Home Sinhala වත්මන් ලෝක ශූරයින් පරදවමින් දකුණු අප්‍රිකාව පළමු ජය ලබයි

වත්මන් ලෝක ශූරයින් පරදවමින් දකුණු අප්‍රිකාව පළමු ජය ලබයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

344
ICC Twitter

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයේ තරගයක් අද (26) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව අතරයි.

එම තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගන්නට දකුණු අප්‍රිකාවට සමත් වුනා. සුපිරි 12 වටයේ තමන් සහභාගී පළමු තරග පරාජයට පත්වීම නිසාවෙන් දෙපිලටම ඉතා තීරණාත්මක වූ මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

මෙම තරගය සඳහා දකුණු අප්‍රිකානු කඩුලු රකින ක්‍රීඩක Quinton de Kock පෞද්ගලික හේතුවක් නිසාවෙන් සහභාගී නොවන බව දකුණු අප්‍රිකානු නායකයා ප්‍රකාශ කළ අතර ඔහු එලෙස ක්‍රීඩා නොකිරීමට හේතුව වර්ගවාදයට එරෙහිව දණ නවා විරෝධය පෑමට අකැමැත්ත ප්‍රකාශ කිරීම බව වාර්තා වුනා.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ද නිවේදනයක් නිකුත් කරමින් මෙය තහවුරු කළ අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් විසින් එම විරෝධය පෑම අනිවාර්යය බව ද ඔවුන් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

  • දකුණු අප්‍රිකාව: Temba Bavuma (c), Reeza Hendricks, Rassie van der Dussen, Aiden Markram, Heinrich Klaasen (wk), David Miller, Dwaine Pretorius, Keshav Maharaj, Kagiso Rabada, Anrich Nortje, Tabraiz Shamsi
  • බටහිර ඉන්දීය කොදෙව්: Lendl Simmons, Evin Lewis, Chris Gayle, Shimron Hetmyer, Nicholas Pooran (wk), Kieron Pollard (c), Andre Russell, Dwayne Bravo, Akeal Hosein, Hayden Walsh, Ravi Rampaul

දකුණු අප්‍රිකානු නායකයාගේ තීරණයට අභියෝගයක් එල්ල කරමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 73ක සම්බන්ධතාවයක් පිහිටුවීමට Lendl Simmons සහ Evin Lewis සමත් වූ අතර පළමු කඩුල්ල ලෙස Evin Lewis දැවී යන විට පන්දු 35ක දී ලකුණු 56ක් රැස්කරගෙන සිටියා.

එම කඩුල්ලෙන් පසු බටහිර ඉන්දීය කොදෙව්වන්ට දැඩි පීඩනයක් එල්ල කළ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් Nicholas Pooran සහ Chris Gayle ලකුණු 12 බැගින් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කළ අතර මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කළ Simmons පන්දු 35ක දී ලබා ගත්තේ ලකුණු 16ක් පමණයි.

Lewisට අමතරව බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ සාර්ථක පිතිකරුවා වූ නායක Kieron Pollard පන්දු 20ක දී ලබා ගත් ලකුණු 26 නිසාවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 143ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී Dwaine Pretorius ලකුණු 17කට කඩුලු තුනක් සහ Keshav Maharaj ලකුණු 24කට කඩුලු දෙකක් දවා ගත්තා.

ලකුණු 144ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ Temba Bavuma සහ Reeza Hendricks විසිනුයි.

දකුණු අප්‍රිකානු ආරම්භ කඩුල්ල ලකුණු 4කට සීමා කරමින් ලකුණු දෙකක් ලබා සිටි නායක Temba Bavuma දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ට හැකි වුනා.

දෙවැනි කඩුල්ල සඳහා Rassie van der Dussen හා එක්ව ලකුණු 57ක සම්බන්ධතාවයක් ගොඩනැගීමෙන් අනතුරුව ලකුණු 39ක් ලබා සිටි Reeza Hendricks දැවී ගියේ Akeal Hoseinගේ පන්දුවක් හමුවේයි.

