නායකයාගේ සමුගැනීමට ධනංජයගෙන් සුපිරි ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් Tier ‘A’ 2020

529
SLC Super Eight and Plate

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 32ක් තුළදී ලකුණු 1792ක් සහ ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරග 222ක් ක්‍රීඩා කරමින් ලකුණු 14,940ක් වාර්තා කරගත් තරංග පරණවිතාන අද (24) දිනයේ දී සිය පළමු පෙළ ක්‍රිකට් දිවිය සඳහා සමුදුන්නේ ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටිය තුල දී මෙතෙක් වැඩිම ලකුණු රැස්කර ගත් පිතිකරුවා බවට පත්වෙමිනි.

>> දෙවැනි දිනය නිමාවෙද්දී ශතක රැසක්

එම තරගයේ දී ධනංජය ද සිල්වා සුපිරි ශතකයක් රැස්කර ගනිමින් (ලකුණු 167) ටැමිල් යුනියන් කණ්ඩායම් නායකයාගේ අවසන් පළමු පෙළ ක්‍රිකට් දිනය අලංකාරවත් කළේය.

ඊට අමතරව බදුරලිය ක්‍රීඩා සමාජයේ දමිත් පෙරේරා ඉනිම් දෙක තුළම ශතක වාර්තා කරගනිමින් තවත් දුර්ලභ ඝනයේ දස්කමක් ප්‍රදර්ශනය කරන ලදි. අද දිනයේ සිදුවූ අනෙක් වැදගත්ම කාරණය නම් ලංකන්ස් කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 103කින් පරාජය කළ මුවර්ස් ක්‍රීඩා සමාජය පලිහ තරග වටය තුළ පූර්ණ තරග දෙකක් ජයග්‍රහණ සහිතව අවසන් කරමින් මෙවර පලිහ ශූරතාවය ආසන්නයට පැමිණීමට සමත් වීමයි.

මීගමුව ක්‍රිකට් සමාජය සහ ටැමිල් යුනියන් අතර කොළඹ කෝල්ට්ස් පිටියේ දී නිමා වූ එම තරගයේ දී ටැමිල් යුනියන් දෙවන ඉනිම තුළ සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කරගැනීමට යොහාන් මෙන්ඩිස් සමත් විය. එම ඉනිම සඳහා හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. යොහාන් සමඟ එක්ව ටැමිල් යුනියන් දෙවන ඉනිම ගොඩනැංවූ ධනංජය ද සිල්වා, පන්දු 140ක් තුළ හතරේ පහර 17ක් සහ හයේ පහර 8ක් එල්ල කරමින් ලකුණු 167ක් වාර්තා කරගන්නා ලදි. පන්දු යැවීමේ දී ටැමිල් යුනියන් දෙවන ඉනිමේ කඩුලු 5ක් බිඳ හෙලීමට ලක්ෂිත රසාංජන සමත් විය.

එස්. එස්. සී. සහ බදුරලිය තරගයේ දී දමිත් පෙරේරා දැක්වූ සුවිශේෂී දස්කම් වලට අමතරව තිලකරත්න ඩිල්ශාන්ගේ සොහොයුරු ටී. එන්. සම්පත් බදුරලිය දෙවන ඉනිම වෙනුවෙන් වටිනා ලකුණු 72ක් රැස්කර ගෙන සිය කණ්ඩායම පූර්ණ තරග පරාජයකින් මුදවා ගැනීම සඳහා සහය විය. එස්. එස්. සී. කණ්ඩායම වෙනුවෙන් තරගය පුරාවට පන්දුවෙන් දස්කම් දැක්වූ තරිඳු රත්නායක කඩුලු 7ක් දවා ගත්තේය.

