බංග්ලාදේශ 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි තෙදින තරගයේ දෙවැනි දිනය ඊයේ (07) නිමාවට පත් වුනා.
තරගයේ පළමු දින නිමා වන විට සිය පළමු ඉනිම දියත් කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 286ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඊයේ දිනයේ දී ඔවුන් සිය ඉනිම ලකුණු 304ක් දක්වා ඉදිරියට ගෙන යාමට සමත් වුනා.
මෙහි දී විශිෂ්ට ශතකයක් රැස් කර ගෙන සිටි රෙහාන් පීරිස් ඊයේ දිනයේ සිය ඉනිමට එකදු ලකුණක් හෝ එක් කර ගැනීමට පෙර දවා ගැනීමට බංග්ලාදේශයට හැකියාව ලැබුණා. රෙහාන්ගේ කඩුල්ල ද ඇතුළුව Md Abdur Rahim විසින් බංග්ලාදේශය වෙනුවෙන් කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වීමත් විශේෂත්වයක්.
ශ්‍රී ලංකා පළමු ඉනිමෙන් පසු බංග්ලාදේශය සිය පළමු ඉනිම ආරම්භ කළ අතර, මෙහි දී ඔවුන් ඊයේ දිනය නිමාවන තෙක් කඩුල්ලේ රැඳෙමින් කඩුලු 5කට ලකුණු 231ක් ලබා ගැනීමට සමත් වුනා.
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
මේ වෙනුවෙන් Adrito Ghosh ලකුණු 87ක් එක් කිරීමට සමත් වූ අතර, Md Ridoy Hossain ලකුණු 55කින් ඉනිමට දායක වුනා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ කිත්ම විතානපතිරණ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිම – 286/7 (80) රෙහාන් පීරිස් 139, රජිත් නවෝද්‍ය 48, සෙනුජ වකුණුගොඩ 30, Md Abdur Rahim 5/53, Ahsanul Haque Mahim 3/47
- බංග්ලාදේශ පළමු ඉනිම – 231/5 (62.5) Adrito Ghosh 87, Md Ridoy Hossain 55, කිත්ම විතානපතිරණ 2/35
බංග්ලාදේශය තවමත් කඩුලු 5ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 73ක් පිටුපසින් සිටිනවා.
තරගයේ තෙවැනි සහ අවසන් දිනය අද (08) ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<