ඉන්පසු පිටියේ එක්වූ van der Dussen සහ Aiden Markram පන්දු 54ක දී ලකුණු 84ක නොබිදුණු සම්බන්ධතාවයක් පිහිටුවමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා ගෙන ගියේ පන්දු 8ක් ඉතිරිව තිබිය දීයි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Markram පන්දු 26ක දී ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වූ අතර van der Dussen පන්දු 51ක දී ලකුණු 43ක් රැස්කළා.

පන්දු යැවීමේ දී සාර්ථකව වූ එකම බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නා වූ Akeal Hosein ලකුණු 27කට එක් කඩුල්ලක් දවා ගත්තා.

ලකුණු සාරාංශය,

  • බටහිර ඉන්දීය කොදෙව් – 143/8 (20): Evin Lewis 56, Kieron Pollard 26, Dwaine Pretorius 3/17, Keshav Maharaj 2/24
  • දකුණු අප්‍රිකාව – 144/2 (18.2): Aiden Markram 51*, Rassie van der Dussen 43*, Akeal Hosein 1/27

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


South Africa
144/2 (18.2)

West Indies
143/8 (20)

Batsmen R B 4s 6s SR
Lendl Simmons b Kagiso Rabada 16 33 0 0 48.48
Evin Lewis c Kagiso Rabada b Keshav Maharaj 56 35 3 6 160.00
Nicholas Pooran c David Miller b Keshav Maharaj 12 7 2 0 171.43
Chris Gayle c Heinrich Klaasen b Dwaine Pretorius 12 12 0 1 100.00
Kieron Pollard c Rassie van der Dussen b Dwaine Pretorius 26 20 2 1 130.00
Andre Russell b Anrich Nortje 5 4 1 0 125.00
Shimron Hetmyer run out (David Miller) 1 2 0 0 50.00
Dwayne Bravo not out 8 5 1 0 160.00
Hayden Walsh c Reeza Hendricks b Dwaine Pretorius 0 1 0 0 0.00
Akeal Hosein not out 0 0 0 0 0.00


Extras 7 (b 0 , lb 2 , nb 1, w 4, pen 0)
Total 143/8 (20 Overs, RR: 7.15)
Fall of Wickets 1-73 (10.3) Evin Lewis, 2-87 (12.2) Nicholas Pooran, 3-89 (13.2) Lendl Simmons, 4-121 (17.1) Chris Gayle, 5-132 (18.2) Andre Russell, 6-133 (18.4) Shimron Hetmyer, 7-137 (19.2) Kieron Pollard, 8-137 (19.3) Hayden Walsh,

Bowling O M R W Econ
Aiden Markram 3 1 22 0 7.33
Kagiso Rabada 4 0 27 1 6.75
Anrich Nortje 4 0 14 1 3.50
Keshav Maharaj 4 0 24 2 6.00
Tabraiz Shamsi 3 0 37 0 12.33
Dwaine Pretorius 2 0 17 3 8.50


Batsmen R B 4s 6s SR
Temba Bavuma run out (Andre Russell) 2 3 0 0 66.67
Reeza Hendricks c Shimron Hetmyer b Akeal Hosein 39 30 4 1 130.00
Rassie van der Dussen not out 43 51 3 0 84.31
Aiden Markram not out 51 26 2 4 196.15


Extras 9 (b 0 , lb 1 , nb 0, w 8, pen 0)
Total 144/2 (18.2 Overs, RR: 7.85)
Fall of Wickets 1-4 (0.6) Temba Bavuma, 2-61 (9.2) Reeza Hendricks,

Bowling O M R W Econ
Akeal Hosein 4 0 27 1 6.75
Ravi Rampaul 3 0 22 0 7.33
Andre Russell 3.2 0 36 0 11.25
Hayden Walsh 3 0 26 0 8.67
Dwayne Bravo 4 0 23 0 5.75
Kieron Pollard 1 0 9 0 9.00