කාර්තික් හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැටලෙයි

97

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කර්තික් හට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් චෝදනා ගොනු කිරීමේ ලිපියක් යොමු කර තිබෙනවා. ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ඔහුගේ කොන්ත්‍රාත්තුවේ නියමයන් උල්ලංඝණය කළේ යැයි පවසමින්. 

මෙයට හේතුව වූයේ 2019 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගයේ දී, Trinbago Knight Riders කණ්ඩායමේ ක්‍රීඩාගාරය තුළ දිනේෂ් කාර්තික් සිටින රූප රාමු කිහිපයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමයි. 

DJගේ සැමරුම් CPL දී දැක ගැනීමට තිබූ අවස්ථාව අහිමි වේ

විස්සයි විස්ස තරග විශේෂඥයකු ලෙසින් ලොව පුරා සිටින ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර ඉතාමත් ජනප්‍රිය….

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවලට අනුව ක්‍රීඩකයින්ට නිසි අවසර ලබා ගැනීමකින් තොරව වෙනත් කිසිදු ක්‍රීඩා තරගාවලියකට සම්බන්ධ වීම තහනම් වේ.

ඒ නිසාම කාර්තික් හට මෙම කරුණු දැක්වීමේ ලිපිය යොමු කර ඇති අතර ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි රාහුල් ජෝහ්රි එම ලිපියට අත්සන් තබා ඇත. කාර්තික් හට මෙම චෝදනා වලට කරුණු දැක්වීමට සතියක කාලයක් ලබා දී ඇති අතර මෙම චෝදනා පිළිබඳ තොරතුරු සොයා බැලීමට තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් ද පත් කර තිබේ.

කාර්තික් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරන අතර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ Trinbago කණ්ඩායම ද නයිට් රයිඩර්ස් අයිතිකරුවන්ටම අයත් වීම විශේෂත්වයක්. 

Trinbago කණ්ඩායමේ තරගය අතරතුර දී කාර්තික් Trinbago නයිට් රයිඩර්ස් ජර්සියකින් සැරසී පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් අසල අසුන්ගෙන සිටිනු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ විශේෂඥ උපදේශකයෙකු වන අභිෂේක් නායර් ද එහි සිටීම විශේෂත්වයක්. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට මීට දින කිහිපයකට පෙර බ්‍රෙන්ඩන් මැකලම් පත් කරන ලදි.    

34 හැවිරිදි කාර්තික් එංගලන්තයේ පැවැත්වුණු ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දිය කණ්ඩායමට ක්‍රීඩා කළේ විශේෂඥ පිතිකරුවෙක් ලෙසයි. නවසීලන්තය හමුවේ ඉන්දියාව අවසන් පූර්ව තරගයේ දී පරාජය වුණු අතර එම තරගය කාර්තික් අවසන් වරට ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කළ තරගය විය. 

කාර්තික් හට ඉන්දියානු කණ්ඩයමේ එක්දින හා විස්සයි විස්ස අසුන අහිමි වූ අතර පසුව ඔහු තමිල් නාඩු ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ගිවිසුම් ගත විය. එළඹෙන සැප්තැම්බර් 24 දා ආරම්භ වන Vijay Hazare කුසලානයේ දී කාර්තික් තමිල්නාඩු කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

පෙරළිකාර වැඩ සමඟින් නිමා වුන තරගාවලියෙන් පස්සේ ශ්‍රේණිගත කිරීමට වෙච්ච දේ

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා නවසීලන්ත විස්සයි විස්ස තරගාවලිය වාර්තා ‍රැසකින් සමන්විත වූ අතර එම…

ගෙවුණු මාස කිහිපය කාර්තික් හට එතරම් හොඳ කාලයක් වුනේ නැහැ, වරෙක කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සාර්ථකත්වය කරා මෙහෙයවමින් කාර්තික් ජාතික කණ්ඩයමේ සිය ස්ථානය ද වෙන් කර ගත්තා. 

කෙසේ වෙතත් වරෙක IPL ශූරයින් වුණු නයිට් රයිඩර්ස් කණ්ඩායමට 2019 වසර එතරම් සුබ වූයේ නැහැ. ඔහුට ලකුණු රැස් කිරීමට ද නොහැකි වූ අතර පිටියෙන් ඉවත ද ඔහුට ගැටලු කිහිපයක් ඇති වුනා. 

සුපිරි දස්කම් දැක්වූ අන්ද්රේ රසල් මාධ්‍ය ඔස්සේ පවසා තිබුණේ ඔහුට නයිට් රයිඩර්ස් පිතිකරණ ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් ලබා නොදුන් බවයි. කෙසේ වෙතත් පසුව කාර්තික් විසින් මාධ්‍යයට පවසා තිබුණේ රසල් මේ පිළිබඳව තමාට කිසිවක් නොපැවසූ බවයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<