>> සී. සී. සී. ශූරතා සතුටට මෙන්ඩිස්ගෙන් 200ක්

මුවර්ස් සහ ලංකන්ස් තරගයේ ලංකන්ස් දෙවන ඉනිම මන්දගාමී කරමින් දිනය රැකගෙන තරගය බේරාගැනීම සඳහා ඔවුන්ගේ පිතිකරුවන් සිය උපරිම වෙහෙස මහන්සිය ප්‍රදර්ශනය කළ නමුත් මුවර්ස් නායක පබසර වඩුගේ ක්‍රියාත්මක කළ පන්දු සංකලනය නිසාවෙන් මුවර්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් 5 දෙනෙකු අතරේ කඩුලු 2ක බැඟින් බෙදී ගියේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මුවර්ස් කණ්ඩායම ඉනිමක දැවැන්ත ජයක් ලැබීමයි. එහිදී අයන සිරිවර්ධන, රමේෂ් මෙන්ඩිස්, කවිෂ්ක අංජුල , ප්‍රවීන් ජයවික්‍රම සහ නිපුන් කරුණානායක යන ක්‍රීඩකයින් අතරේ කඩුලු 2ක බැඟින් බෙදී ගියේය. රමේෂ් මෙන්ඩිස් සහ නිපුන් කරුණානායක පිතිකරණයෙන් ද දස්කම් දක්වමින් ශතක වාර්තා කරගත් අතර ප්‍රවීන් ජයවික්‍රම පළමු ඉනිම තුළ කඩුලු 5ක් දවා ගනිමින් සිය දස්කම් ප්‍රදර්ශනය කළේය.

මීගමුව ක්‍රිකට් සමාජය සහ ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය 

ටැමිල් යුනියන් පළමු ඉනිම – 184 (49.1):ඩෙවින් පත්මනාදන් 40, රොෂේන් ප්‍රනාන්දු 5/31. 

මීගමුව පළමු ඉනිම – 371 (40):අශේන් සිල්වා 90, ඩිල්ශාන් මුණවීර 85, මාධව වර්ණපුර 84, මදුක ලියනපතිරණ 6/56. 

ටැමිල් යුනියන් දෙවන ඉනිම – 387/9d (96):ධනංජය ද සිල්වා 167, යොහාන් මෙන්ඩිස් 116, ලක්ෂිත රසාංජන 5/137.  

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

එස්. එස්. සී. සහ බදුරලිය 

එස්. එස්. සී. පළමු ඉනිම – 583 (115.1):දසුන් ශානක 128, සඳුන් වීරක්කොඩි 101, චරිත් අසලංක 83, සම්මු අශාන් 75, අලංකාර අසංක 3/97, බුද්ධික සංජීව 3/144. 

බදුරලිය පළමු ඉනිම – 280 (78.5):දමිත් පෙරේරා 113, දුනිත් ජයතුංග 63, තරිඳු රත්නායක 4/73. 

බදුරලිය පළමු ඉනිම – 258/4 (64):දමිත් පෙරේරා 112*, ටී. එන්. සම්පත් 72, තරිඳු රත්නායක 3/72. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

>> යෝධ ලකුණු පුවරු දිස්වූ දවසක්

මුවර්ස් සහ ලංකන්ස් 

මුවර්ස් පළමු ඉනිම – 599/9d (122.4): සචිත්‍ර සේරසිංහ 151, නිපුන් කරුණානායක 142, රමේෂ් මෙන්ඩිස් 104, මොහොමඩ් ශමාස් 81, දුනිත් වෙල්ලාලගේ 4/143. 

ලංකන්ස් පළමු ඉනිම – 320 (82): මාලිංග අමරසිංහ 117, ප්‍රිමෝෂ් පෙරේරා 65, දමිත් සිල්වා 36, ප්‍රවීන් ජයවික්‍රම 5/83, කවිෂ්ක අංජුල 2/49. 

ලංකන්ස් දෙවන ඉනිම ඉනිම (F/O) – 176 (55.3): රිසිත උපමාල් 36, අයන සිරිවර්ධන 2/07, රමේෂ් මෙන්ඩිස් 2/29, කවිෂ්ක අංජුල 2/39. 

මුවර්ස් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 103ක ජයක් හිමි විය.

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<