ඉන්දියාව පරාජය කිරීම ගැන Babar කතා කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

440
PAK skipper Babar Azam
(IndianExpress)

ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලානයක දී ඉන්දියාව පරාජය කිරීමට පාකිස්තානය ඊයේ (24) සමත් වුනා. ඒ Dubai හි පැවති තරගයක දීයි. ඉන්දියාව රැස් කළ ලකුණු 151 පාකිස්තානය එකදු කඩුල්ලක් හෝ නොදැවී හඹා යන්නට සමත් වීම විශේෂත්වයක්.

පාකිස්තානය වෙනුවෙන් Shaheen Shah කඩුලු තුනක් දවා ගත් අතර Virat Kohli ලකුණු 57ක් හා Rishabh Pant ලකුණු 39ක් බැගින් රැස් කළා. ඉන්දියානු පන්දු යවන්නන් අසරණ කළ පාකිස්තාන ආරම්භක පිතිකරුවන් වන Mohammad Rizwan හා නායක Babar Azam ලකුණු 79ක් හා 68ක් බැගින් රැස් කළා. ඔවුන් දෙදෙනා පන්දු 13ක් ඉතිරිව තිබිය දී එම ඉලක්කය හඹා යෑම විශේෂත්වයක්.

මෙම විශිෂ්ට ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් පාකිස්තාන නායක Azam පවසා සිටියේ ඔවුන් අතීතය අමතක කර මේ තරගය ජයග්‍රහණ කිරීම සඳහා සුදානම් වූ බවයි.

මේක මුළු කණ්ඩායමේම උත්සාහයක්. මුල දී ම ලබා ගත් කඩුලු ඉතා වැදගත් වුනා. ඒක අපිට ගොඩක් විශ්වාසයක් ගෙන දුන්නා. අපේ දඟපන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වා. අපි අපේ සැලසුම් හොඳින් ක්‍රියාත්මක කළා සහ අපි ප්‍රතිඵල ගත්තා. අපි ආරම්භක පිතිකරුවන් වශයෙන් හැමදේම ලොකුවට හිතුවේ නැහැ. කඩුල්ල ටික ටික පිතිකරුවන්ට හොඳ වුනා. ඒ නිසා අපිට අවශ්‍ය වුනේ අවසාන වෙනකම් පිතිකරණයේ යෙදෙන්න. අපි ඒක කළා.”

අපිට මේ තරගයෙන් ලොකු විශ්වාසයක් ලැබුණා. නමුත් අපි තරගය බැගින් තමා හිතන්නේ. තරගාවලියේ තව ගොඩක් දුර යන්න තියෙනවා. අපි හොඳින් සුදානම් වුනා සහ ඉතිහාසය ගැන වැඩිය හිතුවේ නැහැ. අපිට පුහුණු තරගවලින් හා දේශීය තරගාවලිවලින් හොඳ පෙර පුහුණුවක් ලැබුණා. ඒකෙන් අපිට ලොකු විශ්වාසයක් ලැබුණා”, Azam තවදුරටත් පවසා තිබුණා.

HindustanTimes ඇසුරෙන්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<