කිහිපයකටම සහභාගි වීමට ක්‍රිකට් ආයතන අවසර ලබා දී ඇත.

මානසික ගැටලු පවසන්න පස්සට යන්න එපා – දෝනි

වර්තමාන ලෝක ක්‍රිකට් පිටිය තුල captain cool ලෙස විරුදාවලිය ලත් ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි..

ඉර්ෆාන් පතාන්ට සමඟ ඉන්ස්ටග්‍රෑම් සජීවී කතාබහක් සඳහා එක්වූ රයිනා පවසා සිටියේ තමන්ට යූසුෆ් පතාන්ට සහ රොබින් උතප්පා වැනි ක්‍රීඩකයින්ට මෙන්ම දැනට ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය සමඟ මධ්‍යම ගිවිසුමක් නොමැති අයට අවම වශයෙන් විදේශීය ලීග දෙකකටවත් සහභාගී වීමට ක්‍රිකට් ආයතනය ඉඩ දිය යුතු බවයි.

චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩක සුරේෂ් රයිනා පවසා සිටියේ එලෙස අවසර දීම මඟින් එම ක්‍රීඩකයන්ගේ අත්දැකීම් හා දක්ෂතා තවදුරටත් වර්ධනය කර ගත හැකි වන බවයි. 2017 මුල් භාගයේ දී ජාතික සංචිතයේ නොසිටි යූසුෆ් පතන්ට හොංකොං බ්ලිට්ස් හි ක්‍රීඩා කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව අවසර ලබා දී ඇති බවට වාර්තා පළ වූ අතර පසුව එම අවස්ථාව අහිමි විය.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟ හෝ කණ්ඩායම් හිමිකාරත්වය සමඟ ඉන්දීය ක්‍රිකට් ආයතනය යමක් සැලසුම් කරාවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉන්දීය ක්‍රිකට් ආයතනය කොන්ත්‍රාත්තුවක් නොමැති ඕනෑම ක්‍රීඩකයෙකුට විදේශීය විස්සයි විස්ස ලීග් තරගවලට ක්‍රීඩා කිරීමට ඉඩ දිය යුතුයි. මට දැනෙන්නේ එවැනි ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් සිටින බවයි යූසුෆ් පතන්, මා, රොබින් උතප්පා වගේ අය. “

“කුමන ලීගයක් තිබුනත් විදේශගත වී බොහෝ දේ ඉගෙන ගත හැකි ගුණාත්මක ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ඉන්නවා. ලීග් දෙකක ක්‍රීඩා කිරීමට අපට ඉඩ දෙන්න, අප යන තැන, ක්‍රීඩා කිරීම සහ ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින්ම ‘ඔබ එහි සෙල්ලම් කරන්න’ යැයි කියන්න” ඉර්ෆාන් පතාන් සමඟ සජීවි සාකච්ඡාවේ දී රයිනා පැවසීය. 

ජාතික කොන්ත්‍රාත්තු නොමැති ක්‍රීඩකයින් සඳහා එවැනි විකල්පයක ඇති වැදගත්කම රයිනා යළිත් වරක් අවධාරණය කර සිටියේ, ඉන්දීය ප්‍රිමියර් ලීග් හි පමණක් ක්‍රීඩා කිරීමෙන් ඔවුන්ට වෙනත් සැලසුමක් නොමැති අනාගතයක් ඉතිරි වනු ඇති බවත්, ඔවුන්ගේ කණ්ඩායම් ඔවුන්ව අවශ්‍යතාවයන්ට වඩා අතිරික්තයක් ලෙස සැලකීමට ඉඩ ඇති බවත්ය. 

“අපි මාස තුනකින් තරගකාරී ක්‍රිකට් ක්‍රීඩා කළොත්, එය බිග් බෑෂ් ලීගය වේවා, කැරිබියන් ප්‍රිමියර් ලීගය වේවා, අපි සූදානම් බව අපිට දැනෙන ඕනෑම තරගාවලියක්. විදේශීය ක්‍රීඩකයින් ක්‍රීඩා කරන ආකාරය ඔවුන් දුටුවහොත් ඔවුන් තම රට වෙනුවෙන් නැවත පැමිණේවි.”

“අපි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරනවා. විශාල ක්‍රීඩකයන් පිරිසක් සිටින නිසා ඔවුන්ට [කණ්ඩායම්වලට] අපි හොඳ නැහැ කියා හැඟෙනවා නම්, අපට වෙනත් සැලැස්මක් නැහැ. අපි විදෙස් ගත වුවහොත්, එහි දස්කම් දක්වමින් හොඳින් ක්‍රීඩා කරලා අපගේ ක්‍රිකට් ක්‍රීඩාව ද දියුණු කරගන්න පුළුවන්. අපට බොහෝ දේ ඉගෙන ගන්නත් පුළුවන්.”

නැවත ඉපදුණු කොදෙව් කණ්ඩායම ලෝක කුසලානය දිනන හැටි

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියක් අවසන් වරට පැවැත්වූයේ 2016 වසරේ දී ය. ඉන්දියාවේ…

සංවාදයට සහභාගී වූ ඉර්ෆාන්, රයිනාගේ අදහස් අනුමත කළ අතර ඉන්දීය කණ්ඩායමේ ස්ථානයක් ලබා ගැනීමට සඳහා උත්සාහ කරන අවුරුදු 30 හෝ ඊට වැඩි ක්‍රීඩකයින් ගැන ඉන්දීය ක්‍රිකට් ආයතනය සලකා බලන්නේ නැත්නම්, ඔවුන්ට විස්සයි විස්ස තරගාවලි වල නිදහසේ ක්‍රීඩා කිරීමට ඉඩ දිය යුතු බව ඔහු පවසා සිටියේය. 

“මගේ යෝජනාව වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට රේඩාර්වල නොසිට අවුරුදු 30ක් වයසැති සියලුම ක්‍රීඩකයින්ට විදේශීය ලීගවලට ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉඩ දිය යුතු බවයි” පතාන් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<